Key Points
- ආචාර්ය රුවංගි ප්‍රනාන්දු පිලිබඳ තොරතුරු
- STEM Sisters ආයතනය සහ එහි ආරම්භය
- 2022 වසරේ Victorian Multicultural Awards for Excellence සම්මාන උළෙලේදී සම්මාන හිමිකරගත් STEM Sisters මගින් නිකුත් කරන MAGNIFY ඩිජිටල් සඟරාව
- මින් පෙර ආචාර්ය රුවංගි ලබාගත් සම්මාන පිලිබඳ මතකය අවදි කිරීමක්
- මේ දක්වා පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වුන අභියෝග
- ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කාන්තාවක් වශයෙන් සෙසු කාන්තාවන්ට ලබාදෙන උපදේශය
- STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත) යන ක්සේස්ත්‍ර වල කාන්තා ශ්‍රම බලකායේ තිබෙන විවිධත්වය සම්බන්ධයෙන් රුවන්ගි ගේ මතය
- ඉදිරි බලාපොරොත්තු
SBS සිංහල සේවයෙන් නිරතුරුව ඔබට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සහ ඔස්ට්‍රේලියාව හා සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිදු කරන විවිධ පර්යේෂණ කටයුතු මෙන්ම ඔවුන් විවිධ ආකාරයෙන් සම්මානයට පාත්‍ර වීම් පිලිබඳ තොරතුරු ගෙන ඒම සිදු කරයි.
2022 වසරේදී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ආචාර්යවරියක් Melbourne Asia Game Changer සම්මානයෙන් පිදුම් ලැබීම සිදු වන්නේ කලා, සෞඛ්‍ය, විද්‍යා, ක්‍රීඩා, ව්‍යාපාර, මාධ්‍ය සහ ප්‍රජා උපදේශන යන ක්ෂේත්‍ර ඔස්සේ ආසියානු කලාපය සහ ඔස්ට්‍රේලියාව අතර සබඳතාවයට ධනාත්මක දායකත්වයක් සැපයීම සම්බන්ධයෙන්
ඇය නමින් ආචාර්ය රුවංගි ප්‍රනාන්දු
එමෙන්ම ඕස්ට්‍රේලියාව තුල සිටින සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධතත්වයක් උසුලන කාන්තාවන් හට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිතයන අංශ වල කටයුතු කිරීම සඳහා උපදේශන සහ කුසලතා මූලාශ්‍ර සැපයීමට කටයුතු කරන STEM Sisters ආයතනයත් ආරම්භ වන්නේ ආචාර්ය රුවංගි ගේ මුලිකත්වයෙන්. මෙම STEM Sisters ආයතනය ඔස්ට්‍රේලියාව තුල සිදු කරන සේවාව මත මෑතකාලීනව ඔස්ට්‍රේලියාවේ සම්මාන රැසකට පාත්‍ර වීමත් සිදුව තිබේ.
ආචාර්ය රුවංගි ප්‍රනාන්දු පිලිබඳ තොරතුරු
තමන් දෙමාපියන් සහ වැඩිමහල් සහෝදරිය සමග ශ්‍රී ලංකාවේ කලුතර ප්‍රදේශයේ හැදී වැඩී ඇති අතර මේ වන විට පියා ජිවතුන් අතර නොසිටින බව මේ කතාබහ ඇරඹුමේදී රුවංගි අපත් සමග පැවසුවාය.
ඇය කලුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිය ඉගෙනුම් කටයුතු සිදු කොට ඇති අතර සිය ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව තිබේ.
මේ අතරම ආචාර්ය රුවංගි ශ්‍රී ලංකාවේ සිට, එංගලන්තයේ University of Wolverhampton හි තවත් ශාස්ත්‍රපති උපාධියක් හදාරා තිබේ.
අනතුරුව කථිකාචාර්යවරියක වශයෙන්ද ඇය කටයුතු කොට ඇති අතර, තොරතුරු තාක්ෂනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකම රැකියාවේ නිරතව තිබේ.

Credit: Supplied by Dr Ruwangi Fernando
කෙසේ නමුත් අනතුරුව ආචාර්ය රුවංගි තම ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යාවක වශයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර ඒ වනවිට අයගේ වැඩිමහල් සහෝදරිය ඕස්ට්‍රේලියාවේ වාසය කල බවත් ඇය පැවසුවාය.
අනතුරුව මෙල්බර්න් හි Victoria University මගින් ආචාර්ය උපාධිය ඇය හදාරා තිබේ.
තමා ආචාර්ය උපාධිය හදාරන අතරතුර ඇය වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුබද්ධව කටයුතු කල බවත් එහිදී ප්‍රාන්තය තුල විශේෂ උත්සව සහ වෙනත් සුවිශේෂී අවස්ථා වලදී ඇතිවියහැකි රථවාහන තදබදය අවම කිරීම සම්බන්ධයෙන් අධ්‍යන රැසක් සිදු කල බවත් ආචාර්ය රුවංගි පැවසුවාය.
STEM Sisters ආයතනය සහ එහි ආරම්භය
රුවංගි අපත් සමග පැවසුවේ ඔස්ට්‍රේලියාවට පැමිනීමෙන් අනතුරුව මෙහි තිබෙන තොරතුරු තාක්ෂණ ප්‍රජා කණ්ඩායම් සමග කටයුතු කිරීමට තමන්ට දැඩි අවශ්‍යතාවයක් පැවති බවයි.
මේ හේතුවෙන් තමන් මේ ප්‍රජා කණ්ඩායම් සිදු කරන විවිධ කටයුතු සඳහා සහභාගී වූ අතර එහිදී බොහෝ පිරිසක් විවිධ රැකියා අවස්ථා සොයමින් පැමිණෙන බව දුටු බවත් ඇය පැවසීය.
STEM වශයෙන් හැඳින්වෙන විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත යන ක්ෂේස්ත්‍ර තුල කාන්තා නියෝජනයේ පවතින අඩුකම ගෝලීයව දක්නට ලැබෙන ගැටළුවක් වන අතර, මේ ඔස්සේ තිබෙන කාන්තා පුරුෂ නියෝජනයේ අසමතුලිත බව ගැටලුකාරී වන බවත් ආචාර්ය රුවංගි පෙන්වා දෙයි.
විශේෂයෙන්ම කාන්තාවන් හට මෙවැනි ක්ෂේස්ත්‍ර තුල රැකියා සිදු කිරීම සඳහා අභියෝගාත්මක තත්වයක් පවතින අතර වෙනත් රටවල ඉපදුනු භාෂාමය සහ සංස්කෘතිකමය වශයෙන් වෙනස් වූ කාන්තාවන් හට මෙම අභියෝගය තවත් ඉහල වන බව රුවංගි අවධාරණය කරයි.

Credit: Supplied by Dr Ruwangi Fernando
කාන්තාවන්ට පැවති මෙම අභියෝග ඕස්ට්‍රේලියාව තුලත් දක්නට ලැබුණු අතර, කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් එවකට නිසි නිර්වචනයක් නොපැවති බවත් ආචාර්ය රුවංගි කියා සිටී.
කෙසේ නමුත් කාන්තාවන්ට මෙම විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත යන ක්ෂේස්ත්‍ර තුල රැකියා සිදු කිරීම අභියෝගාත්මක වුවත් එම ක්ෂේස්ත්‍ර තුල අවස්ථා රැසක්ද පැවතීම පුදුමයට කරුණක් වන බව රුවංගි කියා සිටී.
උදාහරණයක් වශයෙන් ඇය පෙන්වා දෙන්නේ, කෘතීම බුද්ධිය (AI) සම්බන්ධයෙන් වන ක්ෂේස්ත්‍රය තුල රැකියා අවස්ථා රැසක් පවතින අවස්ථාවකදීත් එම ක්ෂේස්ත්‍ර තුල ඉගෙනුම අවසන් කල කාන්තාවන්ට රැකියා සොයාගැනීම දැඩි අපහසු කටයුත්තක් වූ බවයි.
මෙම ගැටලුකාරී වාතාවරණය නිරාකරණය කිරීම අරමුණු කරගනිමින් පළමුවෙන්ම ඇය STEM Sisters ආයතනය ආරම්භ කොට තිබේ.
සුලු වශයෙන් ඇරඹුණු මෙම ආයතනය මේ වනවිට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර, විශේෂයෙන්ම අලුතින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන කාන්තාවන් සඳහා LinkedIn ඔස්සේ තොරතුරු ලබාදීමට මෙම STEM Sisters ආයතනය සහයෝගය ලබා දෙයි.
මෙම ආයතනය ඔස්සේ ඊට සම්බන්ධ වන නිපුණතා සහිත කාන්තාවන්ට රැකියා ලබාගැනීම සම්බන්ධයෙන් ආත්ම විශ්වාසය ඉහල දැමීම ප්‍රධාන වශයෙන් සිදු කරන අතර, මීට අමතරව ඕස්ට්‍රේලියාවේ නිසි ආයතන සහ බලධාරීන්ට මෙම ගැටලු සම්බන්ධයෙන් සඳහන් කිරීම සිදු කරන බවත් ආචාර්ය රුවංගි සඳහන් කොට සිටී.
2022 වසරේ Victorian Multicultural Awards for Excellence සම්මාන උළෙලේදී සම්මාන හිමිකරගත් STEM Sisters මගින් නිකුත් කරන MAGNIFY ඩිජිටල් සඟරාව
2022 වසරේ හිමි වූ සම්මාන රැසකින් මෙම සඟරාව සඳහා සුවිශේෂී බව ආචාර්ය රුවංගි කියා සිටී.
මෙම MAGNIFY සඟරාව සෑම මාස 3ටම වරක් නිකුත් කරන අතර එක් සඟරාවක ලිපි 12ක් පමණ ඇතුලත් වේ.
මෙම ලිපි ඔස්සේ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත යන ක්ෂේස්ත්‍ර තුල රැකියාවේ නිරත කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු රැගෙන එම සිදු කරයි. මේ ඔස්සේ සෙසු කාන්තාවන් දිරිගැන්වීම අපේක්ෂාවයි.

Credit: Supplied by Dr Ruwangi Fernando
මෑතකදී එළිදැක්වුණු දත්ත වාර්තා අනුව ඔස්ට්‍රේලියාව තුල මෙම ක්ෂේස්ත්‍ර තුල රැකියා සිදු කරන කාන්තාවන්ගෙන් බහුතරයක් සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ වන නමුත් මෙම ක්ෂේස්ත්‍රයේ විවිධ කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වය මදකමක් දක්නට ලැබෙන බවත් ආචාර්ය රුවංගි පෙන්වා දෙයි.
මාධ්‍ය පසුබිමකින් තොරව සිටින පිරිසක් ඒකාබද්ධව මෙවැනි කටයුත්තක් සිදු කිරීමත් ආඩම්බරයක් බවයි ඇය පෙන්වා දෙන්නේ.
මින් පෙර ආචාර්ය රුවංගි ලබාගත් සම්මාන පිලිබඳ මතකය අවදි කිරීමක්
ලබාගත් සම්මාන පිලිබඳ මතකය අවදි කරමින්, අප නැගු පැනයට පිළිතුරු දෙමින් ආචාර්ය රුවංගි සඳහන් කොට සිටියේ, ඇය ඔස්ට්‍රේලියාව තුල ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතරතුරදී STEM Sisters ආයතනය පටන්ගත් අතර කෙසේ නමුත් අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් අනතුරුව මේ සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට සිතූ බවයි.
මෙම ප්‍රමුඛත්වය ලබාදීමේ ප්‍රතිපලයක් වශයෙන් ආචාර්ය රුවංගි සහ ඇයගේ මුලිකත්වයෙන් ආරම්භ වූ STEM Sisters ආයතනය ජාතිකමය සහ ප්‍රාන්තමය වශයෙන් සම්මාන රැසකට 2022 වසරේදී පාත්‍ර වී තිබේ.
- Tech Diversity Business Awards 2022
- Victorian International education excellence award 2022
- 2022 Victorian Multicultural excellence Media award for MAGNIFY (STEM Sisters magazine)
- 2022 Female Founder Grant Challenge - iSTEM Co.
- Melbourne Asia Game Changer Awards 2022
මෙහිදී Melbourne Asia Game Changer සම්මානය සම්බන්ධයෙන් රුවංගි අපත් සමග පැවසුවේ මෙය ජාතිකමය වශයෙන් පිරිනැමෙන සම්මානයක් වන බවයි.
ආසියානු කලාපයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඔස්ට්‍රේලියාව සහ ආසියාව අතර සඹඳතා සඳහා දායකත්වයක් සැපයීම සිදු කරන පිරිසට මෙම සම්මානය පිරිනැමේ.

Credit: Supplied by Dr Ruwangi Fernando
මෙහිදී කොවිඩ් වසංගත තත්වයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව තුල සුවිශේෂී වෙනසක් සිදු කිරීමට දායකත්වයක් දැක්වීම සම්බන්ධයෙන් රුවංගි හට මෙම සම්මානය ලැබී තිබේ.
ඇය තවත් මිතුරියක සමග ආරම්භ කොට ඇති iSTEM Co.සමාගම ඔස්සේ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත යන ක්ෂේස්ත්‍ර තුල කාන්තාවන් රැකියාවේ යෙදවීම සඳහා එම ක්ෂේස්ත්‍රයන්හි විවිධ ආයතන සමග කටයුතු කිරීම සිදු කරයි.
මේ මගින් වන සේවාව ඇගයීමක් වශයෙන් ආචාර්ය රුවංගිට මෙම Melbourne Asia Game Changer සම්මානය පසුගිය වසරේ හිමිව තිබේ.
මේ දක්වා පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වුන අභියෝග
ආචාර්ය රුවංගි අපේ මේ පැනයට පිළිතුරු දෙමින් කියා සිටියේ සෑම අයකුම මෙන් තමන්ටද මෙම ගමනේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ අතර, කෙසේ නමුත් තමන් එය අවස්ථාවන් වශයෙන් දුටු බවයි.
විශේෂයෙන්ම ලංකාවේ උපන් අයකු වශයෙන් සෙසු සෑම අයකු මෙන්ම තමන්ටත් අභියෝග දරාගැනීමට හැකි වූ බවත් ඇය පැවසුවාය.
යම් අභියෝගයක් හේතුවෙන් මානසිකව වැටුණු අවස්ථා වලදී යලිත් එම අභියෝග ජය ගැනීමට සෑම විටම උත්සාහ කල බවත්, තමාගේ දෛවය තමා සතුවන බව හැඟීම වූ බවත් ආචාර්ය රුවංගි කියා සිටී.

Credit: Supplied by Dr Ruwangi Fernando
ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පැවසුවේ ඔස්ට්‍රේලියාව තුල, විශ්වවිද්‍යාලයෙන්, තම පවුලෙන් සහ මිතුරන්ගෙන් මෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලංකික ප්‍රජාවෙන්ද දැඩි සහායක් තම කටයුතු සඳහා ලැබුණු බවයි.
විශේෂයෙන්ම සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් වෙනස් නොවන පිරිසගෙන් පවා තමාට ඉතා ඉහල දායකත්වයක් ඔස්ට්‍රේලියාව තුලදී හිමි වූ බවත් ඇය කියා සිටී.
කෙසේ නමුත් තමා සතුව ඉලක්ක තබාගනිමින් ඒවා වෙත යාම ඔස්සේ අභියෝග අනිවාර්යයෙන්ම ජයගත හැකි බවත් ආචාර්ය රුවන්ගි පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කාන්තාවක් වශයෙන් සෙසු කාන්තාවන්ට ලබාදෙන උපදේශය
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ කාන්තාවන් තමාගේ ක්ෂේස්ත්‍රය තුල තිබෙන ප්‍රජා කණ්ඩායම් සමග මුහු වීම ඉතා වැදගත් වන බව ආචාර්ය රුවංගි කියා සිටී
තමන් පෞද්ගලිකව Linkedin භාවිත කිරීම ඔස්සේ හැඳුනුම්කම් රැසක් සදා ගැනීමට කටයුතු කල අතර එය තම ගමන සාර්ථක කරගැනීම සඳහා මනා පිටිවහලක් වූ බව ඇය පවසයි
එමෙන්ම මුලිකවම ප්‍රතිලාභ නොලැබුනත් ස්වෙච්චා කටයුතු සඳහා සහභාගී වීමත් වැදගත් වන අතර ඒ ඔස්සේ තමන් සතුව ඇති සුදුසුකම් සෙසු පිරිසට හඳුනාගැනීමට ඉඩ සැලැස්විය යුතු බව ඇය කියා සිටී.
මේ සඳහා වැඩසටහන් සහ අවස්ථා රැසක් ඔස්ට්‍රේලියාව තුල තිබෙන බවත් ඇය පෙන්වා දෙමින් කියා සිටින්නේ ජාත්‍යන්තර සිසුවකු වශයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිසට තම විශ්වවිද්‍යාලය, නායකත්ව ලක්ෂණ ගොඩනගාගැනීමට හොඳම තෝතැන්නක් වන බවයි.
ඕස්ට්‍රේලියාවේ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු විද්‍යා සහ ගණිත යන ක්සේස්ත්‍ර වල කාන්තා ශ්‍රම බලකායේ තිබෙන විවිධත්වය සම්බන්ධයෙන් රුවංගි ගේ මතය
මේ සඳහා මෑතකාලීනව එළිදැක්වුණු දත්ත පෙන්වා දෙමින් ආචාර්ය රුවංගි පවසන්නේ ඕස්ට්‍රේලියාවේ මෙම ක්ෂේස්ත්‍ර වල රැකියාවේ නිරත පිරිසෙන් 56%ක් සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ වූ කාන්තාවන් වන බවයි.
කෙසේ නමුත් මේ අතරම ඕස්ට්‍රේලියාවේ ඉපදුනු කාන්තාවකට වඩා මෙම ක්ෂේස්ත්‍රය තුල සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ වූ කාන්තාවන් විරැකියාවෙන් සිටින ප්‍රතිශතය 4%කින් ඉහල අගයක් ගන්නා බවත් ඇය කියා සිටී.

Credit: Supplied by Dr Ruwangi Fernando
මේ හේතුවෙන් සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ වූ කාන්තාවන් මේ සඳහා නියමිත ක්‍රියාමාර්ග අනුගමන කල යුතු අතර නිසි තීරණ ගැනීම සහ නිසි ප්‍රවේශ ලබාගැනීම සිදු කල යුතු බවත් ආචාර්ය රුවංගි පවසයි.
කෙසේ නමුත් ය කියා සිටින්නේ මෙවැනි ආකාරයේ වූ ගැටලු සඳහා තමා ආරම්භ කල සංවිධානය කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා රජයේත් ඉහල දායකත්වක් පවතින බවයි.
ඉදිරි බලාපොරොත්තු
මේ සඳහා ආචාර්ය රුවංගි කියා සිටියේ මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ තිබෙන මෙම STEM Sisters සංවිධානය 2023 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටත් ව්‍යාප්ත කිරීම ප්‍රධානතම බලාපොරොත්තුව වන බවයි.

Credit: Supplied by Dr Ruwangi Fernando
ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත කරමින් මෙය ජාතික සංවිධානයක් බවට පත් කිරීමත් බලාපොරොත්තුව වන බවත් ඇය කියා සිටී
එමෙන්ම iSTEM Co. ආයතනය ඔස්සේත් රැකියා අවස්ථා සොයා දෙන කාන්තාවන් පිළිබඳව සහ ඔවුන් මුහුණ දිය හැකි ගැටළු සම්බන්ධයෙන් යම් කාලසීමාවක් පුරා සොයාබැලීම් සිදු කිරීම දක්වා එම ආයතනය වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වන බව ඇය අවසන් වශයෙන් අපත් සමග පැවසුවාය.