ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කීපයක විදුලි බිල්පත් එළබෙන මාසයේ සිට සැලකිය යුතු ප්‍රතිශතයකින් ඉහල යෑමට නියමිත බව සදහන්. වසරකට ඩොලර් දක්වා වූ උපරිමයකින් නිව් සවුත් වේල්ස්, ක්විස්න්ලන්තය, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය සහ ACT යන ප්‍රාන්ත සහ ටෙරටරි වල මෙලෙස විදුලිය මිල ඉහල යාමට නියමිත බව වාර්තා වෙයි.
මිල පාලනය පිළිබද වාර්ෂික විමර්ශනයේ ප්‍රථිපලයක් ලෙස මෙම මිල ඉහල යාම සිදු වන බව සදහන්. වික්ටෝරියා ටස්මේනියා යන ප්‍රාන්ත වල මිල පාලනය වෙනස් ක්‍රම වේදයකට සිදු වන බැවින් එම ප්‍රාන්ත වල මිල ඉහල යාම සිදු වන්නේ ජනවාරි 1දා සිට බව සදහන්. බලශක්ති බෙදා හැරීමේ සහ උත්පාදනයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන AGL සමාගම පමණක් මේ වන විට මිල ඉහල යාම තම පාරිභෝගිකයින්ට ජුලි 1දා සිට බලපාන ආකාරය ප්‍රකාශයට තිබේ. ACT සදහා මෙම මිල ඉහල යාමේ වැඩිම බලපෑම සිදු වන අතර, විදුලි බලයේ මිල 19%කින්ද ගෑස් මිල 18කින් එම කලාපය තුල ඉහල යන බව සදහන්. දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය තුලද විදුලි බිල්පත් 18%කින් ඉහල යනු ඇති බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියානු බලශක්ති වෙළදපොල තුල සිටින අනෙකුත් ප්‍රබල සමාගම් දෙකක් වන Energy Australia සහ Origin Energy තම මිල ඉහල යන ආකාරය ඉදිරි දින කීපය තුලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Source: ABC Australia
ACT හී තරගකාරී වෙළද කටයුතු පාලනය පිළිබද ආයතනය සදහන් කරන ආකාරයට පසුගිය මැයි මාසය දක්වා වූ මස 12 තුල එම කලාපය තුල විදුලිය මිල දෙගුණයකට වද වැඩියෙන් ඉහල ගොස් ඇති බව සදහන්.
මෙම මිල ඉහල යාම පුදුමයට කරුණක් නොවන බවත්, මේ වසර මුලදී අනාවැකි පළ වූ ආකාරයට මිල ඉහල යාම සිදු වී ඇති බවත් ITK energy consultancyආයතනයේ David Leitch පවසයි. Portland ගිවිසුම යටතේ ෆෙඩරල් රජය ලබාදී තිබු සහන ප්‍රතිපාදන නිමා වීමත් සමග මෙලෙස මිල ඉහල යන බව මීට පෙර දන සිටි බව ඔහු වැඩි දුරටත් පවසයි. වික්ටෝරියානු ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටා ඇති Aloca සමාගමට අයත් ඇලුමිනියම් කර්මාන්ත ශාලාව කිලෝ වොට් 510ක පමණ බලශක්තියක් භාවිත කරන අතර, එය සමස්ත ප්‍රාන්ත විදුලි බල පරිභෝජනයෙන් 10%ක් පමණ වන බව සදහන්. අර්බුධයට මුහුණ දී සිටි මෙම කර්මාන්ත ශාලාවට ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන් මගින් පසුගිය ජනවාරි මාසයේ ඩොලර් මිලියන 240ක සහන ප්‍රතිපාදන ලබාදුන් අතර එය විදුලි මිල ඉහල යාම යම් තරමකට පාලනය කර තිබිණි.
කෙසේ නමුත් ක්විස්න්ලන්ත ප්‍රාන්තයට මෙම මිල ඉහල යාමේ අවම බලපෑම ඇති අතර, එම ප්‍රාන්තයට අයිති විදුලි බල ජනනය කිරීමේ යන්ත්‍ර ඇති නිසා මේසේ ප්‍රාන්තය තුල විදුලි මිල ඉහල යාම පාලනය කරගැනීමට ඔවුන් සමත් වී තිබේ. ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත තරගකාරී කොමිසම මගින් එම ප්‍රාන්තයේ විදුලිය මිල 7%- 8% ත් අතර ප්‍රමාණයකින් ඉහල දැමීමට අනුමැතිය ලබාදී ඇති බව සදහන්.