ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කිරීම සති දෙකකින් කල් දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.
නවතම කොවිඩ් ප්‍රභේදය වන Omicron ප්‍රභේදය මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණ තිබීම සහ ලොව පුරා එය පැතිරෙමින් යාම මෙම සංශෝධනයට ප්‍රධාන හේතුව වේ.
Omicron ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභීන්ගේ සංචාරක සැලසුම් වෙනස් වී ඇති ආකාරය පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Highlights
- සුදුසුකම් ලත් වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 01 සිට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නොවැම්බර් 22 දින තීරණය කළේය.
- නමුත් Omicron නිසා ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කිරීම සති දෙකකින් කල් දමා තිබේ.
- ඒ අනුව අදාළ වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 15 දින යළි විවෘත කෙරෙනු ඇත.
මුල් සැලැස්ම
කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමිණි.
නමුත් සුදුසුකම් ලත් වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 01 සිට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නොවැම්බර් 22 දින තීරණය කළේය.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඒ අනුව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පහත සඳහන් වීසා හිමියන්ට දෙසැම්බර් 01 සිටඔස්ට්රේලියාවට පැමිණීමට අවසර ලැබී තිබුණි.
- ජාත්‍යන්තර සිසුන්
- නිපුණතා සංක්‍රමණිකයින්
- humanitarian වීසා හිමියන්
- working holiday වීසා හිමියන්
- තාවකාලික රැකියා වීසා හිමියන්
- provisional family වීසා හිමියන්
ඉහත සඳහන් වීසා ඛාණ්ඩවල සිටින ලක්ෂ 2 ක පමණ පිරිසක් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී ඔස්ට්‍රේලියාවට පැමිණෙතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
මේ අතර දෙසැම්බර් 1 සිට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොර පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජපාන සහ දකුණු කොරියා පුරවැසියන්ටද ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබී තිබුණි.

දැන් සිදුවන්නේ කුමක්ද?
දකුණු අප්‍රිකාවෙන් Omicron කොවිඩ් ප්‍රභේදය සොයාගැනීමෙන් පසුව පසුගිය නොවැම්බර් 27 වනදා දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 9 කට ඔස්ට්‍රේලියාව සංචාරක තහනමක් පැනවීමට තීරණය කළේය.
එම රටවල් 9 පහත පරිදි වේ.
- දකුණු අප්‍රිකාව
- ලෙසෝතෝ
- බොට්ස්වානා
- සිම්බාබ්වේ
- මොසැම්බික්
- නැමීබියාව
- Eswatini
- මලාවි
- සීෂෙල්ස්
පසුගිය දින 14 තුළ ඉහත රටවල සිටි පුද්ගලයින්ට තවදුරටත් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලබා දී නොමැත.
නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් සඳහා ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට විශේෂ අවසරයක් ලබා දී ඇත.
ඔවුන් එම රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණ දින 14 ක් හෝටල් නිරෝධායනය විය යුතුය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
වෙනත් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිද?
ඉහත සඳහන් රටවල් 9 හැරුණුකොට වෙනත් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ නම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනුව එම සංචාරකයින් හුදකලා වීමට හෝ නිරෝධායනය වීමට හෝ අවශ්‍යතාවයක් නොමැත.
නමුත් ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් කිහිපයක් තමන්ගේම නීති ඒ සම්බන්ධයෙන් හඳුන්වා දී ඇත.
ඉහත සඳහන් රටවලින් හැර වෙනත් විදෙස් රටවල සිට ACT, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් පැය 72 ක් තම නිවෙස්වල නිරෝධායනය විය යුතුය.
නමුත් දකුණු ඔස්ට්‍රේලියාවට වෙනත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක් හරහා සංක්‍රමණය වන පුද්ගලයින් ඇතුළු සියලුම සංචාරකයින් අනුමත හෝටලයක දින 14ක නිරෝධායනය විය යුතුය.
ඉදිරි සති දෙක තුළ අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?
ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කිරීම සති දෙකකින් කල් දමා තිබේ.
ඒ අනුව අදාළ වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 15 දින යළි විවෘත කෙරෙනු ඇත.
Omicron ප්‍රභේදය පිළිබඳවත් ඊට එරෙහිව කොවිඩ් එන්නතෙහි කාර්යක්ෂමතාවය පිළිබඳවත් නව ප්‍රභේදයේ රෝග පරාසය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම කාලය යෙදවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
Omicron ප්‍රභේදය පිළිබඳ සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කරමින් මෙම නව ප්‍රභේදය පිළිබඳ නොදන්නා කරුණු ඇති නමුත් ඔස්ට්‍රේලියාවේ භාවිතය සඳහා අනුමත කරන ලද කොවිඩ් එන්නත් Omicron ප්‍රභේදයෙන් දරුණු ලෙස රෝගී වීම, රෝහල්ගත වීම හෝ මරණය වැළැක්වීම සඳහා අඩු ඵලදායී බවක් ගෙනෙන බවට කීමට පැහැදිලි සාක්ෂි නොමැති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 93% ක් මේ වන විට එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ඇති අතර 87% ක පිරිසක් මාත්‍රා දෙකම ලබා තිබේ.

Australian Border Force personnel are seen at Perth Airport. Source: Getty Images/ Matt Jelonek
ලෝකයේ වෙනත් රටවල සිදුවන්නේ කුමක්ද?
මෙම නව කොවිඩ් ප්‍රභේදය නිසා ජාත්‍යන්තර සංචාරක තහනම් පැනවූ එකම රට ඔස්ට්‍රේලියාව නොවේ.
එක්සත් රාජධානියද තමන්ගේ සංචාරක රතු ලැයිස්තුවට නව කොවිඩ් ප්‍රභේදය බහුලව ඇති රටවල් 6 ක් එකතු කර ඇත.
එනම් එම රටවලින් පැමිණෙන සංචාරකයින් දින 10 ක් අනිවාර්යෙන් හෝටල්වල නිරෝධායනය විය යුතුය.
එමෙන්ම ඇමෙරිකානු පුරවැසියන්ට සහ එහි ස්ථිර පදිංචිකරුවන්ට හැර දකුණු අප්‍රිකාවේ සිට වෙනත් සංචාරකයින්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර තිබේ.
නයිජීරියාව, මලාවි සහ ඊජිප්තුවේ සිට පැමිණෙන මගීන් හුදකලා විය යුතු බවට කැනඩාව පවසයි.
ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන වීසා හිමියන්ට මීළඟට සිදු වන්නේ කුමක්ද?
ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීම සති දෙකකින් කල් දැමීම ඉතා අසීරුවෙන් ගත් තීරණයක් බවත් එය සෞඛ්‍ය උපදෙස් මත ගත් එකක් බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews මධ්‍යම පාර්ලිමේන්තුවට පැවසුවාය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ද මෙය නැවත පැවසුවේය.
දෙසැම්බර් 15 සිට ඔස්ට්‍රේලියාව නැවත විවෘත කරන බවට උපකල්පනය කරමින් අනෙකුත් පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට අවසර ලත් වීසා හිමියන් වර්ග මෙන්ම ඔවුන් ලබාගෙන තිබිය යුතු කොවිඩ් එන්නත් පිළිබඳ