ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන COVID-19 වසංගතය මර්දනය කිරීම සඳහා කොවිඩ් ලබාදීමේ මගින් මේ වනවිට එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාව හිමිවිය යුතු පිරිස සහ ක්ෂේත්‍ර හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්, නිරෝධායන කටයුතු සහ දේශසීමා ආරක්ෂණය සම්බන්ධව කටයුතු කරන සේවකයින්, Aged Care සේවකයින් සහ එම ස්ථාන වල නේවාසිකයින් මෙන්ම රැකියා කරන පිරිස් සඳහා කොවිඩ් එන්නත්කරණයේ ප්‍රමුඛතාවය ලබාදී තිබේ.
ඔබ කොරෝනා එන්නත ලබාගැනීමට සුදුසුද යන්න දැනගැනීම සහ එන්නත වෙන්කරවාගැනීම සඳහා යන වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ සිදු කල හැක.

Australia's Coronavirus vaccine roll out Source: Australian Department of Health
සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් ට කොරෝනා එන්නත් ලබාදීමේ සැලැස්ම
සංස්කෘතික, ජනවාර්ගික හා භාෂාමය වශයෙන් විවිධ වූ පසුබිම්වල සිටින පුද්ගලයින්ට ප්‍රවේශ විය හැකි සහ සංස්කෘතිකමය වශයෙන් ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ඔස්ට්‍රේලියානු රජයේ අරමුණ වේ.
එන්නත් සපයන්නන් ඔවුන්ගේ සායනය සංස්කෘතිකමය වශයෙන් ආරක්ෂිත ආකාරයකින් ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා ඔවුන්ගේ කලාපයේ ප්‍රජා සංවිධාන සහ නායකයින් සමඟ කටයුතු කළ යුතුය. මෙය සිදු කිරීම උදෙසා එන්නත් ලබාදෙන සායන සඳහා සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ වූ සහාය කාර්ය මණ්ඩලයක් ඇතුළත් කිරීම සැලැස්මේ කොටසකි.
විවිධ ශ්‍රම බලකායක්, ද්විභාෂා සේවකයින් සහ එන්නතෙහි දෙවන මාත්‍රාව ජනතාවට ලැබීම සහතික කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට පරිවර්තකයන් ඇතැම් අවශ්‍යතා අතරට ඇතුළත් වේ.

Coronavirus vaccine priority population (Australia) Source: Australian Department of Health
ඔබේ එන්නත්කරණ තොරතුරු පොදු වාර්තාවක ගබඩා වේ
කොරෝනා එන්නත ලබාගත්තේ කවුරුන්ද යන්න දැනගැනීම සඳහා එන්නත ලබාගන්නා පුද්ගලයින් ගේ ඇතැම් තොරතුරු ඔස්ට්‍රේලියානු රජය විසින් ගබඩා කර තැබිය යුතුය. ඒ අනුව ලබාදෙන සෑම COVID-19 එන්නතක් සඳහාම එම එන්නත ලබාගන්නා පුද්ගලයා ගේ තොරතුරු අදාළ වාර්තාවට ඇතුළත් කිරීම ඔස්ට්‍රේලියානු කොරෝනා එන්නත් සපයන්නන්ගේ වගකීමකි.
එක් එක් පුද්ගලයා කොරෝනා එන්නත ලබාගත් බවට වූ තොරතුරු My Health Record, Medicare (ප්‍රතිශක්තිකරණ ඉතිහාසය පිළිබඳ ප්‍රකාශය) හෝ එන්නත ලබාදෙන අවස්ථාවේ මුද්‍රණය කර ලබාදෙන සහතිකයේ සහ ඊට පසුව ඊමේල් මගින් ලබාදෙන සහතිකයේ අඩංගු වේ.
ප්‍රතිශක්තිකරණ මට්ටම වෙනස් වේ
කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට ශරීරයට ප්‍රතිදේහ ජනනය කිරීම ආරම්භ කිරීම සඳහා සති දෙකක් ගත වේ. නමුත් ‘ආරක්ෂාව’ යන්නෙන් ‘ප්‍රතිශක්තිය’ අදහස් නොවේ. එන්නත් කාර්යක්ෂමතාවයේ විවිධ මට්ටම් පිළිබඳව RMIT විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාඥ වෛද්‍ය Kylie Quinn, SBS වෙත පහත පරිදි පැහැදිලි කළාය:
1 වන මට්ටම - ආසාදනය සම්පූර්ණයෙන්ම වැළක්වීම
2 වන මට්ටම - ආසාදනය වැළක්විය නොහැක, නමුත් රෝග ඇතිවීමේ වර්ධනය නතර කළ හැකිය
3 වන මට්ටම - රෝගය ඇතිවීම වළක්වා ගත නොහැකි නමුත් දරුණු රෝගයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදේ
සියලුම COVID-19 එන්නත් නොමිලේ ලබාදේ
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ සියලුම වීසා බලපත්‍ර ලාභීන්ට කොරෝනා එන්නත ඔස්ට්‍රේලියාව තුළ නොමිලේ ලබාදෙයි. ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය, රැකියා, skilled, family, partner, refugee, asylum seekers, temporary protection වීසා ලාභීන්, humanitarian, regional, bridging හෝ විශේෂ වීසා ලාභීන්ට COVID-19 එන්නත නොමිලේ ලබාගත හැකිය.
වීසා අවලංගු වී සිටින පුද්ගලයින් ද ඇතුළුව රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් හට ද COVID-19 එන්නත නොමිලේ ලබාදේ.
ඔස්ට්‍රේලියානු රජයේ කොරෝනා වයිරස් තොරතුරු
- සෞඛ්‍ය දෙපාර්තමේන්තුව - COVID-19 එන්නත පිළිබඳ
- ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව - COVID-19 පිළිබඳ
- ඔස්ට්‍රේලියාවේ වෙසෙන සියලුම පුද්ගලයින් අනෙක් උදවිය සමග මීටර් 1.5 ක දුරස්තභාවයකින් සිටිය යුතුය.
- ඔබ සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, නිවසේ රැඳී සිටිමින් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගැනීමට ක්‍රමයක් සකස් කරගන්න.
- කරුණාකර ඔබගේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ පරීක්ෂා කරන්න: , , , , , , ,