2021 නව වසර උදාව සැමරීම ලෝකය පුරා අන් වසර වලට වඩා වෙනස් අන්දමකින් සිදු කෙරේ.
ඔස්ට්‍රේලියාවේ ද ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි 2021 නව වසර උදාව සැමරීම ඉතිහාසයේ පෙර නොවූ අයුරින් සිදු කරන බව වාර්තා වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි කලාපයේ මේ වන විට කොරෝනා දෙවැනි රැල්ලක් හටගැනීම නිසා මේ තත්ත්වය තවත් වෙනස් වී තිබේ.
සිඩ්නි කලාපය සහ ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත හා ටෙරිටරි 2021 නව වසර උදාව සමරන්නේ කෙසේදැයි මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
සිඩ්නි උතුරු වෙරළ තීර ප්‍රදේශය
සිඩ්නි කලාපයේ දෙවැනි කොරෝනා රැල්ල බිහිකළ ස්ථානය වන මෙහි මේ වන විට lockdown නීති පනවා තිබේ.
ඒ අනුව Narrabeen පාලමෙන් උතුරු කලාපයේ වෙසෙන උතුරු වෙරළ තීර ප්‍රදේශවාසීන්ට අවම වශයෙන් ජනවාරි 9 තෙක් මෙම lockdown නීති බලපැවැත්වෙන බව වාර්තා වේ.
නමුත් දෙසැම්බර් 31 වන දින එම ප්‍රදේශ වල ජනතාවට ළමුන් ද ඇතුළුව තම නිවසට අමුත්තන් 5 දෙනෙකු ගෙන්වා ගත හැකි අතර ඔවුන් එම කලාපයෙන් ම විය යුතුය.
මේ අතර Narrabeen පාලමෙන් දකුණු කලාපයේ වෙසෙන උතුරු වෙරළ තීර ප්‍රදේශවාසීන්ට ජනවාරි 2 දක්වා එම lockdown නීති බලපැවැත්වේ. ඔවුන්ට ද තම නිවසට අමුත්තන් 10 දෙනෙකු ගෙන්වා ගත හැකි අතර ඔවුන් එම කලාපයෙන් ම විය යුතුය. නමුත් Greater Sydney කලාපයෙන් අමුත්තන් ගෙන්වා ගැනීම තහනම් වේ.
සිඩ්නි උතුරු වෙරළ තීර ප්‍රදේශයේ ඉහත කලාප දෙකේම ඇති තැබෑරුම්, අවන්හල් සහ අනෙකුත් ආහාර පාන සපයන ස්ථාන takeaway සේවාවන් සඳහා පමණක් විවෘතව පවතී.
Greater Sydney
2021 නව වසර උදාව සමරමින් පවත්වන මෙවර සිඩ්නි ගිනි කෙළි සංදර්ශනය මිනිත්තු 7 කට පමණක් සීමා කෙරේ.
එය නැරඹීමට නගරයට නොපැමිණෙන ලෙසත් රූපවාහිනියෙන් එය නරඹන ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිඩ්නි කොරෝනා තත්ත්වය නිසා Greater Sydney කලාපයේ එළිමහන් ප්‍රදේශ වල රැස්විය හැකිව තිබූ උපරිම පිරිස 100 සිට 50 දක්වා මේ වන විට අඩු කර තිබේ.
ළමුන්ද ඇතුළුව ගෘහස්ථව රැස්විය හැකි උපරිම පිරිස 10 කි.
මේ අතර සිඩ්නි නගරයේ අවන්හල් ඇතුළු hospitality ස්ථාන සඳහා යාමට අවසර පත්‍ර ඇති Greater Sydney වැසියන්ට පමණක් දෙසැම්බර් 31 දින සිඩ්නි නගරයට පැමිණීමට අවසර ලැබෙනු ඇත.
එමෙන්ම Greater Sydney කලාපයේ ජීවත් වන වැසියන්ට උපරිම අමුත්තන් 10 දෙනෙකුට තම නිවසට ආරාධනා කළ හැකිය.
කොරෝනා වසංගතය හා සටන් කරමින් සිටින සෞඛ්‍ය සේවකයින් වැනි ඉදිරි පෙළ කාර්ය මණ්ඩලයේ සේවයට තුති පිදීමක් වශයෙන් සිඩ්නි නව අවුරුදු ගිනිකෙළි සංදර්ශනය සමීපව නැරඹීමට ඔවුන්ට අවස්ථාවක් දීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
කෙසේනමුත් එම සැලසුම ද අවලංගු කිරීමට තීරණය කළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනීය ඊයේ (28/12) නිවේදනය කළාය.
වික්ටෝරියා ප්‍රාන්තය
සෑම වසරකම පැවැත්වූ මෙල්බර්න් නව අවුරුදු උදාව සමරන ගිනිකෙළි සංදර්ශනය මෙවර නොපැවැත්වෙන බව මෙල්බර්න් නගර සභාව නිවේදනය කළේය.
එමෙන්ම මෙල්බර්න් නගරය හා තදාසන්න ප්‍රදේශ වල විශාල වශයෙන් පුද්ගලයින් රැස්වීමට ද දෙසැම්බර් 31 දින අවසර නොදේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවෙස් වල උපරිම පුද්ගලයින් 30 කට රැස්විය හැකි අතර එළිමහනේ පුද්ගලයින් 100 කට උපරිමව රැස්විය හැකිය.
සීමා සහිත අමුත්තන් පිරිසක් සඳහා තැබෑරුම්, අවන්හල් වැනි ස්ථාන විවෘතව පවතී.

آتشبازی شب سال نو بر فراز دریای یارا در ملبورن Source: AAP
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
බ්‍රිස්බේන් නුවර වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මෙවර අවලංගු කර තිබේ.
නමුත් Howard Smith Wharves, Eagle Street Pier, Portside Wharf සහ South Bank වැනි ස්ථාන වල පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන සාමාන්‍ය අන්දමින් පැවැත්වෙන බව සඳහන්.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට නිවැසියන් ඇතුළුව තම නිවසට උපරිම අමුත්තන් 50 දෙනෙකු දක්වා ගෙන්වා ගත හැකිය.
එළිමහනේ රැස්විය හැකි උපරිම පිරිස 100 කි.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
ඇඩිලේඩ් නුවර වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මෙවර අවලංගු කර තිබේ.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාසීන්ට තම නිවසට උපරිම අමුත්තන් 50 දෙනෙකු දක්වා ගෙන්වා ගත හැකි නමුත් එහිදී වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය අදාළ වේ.
මේ අතර වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතියට අනුව පුද්ගලික උත්සව සඳහා උපරිම පුද්ගලයින් 200 කට සහභාගී විය හැකිය.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
පර්ත් නුවර පවත්වනු ලබන 2021 නව වසර උදාව සමරන ගිනි කෙළි සංදර්ශනය පහත ස්ථාන වල පැවැත්වේ.
- Perth Cultural Centre
- Yagan Square
- James Street
- William Street
සෑම වර්ග මීටර දෙකකටම එක් අයෙකුට වඩා නොසිටී නම් ජනයා ඒක රාශි වීමේ උපරිම සීමාවක් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පනවා නොමැත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ටස්මේනියා ප්‍රාන්තය
හෝබාර්ට් නුවර වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මෙවර ද පැවැත්වෙන බව වාර්තා වේ.
ටස්මේනියා ප්‍රාන්තයේ ගෘහස්ථව රැස්විය හැකි උපරිම සීමාව 250 ක් වන නමුත් එහිදී වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය අදාළ වේ.
එළිමහන් අවකාශයක හෝ පරිශ්‍රයන්හි රැස්වීමට 1,000 දෙනෙකුට අවසර ඇත.
Northern Territory
වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය ඩාර්වින් නුවර මෙවර ද පැවැත්වෙන බව වාර්තා වේ.
ගෘහස්ථව හෝ එළිමහනේ රැස්විය හැකි උපරිම පුද්ගල සීමාවක් Northern Territory තුළ නොමැති නමුත් මීටර් 1.5 ක පුද්ගල දුරස්තභාවයක් පවත්වාගෙන යාමට නිර්දේශ කර තිබේ.
ACT
කැන්බරා නුවර වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මෙවර නොපැවැත්වෙන බව වාර්තා වේ.
මේ අතර ගෘහස්ථව රැස්විය හැකි උපරිම පුද්ගල සීමාවක් ACT තුළ නොමැති අතර කැන්බරා නුවර එළිමහනේ රැස්විය හැකි උපරිම පුද්ගල සීමාව 500 කි.