2020 වන විට ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල වෙත පැමිණෙන 90% ක් පමණ ගුවන් මගීන්ව ඉහළ ආරක්ෂාව සඳහා ස්වයංක්‍රීයව මෙහෙයවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරටට පැමිණීමේදී භාවිත කරන passenger cards හෙවත් මගී පත්‍රිකාව අවලංගු කර ආගමන විගමන නිලධාරියෙකු විසින් සිදු කරන කාර්යය ඉලෙක්ට්‍රොනික් පද්ධතියකට සිදු කිරීමට පැවරෙනු ඇත.
මෙහි පළමු පියවර ලෙස ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගුවන් තොටුපොළවල වෙත මෙම වසරේදී පැමිණෙන ගුවන් මගීන් සඳහා “contactless” පද්ධතියක් නිර්මාණය කිරීමට යන බව Fairfax මාධ්‍ය ජාලය වාර්තා කළේය.
ඒ අනුව මෙරටට පැමිණෙන ගුවන් මගීන් ගුවන් තොටුපොළේදී තම ගුවන් බලපත්‍රය පෙන්වීම අනවශ්‍ය වන බවත් ඒ වෙනුවට ඔවුන්ගේ මුහුණ, තාරා මණ්ඩලය (කළු ඉංගිරියාව) හෝ ඇඟිලි සළකුණු පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.
මෙම නව පද්ධතිය පැමිණීමෙන් පසු දැනට ගුවන් බලපත්‍ර ඉලෙක්ට්‍රොනිකව scan කරන SmartGates ඉවත් කරනු ඇති බවද වාර්තා වේ.
මෙම ස්වයංක්‍රීය නව පද්ධතිය ගුවන් මගීන් හට සරළ ක්‍රියාවලියක් වනු ඇති බවත් එමගින් ආරක්ෂක කටයුතු සඳහා ප්‍රමාණාත්මකව ඉහළ ගුවන් මගීන් සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමේ කටයුතු ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව ට පහසු වනු ඇති බවද එහි විශේෂ නියෝජිතවරියෙකු පැවසුවාය.
මෙම පද්ධතිය මෙවැනි ආකාරයේ ලොව පළමු ස්වයංක්‍රීය පද්ධතිය බවද ඔස්ට්‍රේලියානු ක්‍රමෝපාය ප්‍රතිපත්ති ආයතනයේ දේශ සීමා ආරක්ෂණය පිළිබඳ ප්‍රධානී John Coyne පැවසීය.
මෙම පද්ධතිය ස්ථාපනය කිරීමේ අරමුණ වන්නේ දේශීය ගුවන් තොටුපොලකින් ගුවන් මගීන් පිටතට යනවා සේම ජාත්‍යන්තර ගුවන් මගීන්ට ද ඔවුන්ගේ වමිතික (biometric) පරීක්ෂණයෙන් පසුව සාමාන්‍ය පරිදි පිටතට පැමිණීමට අවස්ථාව ලබා දීම බව පැවසේ.
දත්ත වල ශක්තියෙන් කාර්ය්කෂමතාව ඉහළ දැමීම අපගේ බලාපොරොත්තුව බවද John Coyne පැවසීය.
2019 – 20 වන විට ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල 90% ක්ම ගුවන් මගීන් මෙම ස්වයංක්‍රීය පද්ධතිය මගින් මෙහෙයවීමට රජය අපේක්ෂා කරයි.
පැමිණෙන ගුවන් මගීන් ගේ පැමිණීමේ කටයුතු සහ අනන්‍යතාව තහවුරු කෙරෙන ස්වයංක්‍රීය පද්ධතියක් සඳහා නිර්මාණාත්මක විසඳුම් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමක් දෙපාර්තමේන්තුව සිදු කරන බව ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිතවරියක් පැවසුවාය.
ඒ අනුව දැනට සැලසුම් කළ ආකෘතියක් මේ සඳහා නොමැති බවත් මේ වන විට ක්‍රියාත්මක වන SmartGates සංකල්පයයෙන් එය වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳවද තීරණයකට පැමිණ නැති බවත් ඇය පැවසුවාය.
මෙම නව පද්ධතිය එළඹෙන ජූලි මාසය වන විට Canberra ගුවන් තොටුපොළ වෙත හඳුන්වා දීමට අපේක්ෂිත අතර නවසීලන්තයට හා සිංගප්පූරුවට සීමිත ගුවන් සේවා සංඛ්‍යාවක් ක්‍රියාත්මක වීම ඊට හේතුව වේ.
ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන ගුවන් තොටුපොළ වෙත මෙය එළඹෙන නොවැම්බර් මාසයේදී හඳුන්වා දීමට නියමිතය.

Melbourne Airport International Arrivals Source: www.blog.omy.sg
2019 වන විට සියල්ල අවසන්.
මෙම ස්වයංක්‍රීය පද්ධතිය 2019 වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන ගුවන් තොටුපොළවල ස්ථාපනය කර අවසන් කිරීමට අපේක්ෂිත බව සඳහන්.
තවමත් මෙම පද්ධතියේ නිර්මාණය පිළිබඳ විසඳුම් ආකෘතියක් නොමැතිව තිබියදීත් ඉහත සඳහන් කාල වකවානු වලදී මෙම ව්‍යාපෘතිය නිසැකවම අවසන් කරන්නේ කෙසේදැයි නැගූ පැනයකට දෙපාර්තමේන්තු විශේෂ නියෝජිතවරිය පැවසුවේ SmartGates ව්‍යාපෘතියේ සාර්ථකත්වය ඊට කදිම නිදසුනක් බවයි.
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ගුවන් තොටුපළ වල SmartGates පද්ධතිය හරහා මෙම නව පද්ධතියේ යම් යම් කාර්යයන් දැනටමත් අත් හදා බලමින් පවතින බවද ඇය පැවසුවාය.
2015 වසරේ පටන් වසර 5ක් දක්වා ඔස්ට්‍රේලියාවේ ගුවන් හා නාවුක තොටුපොළවල වමිතික (biometric) ක්‍රියා පටිපාටියක් ස්ථාපනය කිරීම සඳහා ඩොලර් මිලියන 94 ක් වැය කිරීමට නියමිත බවද වාර්තා වේ.
මෙම Biometric ක්‍රියාවලිය නිසා අතින් සිදු කරන ක්‍රියාවලි අඩු වන අතර ආගමන හා විගමන කටයුතු ඉතා ශීඝ්‍රව සිදු කිරීමට අවස්ථාව ලැබෙන බව 2015 වසරේදී ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
මෙම නව පද්ධතිය ගුවන් මගීන් ට මෙන්ම මෙම කර්මාන්තයටද ප්රතිලාභ සලසන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු වලට මෙයින් විසඳුම් ලැබෙන බවත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton එවකට පැවසීය.
2015 – 16 කාලය තුළ ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය විසින් මිලියන 40 ක පමණ ගුවන් සහ නාවුක මගීන් සංඛ්‍යාවක් මෙහෙයවා ඇත.