Highlights
- 2022 ජනවාරි 19 සහ 2022 මාර්තු 19 යන කාලය අතර පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ වීසා ගාස්තුව ආපසු ලබා දීම සිදු කෙරේ.
- ඕස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන්ට රැකියා කිරීම ආරම්භ කිරීමට ඔවුන්ගේ පාඨමාලා ආරම්භ වන තෙක් බලා සිටිය යුතු නැත.
- Online අධ්‍යයාපනයද උපාධි වීසා ලබාදීම සඳහා ගණන් ගනී
ඕස්ට්‍රේලියාව, ලොව පුරා සිටින ජාත්‍යන්තර සිසුන් නැවත සාදරයෙන් පිළිගනිමින්, ජාත්‍යන්තර සිසුන් සඳහා විවිධ සහන ප්‍රකාශයට පත් කිරීම සිදු කළේය.
‘The Migration’ හි ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකු වන Nasir Nawaz පවසන්නේ මෙම කොවිඩ් වසංගතය, ජාත්‍යන්තර සිසුන්ගේ මානසික සහ මූල්‍ය යහපැවැත්මට විශාල බලපෑමක් සිදු කරන බවයි. එමෙන්ම එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට බලපෑම එල්ල වූ බව ඔහු පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර දේශසීමා සඳහා සීමා පැනවීම හේතුවෙන්, එම කාලය තුලදී ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටි ජාත්‍යන්තර සිසුන්ට සහ සෙසු තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට නැවත ඕස්ට්‍රේලියාවට ඇතුලු වීමට නොහැකි විය. මේ හේතුවෙන් ඔවුන්ගේ බොහෝ වීසා බලපත්‍ර කල් ඉකුත් වීම සිදු වූ බව නසීර් Nasir පවසයි.
බොහෝ පිරිසක් තම මව් රටවල සිරවී සිටි අතරතුරදී ඔවුන්ගේ වීසා බලපත්‍ර කල් ඉකුත් වීම හේතුවෙන්, ඔවුන් අනාගතය පිළිබඳව අවිනිශ්චිතව සිටි බවත් Nasir වැඩිදුරටත් පෙන්වා දෙයි.

International students are Australia's largest services export sector. Source: Getty Images
වීසා ගාස්තු නිදහස් කිරීම
2021 වසරේ දෙසැම්බර් මාසයේදී, ඕස්ට්‍රේලියාව සම්පූර්ණ එන්නත් ලද ජාත්‍යන්තර සිසුන් සඳහා සිය දේශසීමා නැවත විවෘත කොට වීසා ගාස්තු නිදහස් කිරීම සිදු කරන බවට ප්‍රකාශ කළේය.
මේ අනුව 2022 වසරේ ජනවාරි 19 සහ 2022 වසරේ මාර්තු 19 අතර කාලය තුල ඕස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන්ට ඔවුන්ගේ වීසා ගාස්තුව ආපසු ලබා ගත හැක.
ඔවුන්ට 2022 වසරේ දෙසැම්බර් 31 දක්වා, වීසා ගාස්තුව වශයෙන් ගෙවූ සඳහා අයදුම් කිරීමටද හැකි වේ.
ශිෂ්‍ය වීසා සඳහා රැකියා සීමා තාවකාලිකව ලිහිල් කිරීම
ශිෂ්‍ය වීසා බලපත්‍රයේ වන "work rights" නොහොත් "රැකියා අයිතිවාසිකම්" යන්නෙන් අදහස් වන්නේ, යමෙකුට තම පාඨමාලාව ආරම්භ කිරීමට පෙර ඔස්ට්‍රේලියාව තුල රැකියා කළ නොහැකි බවයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
නමුත් මේ වනවිට, ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ පාඨමාලාව ආරම්භ වන තෙක් බලා නොසිට, දෙසතියකට පැය 40 කට වඩා රැකියා කළ හැකි බව Nasir පවසයි.
කෙසේ වෙතත්, මෙය තාවකාලික විධිවිධානයක් වන අතර මෙය 2022 වසරේ අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියානු රජය මගින් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ.
Imran Khan චීනයේදී "වෛද්‍ය හා ශල්‍යකර්ම" පිළිබඳ උපාධියක් සම්පූර්ණ කොට තිබේ. ඕස්ට්‍රේලියානු දේශසීමා නීති හේතුවෙන් ඔහුට ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වූ අතර, මේ හේතුවෙන් ඔහුට ඔහුගේ අධ්‍යයන කටයුතු 2022 වසරේ මාර්තු දක්වා කල් දැමීමට සිදු විය.
කෙසේ නමුත් Imran, ඔහුගේ "මහජන සෞඛ්‍ය පිළිබඳ" ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා මෑතකදී ඕස්ට්‍රේලියාවට පැමිණ තිබේ.

Students were among the first to be allowed to enter Australia. Source: AAP
Imran පවසන්නේ අලුතින් මෙරටට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සඳහා, රැකියා නීති ලිහිල් කිරීම තමන් අගය කරන බවයි. එමෙන්ම පාඨමාලා ආරම්භ කිරීමට පෙර සිසුන්ට රැකියා කිරීමට ඉඩ සැලසීමට ඕස්ට්‍රේලියානු රජය ගත් පියවර විශිෂ්ට පියවරක් වන බවත් ඔහු පවසයි.
Online අධ්‍යාපනය හැදෑරීම උපාධි වීසා සඳහා ගණන් ගැනීම
කොවිඩ් වසංගතයට පෙර, උපාධි වීසා උප පංති "485" ලබා ගැනීම සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම අවශ්‍ය වූ නමුත් මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් පිටත සිදු කල Online අධ්‍යයන ද බලපත්‍ර සඳහා අයදුම් කිරීමට ගණන් ගන්නා බව සංක්‍රමණ නියෝජිත Nasir Nawaz පවසයි.
මෙය නවතම සාමාන්‍ය තත්ත්වය වන බවත් ඔහු පෙන්වා දෙයි.

International students line up for coaches after arriving at Sydney Airport in Sydney, Monday, December 6, 2021. Source: AAP/Bianca De Marchi
විශ්වවිද්‍යාල, සිය ගාස්තු අඩු කළ යුතු බවට වන මතය
ඕස්ට්‍රේලියානු රජය, ශිෂ්‍ය වීසා සඳහා වන කොන්දේසි ලිහිල් කොට ඇති අතර, ජාත්‍යන්තර සිසුන් නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීම දිරිමත් කිරීම සඳහා විශ්ව විද්‍යාල, සිය ගාස්තු අඩු කිරීම ගැන සලකා බැලිය යුතු බව Nasir පවසයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
උදාහරණ වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ, විශ්ව විද්‍යාලයේ පන්තිකාමර තුල කරන ඉගැන්වීම් වලට සාපේක්‍ෂව, Online හරහා සිදු කරන අධ්‍යයන කටයුතු සඳහා අඩු ගාස්තුවක් සිසුන්ගෙන් අය කල යුතු බවයි.
මීට සමාන අදහස් දක්වමින්, Step Up Profession හි Muzammil Rizwan Khan පවසන්නේද, මෙලෙස විශ්වවිද්‍යාල ගාස්තු අඩු කිරීම මගින්, ජාත්‍යන්තර සිසුන් තම අධ්‍යාපනය හැදෑරීමට වෙනත් සංවර්ධිත රටවලට වඩා ඕස්ට්‍රේලියාව තෝරා ගැනීමට දිරිමත් කළ හැකි බවයි.
සියලුම සංචාරකයින්, ඔවුන් පැමිණෙන ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ අවශ්‍යතාවලට අනුකූල විය යුතුය. එමෙන්ම ඔවුන් වෙනත් ප්‍රාන්ත හෝ ටෙරිටරි සඳහා ගමන් කිරීමට අදහස් කරයි නම් එම ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ අවශ්‍යතාවලටද අනුකූල විය යුතුය.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න