අද (12/02) මධ්‍යම රාත්‍රී 12 සිට එළඹෙන බදාදා (17/02) මධ්‍යම රාත්‍රිය වන තෙක් වික්ටෝරියා ප්‍රාන්තයටම දින 5 ක lockdown කාලයක් බල පැවැත්වේ.
වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews මීට සුළු මොහොතකට පෙර මේ බව නිවේදනය කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
මෙල්බර්න් Holiday Inn හෝටලයේ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයින් සංඛ්‍යාව අද (12/02) පෙරවරුව වන විට 19 දක්වා වර්ධනය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
ඒ සියලු ආසාදිතයින් හට වැළදී ඇත්තේ එක්සත් රාජධානියේ Covid-19 ප්‍රභේදය නිසා මෙම තත්ත්වය ඉතා අවදානම් සහගත බව ඔහු සඳහන් කළේය.
එක්සත් රාජධානියේ Covid-19 ප්‍රභේදය ඉතා ශීග්‍රයෙන් සමාජයේ සම්ප්‍රේෂණය වන නිසා වයිරසය ප්‍රාන්තය පුරාම පැතිරීම වළක්වාලමින් ආසාදිතයින් ලුහු බැඳ යාම පහසු කිරීම සඳහා මෙම දින 5 ක lockdown කාලය බලාත්මක කළ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews වැඩි දුරටත් සඳහන් කළේය.
පෙබරවාරි 12 මධ්‍යම රාත්‍රියේ සිට පැනවෙන lockdown නීති
- නිවසින් බැහැරව යා හැක්කේ පහත සඳහන් හේතු 4 ට පමණි.
- අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට
- වෛද්‍ය සේවා හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට හෝ වෙනත් අයෙකුව රැක බලා ගැනීමට
- ව්‍යායාම් කිරීමට
- රැකියා කටයුතු සඳහා
- ව්‍යායාම් කිරීම සහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඔබේ නිවසේ සිට කිලෝ මීටර් 5 ක දුරක් දක්වා පමණක් යාමට අවසර ලැබේ.
- නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
- නිවසට කිසිදු අමුත්තෙකු ගෙන්වා ගත නොහැකිය.
- පොදු ස්ථාන වල හෝ එළිමහන් ස්ථාන වල මහජන රැස්වීම් තහනම්ය.
- සියලු පාසල් වසා දැමෙන නමුත් අත්‍යවශ්‍ය රැකියා සඳහා යන දෙමාපියන්ගේ දරුවන්ට පාසල් විවෘත වේ.
- Child care මධ්‍යස්ථාන විවෘතව පවතී.
- අවන්හල්, ආපනශාලා සියල්ල Take Away සේවාවන් සඳහා පමණක් විවෘත කිරීමට අවසර ඇත.
- ආගමික ස්ථාන වසා දැමෙන අතර ආගමික හමු තහනම්ය.
- අවමංගල උත්සව 10 දෙනෙකුට පමණක් සීමා වේ.
- සානුකම්පිත හේතු මත හැර විවාහ මංගල්‍ය උත්සව සඳහා අවසර නැත.

Quarantining hotel guest at the Holiday Inn near the Airport are moved to a new location in Melbourne. Source: AAP
3 වන කොරෝනා රැල්ලක් ඇතිවීම නැවත්වීම අරමුණ යි
විනාශකාරී තුන්වන කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම lockdown කිරීම තීරණය කළ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසුවේය.
"තෙවන කොරෝනා රැල්ල ව්‍යසනකාරී වනු ඇත, විශේෂයෙන් අපගේ අවදානමට ලක්විය හැකි වික්ටෝරියානුවන්ට." යනුවෙන් ඔහු පැවසුවේය.
මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් ගේ සමීපතම ආශ්‍රිතයින් 905 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් සියලු දෙනාම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් වාර්තා වේ.
මෙල්බර්න් වැසියන් වික්ටෝරියා ප්‍රාදේශීය කලාප වෙත සංචාරය කරන හෙයින් සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තයටම lockdown නීති පැනවීමට පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැහැදිලි කළේය.

Source: AAP
මෙල්බර්න් ගුවන් තොටුපොළේ අවන්හලකටත් කොරෝනා අනතුරු ඇඟවීම්
මෙල්බර්න් ගුවන් තොටුපොළේ 4 වන පර්යන්තයේ පිහිටි Brunetti cafe හට කොරෝනා ආසාදිතයෙකු පැමිණි බව හඳුනාගැනීමෙන් අනතුරුව අද (12/02) පෙරවරුවේ එය කොරෝනා අනතුරු ඇඟවීම් ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.
ඒ අනුව පෙබරවාරි 9 වන දින අළුයම 4.45 සිට පස්වරු 1.15 දක්වා කාලය තුළ එම අවන්හලට ගිය සියලුම පුද්ගලයින් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගෙන ඍණාත්මක ප්‍රතිඵලයක් පැමිණෙන තෙක් ස්වයං නිරෝධායනය විය යුතුය.
ඊට අමතරව වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර ඍණාත්මක ප්‍රතිඵලයක් පැමිණෙන තෙක් ස්වයං නිරෝධායනය විය යුතු බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.