ඕස්ට්‍රේලියාවේ සිට විදේශ වල වෙසෙන ඔබේ පවුලේ සාමාජිකයන් හා මිතුරන්ට මුදල් යැවීමේදී අමතර ගාස්තු වලින් තොරව නිවැරදි ආකාරයට මුදල් යවන්නේ මෙසේයි.
ඔබේ බැංකුව හරහා
මෙය පහසු ක්‍රමයක් වුවත් විවිධ බැංකු විවිධ ගාස්තු මේ සදහා අය කරනවා. එය එක වරක් සදහා ඩොලර් 10 සිට 32ක් දක්වා විය හැකියි

විවිධ මුදල් යවන ආයතන හරහා
ඩොලර් 1000ක් දක්වා මුදල් යවන විට , විවිධ මුදල් යැවීමේ ආයතන තුලින් ඩොලර් 15ක් දක්වා වන ගාස්තුවකින් මුදල් යැවිය හැකියි
නමුත් එම ආයතන වල ඔබ වෙනුවෙන් වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය වේ . සමහර ආයතන EFTPOS හා cash ද භාර ගනී. නමුත් එවිට online ක්‍රමයට වඩා ගාස්තුව වැඩියි
International Money Order
ඔබේ බැංකුව හරහා ජාත්‍යන්තර චෙක් පතක් ගෙන එය තැපෑලෙන් යැවිය හැකියි. එවිට ඔබේ මුදල් ලබන්නාට එය බැංකුවේ තැන්පත් කල හැකියි. නමුත් මෙයට කල් ගත වේ
විනිමය අනුපාතික පිළිබද දැනුවත් වන්න
ඔබට මුදල් යැවීම හදිසි නොවේ නම්, විනිමය අනුපාතික ඔබට වාසි වන තෙක් සිටීම වැදගත්

මුදල් යවන ආයතන පිළිබද දැනුවත් වීමට පහත වෙබ් අඩවි වලින් හැකි වේ
ඔබ මුදල් යැවූ අංක ආදී සියලු තොරතුරු ලග තබා ගන්න
යැවූ මුදල් ලැබී නොමැති නම් , එම ආයතන වලින් සහය ලබා ගත හැකියි , නමුත් ඔබට එයින්ද සැහීමකට පත් විය නොහැකිනම් , Financial Ombudsman Service හරහා පැමිණිලි කල හැකියි
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”