ඔස්ට්‍රේලියාවේ විශාලතම පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සමාගම වන Medibank වෙත එල්ලවූ සයිබර් ප්‍රහාරය සිතුවාට වඩා විශාල බව එම සමාගම පිළිගෙන තිබේ.
එහිදී සමාගම සතු සාමාන්‍ය පාරිභෝගික දත්ත සොරාගෙන ඇති බව අනාවරණය කෙරිණි.
මෙම දත්ත සොරකමෙන් පසුව පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට ලක්ව ඇති වත්මන් සහ හිටපු ගනුදෙනුකරුවන්ව Medibank සමාගම සම්බන්ධ කරගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
හැකර්වරුන් විසින් සොරාගෙන ඇති දත්ත අතරේ Medibank පාරිභෝගික දත්ත අඩංගු ලිපිගොනු මෙන්ම පුද්ගලික සහ සෞඛ්‍ය හිමිකම් තොරතුරු ඇතුළත් offshoot Ahm වෙතින් රක්ෂණ වාර්තා 1,000ක් ඇතුළත් බව සඳහන්.
සොරකමට ලක්වූ මෙම අලුතින් නිකුත් කරන ලද තොරතුරු පසුගිය සතියේ හෙළිදරව් වූ ජාත්‍යන්තර සිසුන් වන පාරිභෝගිකයින්ගේ සහ Ahm රක්ෂණ සමාගමේ දත්තවලට අමතර ඒවා බව ද වාර්තා වේ.

Medibank said the hack had taken a "distressing" turn with the receipt of a series of extra files from the hacker or hackers. Source: AAP / Bianca De Marchi
සොරකම් කරන ලද පාරිභෝගික දත්තවල සම්පූර්ණ ප්‍රමාණය දැන ගැනීමට තවම ඉක්මන් වැඩි නමුත් මෙම දත්ත සොරකමේ ප්‍රමාණය කලින් සිතුවාට වඩා පුළුල් වී ඇති බව Medibank සමාගම පවසයි.
කෙසේවෙතත්, මෙම දත්ත සොරකමේ බලපෑමට ලක්වූ තම පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි මිලියන හතරක් පමණ ගනුදෙනුකරුවන් සිටින Medibank සමාගම අපේක්ෂා කරයි.
LISTEN TO

ඉහල ගිය නිවාස මිලගණන් වල විය හැකි වෙනස්කම් ගැන, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස්
SBS Sinhala
24:11
මෙම දත්ත හැක් කිරීමත් සමඟ තම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විද්‍යුත් තැපෑල, කෙටි පණිවුඩ හෝ දුරකථන ඇමතුම් හරහා ලැබෙන ඕනෑම සැක සහිත පණිවිඩ පිළිබඳව විමසිලිමත් වන ලෙස Medibank සමාගම සිය පාරිභෝගිකයින්ට අනතුරු ඇඟවීය.
මෙම සිදුවීම නිසා Medibank සමාගමේ ප්‍රධාන විධායක David Koczkar තම පාරිභෝගිකයින්ගෙන් සමාව අයැදින බව යලි අවධාරණය කළේය.
"මෙය ද්වේශසහගත ප්‍රහාරයක් වන අතර අපරාධකරුවන් විසින් උපරිම බයක් ඇති කිරීමට සහ හානියක් සිදුකිරීමේ අදහසින් අපගේ ප්‍රජාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයින්ට සිදු කර තිබෙනවා." යනුවෙන් ඔහු පැවසුවේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
දත්ත සොරකම ගැන විමර්ශනයක්
මෙම දත්ත සොරකම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා Medibank සමාගම මධ්‍යම රජයේ ආයතන සමඟ අඛණ්ඩව කටයුතු කරන බව Medibank සමාගමේ ප්‍රධාන විධායක David Koczkar ප්‍රකාශ කළේය.
මේ අතර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මෙම දත්ත හැක් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.
හැකර්වරුන් ගිගාබයිට් 200 ක දත්ත සොරකම් කර ඇති බව පසුගිය සතියේ Medibank සමාගම පැවසූ අතර, පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ඉතිහාසය, වෛද්‍ය සේවා ලැබුණු ස්ථාන සහ ඔවුන්ගේ රෝග විනිශ්චය සහ ක්‍රියා පටිපාටිවලට අදාළ තොරතුරු ඊට ඇතුළත් වී ඇති බව පැවසුවේය.
LISTEN TO

පරිසරවේදීන්ට ලැබෙන "නොබෙල් ත්‍යාගයෙන්" පිදුම් ලැබූ පළමු ලාංකිකයා, ආචාර්ය රොහාන් පෙතියාගොඩ SBS සිංහලට කියූ දෑ
SBS Sinhala
14:37
Medibank සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කරන අතරේ හැකර්වරුන් සොරාගත් තොරතුරු ප්‍රාණ ඇපයට තබාගෙන සිටි බව මධ්‍යම රජයේ සයිබර් ආරක්ෂණ ඇමතිනි Clare O'Neil පැවසුවේය.
සංවේදී දත්ත නිසියාකාරව ආරක්ෂා නොකරන සමාගම් සඳහා දඩුවම් විශාල වශයෙන් වැඩි කරන නව නීති සම්පාදනයක් රජය මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ සඳහා පනවන දඩ මුදල ඩොලර් මිලියන 50, අදාළ කාල සීමාව තුළ සමාගමේ පිරිවැටුමෙන් සියයට 30ක් හෝ සොරකම් කරන ලද දත්ත වලින් ලබාගත් ඕනෑම ප්‍රතිලාභයක වටිනාකම මෙන් තුන් ගුණයක් දක්වා වූ අගයෙන් වැඩිම අගය දක්වා ඉහළ යනු ඇත.