Highlights
- ලිංගික අතවර යනු කුමක්ද?
- යමකු ලිංගික අතවරයට ලක් වුවහොත් කුමක් කලයුතුද?
- යමකු ලිංගික අතවරයට පත්ව ඇති බව හඳුනාගන්නේ කෙසේද?
- ලිංගික අතවරයට පත් වුවන් සඳහා ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි උපකාර
- ඔස්ට්‍රේලියාවේ ලිංගික අධ්‍යාපනය කෙසේ සිදු වේද?
ලිංගික අතවර යනු කුමක්ද?
සෑම වසරකම අප්‍රේල් මාසය ලිංගික අතවර පිළිබඳව ජනතාව දැනුවත් කිඊමේ මාසය ලෙස හැඳින් වේ
ඔස්ට්‍රේලියාව තුල ලිංගික අතවරයන්ට ලක්වුවන් සඳහා විවිධාකාරයේ උපදේශන සේවා සහ උපකාරක සේවා ජාතික වශයෙන් මෙන්ම ප්‍රාන්ත වශයෙන්ද පවතී.
ලිංගික අතවර කිරීම හෝ ලිංගික තාඩනය යන්න සඳහා පුළුල් අර්ථකතනයක් පවතී.
යම් පුද්ගලයකුගේ අකමැත්ත මත එම පුද්ගලයාගේ ශරීරය ස්පර්ශ කිරීමෙහි සිට ඔස්ට්‍රේලියාව තුල ලිංගික අතවර කිරීමක් වශයෙන් සලකනු ලබයි.
මෙය ඕස්ට්‍රේලියාවේ විවිධ ප්රාන්තයන් තුල විවිධ පනත් ඔස්සේ සම්මත වී ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන සොලිසිටර් සහ බැරිස්ටර්වරයකු වන තිසර ගුණසේකර මහතා SBS සිංහල සේවයට පැවසීය.
මීට වසර ගණනකට පෙර මෙම ලිංගික අතවර කිරීම යන්න සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක නොවුනද වත්මන් තත්වය ඊට හාත්පසින් වෙනස් වන බවද ඔහු අවධාරණය කොට සිටී.
මේ වනවිට ලිංගික අතවරයක් යනු ඉතාමත් පහසුවෙන් වෙනත් පුද්ගලයකුට එල්ල කල හැකි චෝදනාවක් බවට පත්ව ඇති අතර විශේෂයෙන්ම පුරුෂ පාර්ශවය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සහ අවබෝධයකින් කටයුතු කලයුතු බව ඔහු පෙන්වා දෙයි.

Source: Pixabay / Pexels
යමකු ලිංගික අතවරයට ලක් වුවහොත් කුමක් කලයුතුද?
යම් පුද්ගලයකු හට මෙවැනි ආකාරයේ ලිංගික අතවරයක් සිදු වුවහොත් එම පුද්ගලයා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල යුතු අතර ඒ ඔස්සේ නීතිමය පියවර ගැනීම අනිවාර්ය වේ.
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන්, පෙරවරු 11 සිට
එවැනි අවස්ථාවකදී පොලිසිය මගින් Perpetrator නොහොත් අපරාධකරුට එරෙහිව ක්‍රියාත්මක වන අතර, එම පුද්ගලයා සඳහා පුද්ගලික ආරක්ෂණ අතුරු නියෝගයක්( Personal protection order) ගැනීම සිදු කෙරේ.
මෙම අතුරු නියෝගය ඔස්සේ චෝදනා එල්ල වූ තැනැත්තා හට වින්දිතයා අසලට යාමට නොහැකි වේ. මෙහි කාල සීමාව නඩු වාරය අවසන් වනතුරු පවතී.
නමුත් චෝදනා ලැබූ තැනැත්තා වරදකරු ලෙසට ඔප්පු වුවහොත් ජීවිතාන්තය දක්වා වුවද පුද්ගලික ආරක්ෂණ අතුරු නියෝගය බලපැවැත්විය හැකි බව තිසර මහතා සඳහන් කොට සිටී.
කෙසේ නමුත් මෙලෙස ලිංගික අතවරයන්ට ලක්වන වින්දිතයින් රෝහල් මගින් හෝ පොලිසිය මගින් උපදේශන සේවා වෙත යොමු කිරීමද ඔස්ට්‍රේලියාව තුල සිදු කෙරේ.
ඒ ඔස්සේ වින්දිතයින්ගේ මනස යථා තත්වයට පත්කිරීම සිදු කෙරෙන අතර මෙය පුහුණු නිලධාරීන් මගින් සිදු කෙරේ.
එමෙන්ම තිසර මහතා සඳහන් කොට සිටියේ ඇතැම් අවස්ථාවන්හිදී තමන්ට ලිංගික අතවර සිදුව ඇති බවට, මෙම උපදේශන සේවා කාලය අතරතුරදී පුද්ගලයින් තේරුම් ගන්නා බවයි.
එවැනි අවස්ථා වලදී එම උපදේශන සේවා මගින් එම පුද්ගලයින් හට සාධාරණයක් සිදු කිරීම සඳහා නීති සහාය පතන බවද ඔහු අත්දැකි බව තිසර මහතා SBS සිංහල සේවයට පැවසීය.
යමකු ලිංගික අතවරයට පත්ව ඇති බව හඳුනාගන්නේ කෙසේද?
ඇතැම් පුද්ගලයින්, තමන්ට ලිංගික අතවර සිදුව ඇති බවට වෙනත් අයකුට සඳහන් කිරීමට මැලි කමක් දක්වයි.
මේ සම්බන්ධයෙන් තිසර ගුණසේකර මහතා සඳහන් කොට සිටියේ බොහෝ විට මෙවැනි පුද්ගලයින් හුදකලා වීමක් දක්නට ලැබෙන අතර හැසිරීමේ පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බවයි. ඒ ඔස්සේ එම පුද්ගලයාගේ ලඟින් ඇසුරු කරන පිරිසට ඒ සම්බන්ධයෙන් හඳුනාගැනීමට හැකියාව හිමිවේ.
බොහෝ විට කාන්තාවන් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට ලජ්ජා වන අතර ඒ හේතුවෙන් ඔවුන් නීතිය කරා යොමු වීම සිදු නොකරයි.
මීට පෙර යම් පුද්ගලයකු හට ලිංගික අතවරයක් සිදු වූ වහාම පොලිසිය වෙත ඉක්මනින් දැනුම් දීම බලාපොරොත්තු වූ නමුත් මේ වන විට එම තත්වයේ වෙනසක් දක්නට ලැබේ.
වත්මන් තත්වයට අනුව යමකු ලිංගික අතවරයකට පත්වීම සම්බන්ධයෙන් වසරකට පසුව හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට පොලිසිය කටයුතු කරයි.
ලිංගික අතවරයට පත් වුවන් සඳහා ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි උපකාර
ලිංගික අතවර සඳහා මුහුණ දුන් පිරිස සඳහා ජාතික වශයෙන් මෙන්ම ප්රන්තමය වශයෙන්ද ඔස්ට්‍රේලියාව තුල ආධාර සහ උපකාර පහසුවෙන් ලබාගත හැකි වේ.
ඔස්ට්‍රේලියාව තුල ලිංගික අතවරයට ලක්වූ වින්දිතයින් සඳහා දැඩි අවධානයක් සහ සහයෝගයක් ලබාදීම සිදු කෙරේ.

Source: Pixabay / Free-Photos
එමෙන්ම රෝහල් වල සහ නීතිඥන් සතුවද මෙවැනි උපකාරක සේවා ලබාගතහැකි ස්ථාන පිළිබඳව තොරතුරු පවතී.
ඔස්ට්‍රේලියාවේ ලිංගික අධ්‍යාපනය කෙසේ සිදු වේද?
ඔස්ට්‍රේලියාව තුල ලිංගික අධ්‍යාපනය බොහෝවිට සාර්ථකව සිදු කෙරෙමින් තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
SBS Radio APP එකෙන් (Free download)
මෙරට කුඩා දරුවන් සඳහා මේ සම්බන්ධයෙන් පාසල් ඔස්සේ යම් අවබෝධයක් ලබාදෙන අතර පාසල් ගුරුවරුන් නිරන්තරයෙන්මේ පිළිබඳව කුඩා දරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරයි.
තම අත්දැකීම් අනුව, කුඩා දරුවන් අපචාරයට ලක් කිරීම සම්බන්ධයෙන් වූ ඇතැම් නඩු ඇරඹීම පවා පන්ති භාර ගුරුතුමිය විසින් පොලිසිය දැනුවත් කිරීම ඔස්සේ සිදුව ඇති බවද තිසර ගුණසේකර මහතා SBS සිංහල සේවයට කියා සිටියේය.
මේ අනුව පාසල් අවධියේ සිට ලිංගික අධ්‍යාපනය ඔස්ට්‍රේලියාව තුල ලබා දීම සිදු ලෙරෙන බව පැහැදිලි වේ.
අවසාන වශයෙන් තිසර මහතා සඳහන් කොට සිටියේ ඔස්ට්‍රේලියාවට මේ වනවිට ජාත්‍යන්තර අධිකරණ බලයක් පවතින අතර වෙනත් රටවල දී දරුවන් අතවරයට ලක් කල පුද්ගලයින් පවා මෙරටදී අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකියාව පවතින බවයි.
ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්,