ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් ඔස්ට්‍රේලියාවට තවමත් ප්රතිලාභ රැසක් අත්වෙන බව බහුතරයක් ඔස්ට්‍රේලියානුවාසීන් පිළිගන්නා බව සංක්‍රමණිකයින් සහ ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය පිළිබඳ සිදුකළ වාර්ෂික සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය පාලනය කිරීම උදෙසා ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන ස්ථිර සංක්රමණිකයින්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීමට මධ්‍යම රජය අදහස් කර ඇති අවධියක මෙම සමීක්ෂණ ප්‍රතිඵලය සුවිශේෂී සාකච්ඡාවකට බඳුන් වී තිබේ.

Source: AAP
සංක්‍රමණිකයින් පිළිබඳ වාර්ෂික සමීක්ෂණය
Philanthropic Scanlon පදනම මගින් සංවිධානය කළ 2018 Mapping Social Cohesion සමීක්ෂණය හරහා මේ තොරතුරු අනාවරණය වී තිබේ.
සංක්‍රමණික ජනතාවගෙන් ඔස්ට්‍රේලියාවට විශාල ප්රතිලාභ අත්වන බව එයට සහභාගී වූ සෑම ඔස්ට්‍රේලියානු වාසීන් 5 දෙනෙකුගෙන් 4 දෙනෙකුම පවසා ඇත.
අහඹු ලෙස තෝරාගත් ඔස්ට්‍රේලියානු වාසීන් 1500 දෙනෙකු සහභාගී කරවාගනිමින් මෙම සමීක්ෂණය මෙහෙයවා තිබේ.

Source: AAP
සමීක්ෂණ ප්‍රතිඵල
- ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු සමාජයට, ආර්ථිකයට සහ සංස්කෘතියට විශාල වශයෙන් ප්රතිලාභ රැසක් අත්කරදෙන බව 82% ක් පවසා තිබේ.
- සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සාමන්‍ය මට්ටමින් දායක වන බව 8% ක පිරිසක් පවසා ඇත.
- වර්තමානයේ ක්‍රියාත්මක ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව වන 190,000 නිවැරදිද නැතිනම් එය තවත් වැඩි කළ යුතුද යන්න 52% ක් දෙනා පවසා තිබේ.
- නමුත් වර්තමානයේ ක්‍රියාත්මක ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව ඉතා ඉහළ බව 43% පිරිසක් පවසා ඇත.
- පසුගිය වසරේදී එම ප්‍රමාණය 37% ක් වූ බවද වාර්තා වේ.
- ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදයට සංක්‍රමණිකයින් ප්‍රධාන වශයෙන් බලපාන බව 54% පිරිසක් ප්‍රකාශ කර තිබේ.
- ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යාමට සංක්‍රමණිකයින් ප්‍රධාන වශයෙන් බලපාන බව 49% පිරිසක් ප්‍රකාශ කර ඇත.
- ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමතුලිතව පාලනය කිරීමට ඔස්ට්‍රේලියානු රජයට නොහැකි වී ඇති බව 48% පිරිසක් ප්‍රකාශ කළේය.
- ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිකත්වයට 85% ක් දෙනා කැමති බවද එහිදී හෙළි විය.
- ඔස්ට්‍රේලියානු සමාජයට ගැලපෙන අයුරින් සංක්‍රමණිකයින් තම ආකල්ප වෙනස් කරගත යුතු බව 54% ක් දෙනා පවසා තිබේ.
- සුළු ජන කණ්ඩායම් වලට තම සාම්ප්‍රදායන් පවත්වාගෙන යාමට මධ්‍යම රජය සහය දිය යුතු බවට තවත් 37% ක පිරිසක් ප්‍රකාශ කළේය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඔබ ආහාර පිසින විට භාවිත කරන්නේ ඊට සුදුසුම තෙල් වර්ගයද? (SBS සිංහල/වාර්තා)