ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ ටස්මේනියාවේ ඇතැම් ප්‍රදේශවලට දරුණු ලැව් ගිනි අවදානම් තත්ත්ව ඇති බවට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ ටස්මේනියාවේ ඇතැම් ප්‍රදේශ වල total fire ban තත්ත්ව ප්‍රකාශයට පත් කර තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ දකුණු දිග ප්‍රාන්ත වලට ඉතා උණුසුම් කාලගුණයක් එළඹෙමින් පැවතීම මීට ප්‍රධාන හේතුව වේ.

Source: Getty Images
වික්ටෝරියා ප්‍රාන්තය
අද (11/01) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා යන නමුත් Mildura වැනි වයඹ දිග කලාප වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇති බවට වාර්තා වේ.
ඒ අනුව Mallee, Wimmera සහ Northern Country යන කලාප සඳහා total fire ban තත්ත්ව ප්‍රකාශයට පත් කර තිබේ.
මේ තත්ත්වයට අනුව වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල Camping ගොස් සිටින පුද්ගලයින් සහ තමන්ගේ කෘෂිකාර්මික අස්වැන්න නෙලීමට අපේක්ෂාවෙන් සිටින ගොවීන් පිළිබඳ තමන් විශේෂයෙන් සැලකිලිමත් වන බව වික්ටෝරියානු ප්‍රාදේශීය ගිනි නිවන අධිකාරියේ ප්‍රධාන නිලධාරී Jason Heffernan පැවසීය.
"ඊයේ (10/01) මධ්‍යම රාත්‍රියේ සිට Mallee, Wimmera සහ Northern Country යන කලාප වල Campfires දැල්වීමට අවසර නැහැ. එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රාදේශීය කලාප වල ද Campfires දැල්වීම නොකරනවානම් යෝග්‍යයි. පසුගිය දිනවලදී යම් අයෙකු Campfires දැල්වීමක් සිදුකළා නම් එම ගිනි ගොඩ මනාව නිවා ගිනි පුළිඟු නැවත මතු නොවන්නට වගබලාගත යුතුයි." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
"වර්තමාන උණුසුම් හා වියලි තත්වයන් අස්වැන්න කපා අවසන් කිරීමට ඉඩ සලසන නමුත් තවමත් අස්වැන්න නෙළන අයගෙන් ඉල්ලා සිටින්නේ පරිස්සම් වී අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසයි." යනුවෙන්ද වික්ටෝරියානු ප්‍රාදේශීය ගිනි නිවන අධිකාරියේ ප්‍රධාන නිලධාරී Jason Heffernan ප්‍රකාශ කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු මැද, නිරිතදිග සහ ඊසාන දිග කලාප වල ලැව් ගිනි අවදානම ඉතා ඉහළ බවත් Gippsland කලාපය හරහා එම අවදානම වඩා පැතිරී යන බවත් වාර්තා වේ.
ගිනිකොනදිග ඔස්ට්‍රේලියාව පුරා පැතිරී යන La Nina කාලගුණික රටාව නිසා වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල මේ කාලයේ ඇතිවන ලැව් ගිනි ක්‍රියාකාරකම් වලක්වා ගැනීමට උපකාරී වී තිබේ.

Hobart is expecting temperatures well above average. Source: MACQ 01 HOTEL
ටස්මේනියා ප්‍රාන්තය
උතුරේ සිට වයඹ දෙසින් හමන සුළං, ඉන්පසු බටහිර-නිරිතදිග කලාප වල කාලගුණයේ වෙනස සමග වියළි තත්ත්වයන් සහ අකුණු ඇතිවීමේ තත්ත්වයක් මත ගිනි නිවන භටයින් හට සීරුවෙන් සිටීමට උපදෙස් දී තිබේ.
එම සුළං මගින් උණුසුම් වාතය ටස්මේනියා ප්‍රාන්තයට තල්ලු කරනු ඇති අතර එනිසා එහි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 සිට 15 කින් ඉහළ නංවනු ඇත.
එය ටස්මේනියා ප්‍රාන්තයේ ජනවාරි මාසයේ සාමාන්‍යයට වඩා වැඩි බව සඳහන්.
ටස්මේනියා ප්‍රාන්තයයේ New Norfolk සහ Richmond ප්‍රදේශ වලට අද (11/01) දිනයේ ප්‍රාන්තය තුළ ඉහළම උෂ්ණත්වය වාර්තා වන අතර එහි උපරිමය සෙල්සියස් අංශක 37 කි.
Hobart නුවරට අද දිනයේදී උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් බව පුරෝකතනය කර තිබේ.
ඒ අනුව අද (11/01) අලුයම 2 සිට ටැස්මේනියා ප්‍රාන්තයේ පහත සඳහන් නගර සභා කලාප වල total fire ban තත්ත්ව ප්‍රකාශ කර ඇති අතර අවශ්‍ය විටෙක හැරුණුකොට එම අවදානම් සහිත ප්‍රදේශවලට සංචාරය කිරීමෙන් වළකින ලෙස ප්‍රාන්ත බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
- Brighton
- Derwent Valley
- Hobart
- Sorell
- Central Highlands
- Glamorgan Spring Bay
- Huon Valley
- Southern Midlands
- Clarence
- Glenorchy
- Kingborough
- Tasman