එංගලන්තයේදී මේ මස 30 වැනිදා ආරම්භ වන ICC එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 ටම තම සංවිධානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියකු බැගින් අනුයුක්ත කරන බව ICC ය හෙවත් අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය පවසයි.
තරගාවලියේ පුහුණු තරග හෙට සිට මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව පුහුණු තරඟ වල සිට තරගාවලියේ අවසානය දක්වාම ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරියා කණ්ඩායම සමඟ රැදී සිටියි.
එම දූෂණ මර්දන නිලධාරියා කණ්ඩායම නවාතැන් ගන්නා හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත අතර කණ්ඩායම සමඟ තරගවලට සහ පුහුණු සැසිවලට ද සහභාගි වෙයි.
මෙවර ලෝක කුසලාන තරගාවලිය දූෂිත ක්රියාවලින් තොර තරගාවලියක් බවට පත්කිරීම සහ ක්රීඩකයන් සහ අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අතර හොඳ සම්බන්ධතාවක් ගොඩනැගීම මෙහි අරමුණ බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය පවසයි.

How to listen SBS Sinhala Radio Source: SBS Sinhala