ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්රාන්තවැසියන්ව නිවෙස්වලින් පිටතට පැමිණ ආහාර පාන ගැනීම, කලා සහ විනෝදාස්වාද කටයුතු සඳහා සහභාගී කරවීම උනන්දු කරවීම පිණිස Dine & Discover NSW නමින් නව වැඩසටහනක් දියත් කර තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් දියත් කළ මෙම වැඩසටහන යටතේ Dine & Discover වවුචර නොමිලයේ ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
Highlights
- සම්පුර්ණ වටිනාකම $100 ක් වන $25 වවුචර 4 ක් සඳහා මෙහිදී අයදුම් කිරීමට අවසර ලැබේ.
- මෙම වවුචර 2022 ජුනි 30 තෙක් වලංගු වේ.
- Dine & Discover වවුචර ලබාගැනීමට ඔබට MyServiceNSW ගිණුමක් තිබිය යුතුය.
Dine & Discover වවුචර
වයස අවුරුදු 18 ට හෝ ඊට වැඩි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවැසියන්ට මෙම වුව්චර Dine & Discover වවුචර සඳහා අයදුම් කළ හැකිය.
සම්පුර්ණ වටිනාකම $100 ක් වන $25 වවුචර 4 ක් සඳහා මෙහිදී අයදුම් කිරීමට අවසර ලැබේ.
එයින් Dine NSW වවුචර 2 ක අවන්හල්, කැෆේ, තැබෑරුම්, wineries, pubs සහ සමාජ ශාලාවල ආහාර පාන ගැනීමට හෝ takeaway ක්‍රමයට ආහාර පාන ගැනීමට හෝ භාවිත කළ හැකිය.
ඊට අමතරව සෙසු Discover NSW 2 ක සංස්කෘතික ආයතන, සජීවී සංගීතය සහ කලා ස්ථාන ඇතුළු විනෝදාස්වාද කටයුතු සඳහා භාවිත කළ යුතුය.
රජයේ නිවාඩු ද ඇතුළුව සතියේ දින 7 තුළ ඕනෑම දිනයකදී මෙම වවුචර භාවිතා කළ හැකිය
මෙම වවුචර 2022 ජුනි 30 තෙක් වලංගු වේ.

NSW Premier Dominic Perrottet. Source: AAP
Dine & Discover වවුචර සඳහා අයදුම් කිරීමට සුදුසුකම්
Dine & Discover වවුචර සඳහා අයදුම් කිරීමට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.
- වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාසය කළ යුතුය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Dine & Discover වවුචර භාවිතා කළ හැකි සහ නොහැකි අවස්ථා
- Dine & Discover වවුචර භාවිතා කළ හැක්කේ Dine & Discover වැඩසටහනට සම්බන්ධ ව්‍යාපාරික ස්ථානවලදී පමණි.
- ඔබේ බිල්පත ඩොලර් 25 ට අඩුනම් ඉතිරි මුදල් ඔබට ලබාදෙනු ඇත.
- වවුචරය කල් ඉකුත්වීමේ දිනයට පෙර භාවිත කළ යුතුය.
- Dine & Discover වවුචරය ලබාදී අත්පිට මුදල් ගත නොහැක.
- ඇල්කොහොල්, දුම්කොළ ගැනීමට මෙන්ම සූදු ක්‍රීඩා සඳහා ද මෙම වවුචර භාවිත කළ නොහැකිය.

Source: www.service.nsw.gov.au
ඔබට අවශ්‍ය දේ
Dine & Discover වවුචර ලබාගැනීමට ඔබට MyServiceNSW ගිණුමක් තිබිය යුතුය.
NSW රියදුරු බලපත්‍රය, Medicare කාඩ්පත, ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය වැනි අනන්‍යතාව සහතික කළ හැකි ලේඛන 2 ක් ඉදිරිපත් කළ යුතුය.
Service NSW app එකේ නවතම version එක download කරගැනීමට සහ වවුචර් භාවිතා කිරීමට Smart ජංගම උපාංගයක් තිබිය යුතුය.