2020 වසරේ සිඩ්නි හා මෙල්බර්න් නුවර කුලී නිවාස වෙළෙඳපොළ බරපතල ලෙස කඩා වැටී ඇති බව වාර්තා වේ.
නවතම කුලී නිවාස වෙළෙඳපොළ දත්ත වලට අනුව මේ බව හෙළිවී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
සිඩ්නි හා මෙල්බර්න් නුවර කුලී නිවාස වෙළෙඳපොළ
2020 වසරේ ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළෙඳපොළ අතරින් වඩාත් බරපතල ලෙස කඩා වැටුණු කුලී නිවාස වෙළෙඳපොළ ද්විත්වය ලෙස සිඩ්නි හා මෙල්බර්න් දැක්විය හැකිය.
මේ තත්ත්වය කුලී නිවැසියන්ට සුබදායී පරිසරයක් නිර්මාණය කළද නුලී නිවාස හිමියන්ට එය සුබදායී කරුණක් නොවේ.
පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියාවේ කුලියට දීමට අපේක්ෂා කළද කුලියට දීගත නොහැකිවූ වැඩිම නිවාස සංඛ්‍යාව මෙල්බර්න් නුවර සතු බව නවතම SQM සමීක්ෂණයට අනුව හෙළිවිය.
එය ප්‍රතිශතයක් ලෙස 4.7% කි.
2019 වසරේ දෙසැම්බර් මාසයේදී එය 2.5% ක් විය.
මේ අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම කුලියට දීමට අපේක්ෂා කළද කුලියට දීගත නොහැකිවූ නිවාස වල සාමාන්‍ය ප්‍රතිශතය 2.2% කි.
ඔස්ට්‍රේලියාවේ අනෙක් සෑම ප්‍රධාන නගරයක් හා සසඳන විට නිවාස කුලිය අඩු කිරීමට මෙල්බර්න් කුලී නිවාස හිමියන්ට වැඩි පීඩනයක් එල්ල විය.
2021 ජනවාරි 04 ට අවසන්වූ සතියේදී මෙල්බර්න් apartment එකක සාමාන්‍ය සතියක කුලිය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව බලන කල 8.7% ක හෙවත් $376.90 ක් දක්වා කඩාවැටී ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.
මේ අනුව බලන කල සිඩ්නි හා මෙල්බර්න් apartment සඳහා ආයෝජනය කළ පුද්ගලයින් 2020 වසරේදී පරාජිතයින් බව SQM හි කළමණාකරන අධ්යක්ෂ Louis Christopher පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කුලී නිවාස වෙළෙඳපොළ කඩා වැටීමට ප්‍රධාන හේතු
කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීම සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් කලාපය දින 111 ක දීර්ග lockdown කිරීමකට යටත්ව පැවතීම මෙලෙස මෙල්බර්න් කුලී නිවාස වෙළෙඳපොළ කඩා වැටීමට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.
සිඩ්නි හා මෙල්බර්න් ආර්ථික වර්ධනය මූලිකවම රදා පවතින්නේ විදේශීය ශ්‍රමිකයින් සහ ජාත්‍යන්තර සිසුන් මතය.
නමුත් අනෙකුත් ප්‍රාන්ත සඳහා එය එතරම්ම බල නොපායි.
මෙල්බර්න් වලට පසු කුලියට දීගත නොහැකිවූ දෙවනියට වැඩිම නිවාස සංඛ්‍යාව සිඩ්නි නුවර සතු බව වාර්තා වේ.
එය ප්‍රතිශතයක් ලෙස 3.6% ක් වන නමුත් එය පෙර වසරට සාපේක්ෂව ස්ථාවර විය.
පසුගිය වසර පුරාවට සිඩ්නි apartment එකක සතියක නිවාස කුලිය 10.3% කින් $444.40 දක්වා පහත වැටුණි.
නිවාස සඳහා එය 7.6% කි.

Source: AAP
පර්ත් සහ ඩාර්වින් ඉහළටම
පසුගිය වසරේදී පර්ත් සහ ඩාර්වින් නුවර කුලී නිවාස වෙළෙඳ පොළ වල ශීග්‍ර වර්ධනයක් පෙන්වූ බව වාර්තා වේ.
ඊට පෙර වසරේදී ඔස්ට්‍රේලියාවේ කුලියට දීමට නොහැකිව තිබෙන වැඩිම නිවාස ප්‍රතිශතය (3.5%) තිබුණේ ඩාර්වින් නුවර වූ නමුත් එය පසුගිය වසර අවසානය වන විට ඔස්ට්‍රේලියාවේ අඩුම ප්‍රතිශතය (0.9%) බවට පත්විය.
පසුගිය මාස 12 තුළදී Northern Territory හි නිවාස කුලිය 27.3% කින් ඉතා ශීග්‍රව ඉහළ ගිය අතර apartment වල කුලිය 5.6% කින් පමණ සුළු ප්‍රතිශතයකින් වැඩි විය.
පර්ත් නුවර නිවාස කුලිය 12% කින් වැඩිවී ඇති අතර apartment වල කුලිය9.3% කින් වැඩි වී තිබුණි.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල 2020 හා 2019 වසර වල කුලියට දීමට නොහැකිව තිබෙන නිවාස ප්‍රතිශතය පහත පරිදි වේ.
ප්‍රධාන නගරය | 2019 | 2020 |
සිඩ්නි | 3.6% | 3.6% |
මෙල්බර්න් | 2.5% | 4.7% |
බ්‍රිස්බේන් | 2.9% | 1.8% |
පර්ත් | 2.5% | 0.9% |
ඇඩිලේඩ් | 1.1% | 0.7% |
කැන්බරා | 1.7% | 1.1% |
ඩාර්වින් | 3.5% | 0.9% |
හෝබාර්ට් | 0.6% | 0.6% |