ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථානයේදී ඔබ රැකියාවේ නිරත වන අතරතුර කෝචිඩ් වෛරසය වැළඳී ඇති බවට හඳුනාගතහොත් ඕස්ට්‍රේලියානු සේවකයෙකු ලෙස ඔබට පවතින අයිතිවාසිකම් මොනවාද?
Highlights
- ආරක්ෂිත සේවා ස්ථානයක් සඳහා සේවායෝජකයා සතුව පවතින බැඳීම්
- COVID-19 නිවාඩු සම්බන්ධයෙන් සේවකයාට වන හිමිකම්
- COVID-19 හේතුවෙන් සේවකන් හට ලබාදන වන්දි
- රැකියාව සඳහා ගමන් කිරීමේදී වෛරසය අසාදනය වීම
- කොන්ත්‍රාත් සේවකයින් සඳහා වන්දි
- පොදු නීති වන්දි
ආරක්ෂිත සේවා ස්ථානයක් සඳහා සේවායෝජකයා සතුව පවතින බැඳීම්
හැකිතාක් දුරකට ආරක්ෂිත සහ ප්‍රයෝගික ලෙස සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට ඔබේ සේවා යෝජකයා හට වගකීමක් පවතී. එමෙන්ම මෙය ඕස්ට්‍රේලියානු නීතිය සහ පිළිබඳව වන නීති යටතේ ක්‍රියාත්මක වේ.
COVID-19 වෛරසය සම්බන්ධයෙන් සැලකීමේදී තම සේවා ස්ථානය තුල වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා සියලුම ප්‍රායෝගික පියවර ගැනීමට මෙමගින් ඔවුන් බැඳී සිටී. මේ සඳහා සමාජ දුරස්ථභාවය, සනීපාරක්ෂාව සහ පිරිසිදු කිරීම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියා පටිපාටියක් ඇතුලත් වන අතර හැකි ඕනෑම වෛරස සම්ප්‍රේෂණයක් සඳහා ප්‍රතිචාර දැක්වීමට සැලසුමක් සේවා යෝජකයා සතුව පවතී.
COVID-19 නිවාඩු සම්බන්ධයෙන් සේවකයාට වන හිමිකම්
ඔබට ඔබේ රැකියා ස්ථානයේදී කෝවිඩ් වැළඳුනහොත් ඔබේ පළමු කාර්යය වන්නේ සෙසු කාර්යමණ්ඩල සාමාජිකයින් හට එය අසාදනය වීම වැලැක්වීමයි. මෙහිදී ඔබ ඔබේ සම්මත නිවාඩු ලබාගැනීම හෝ නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කිරීම ඇතුලත් වේ.
ඕස්ට්‍රේලියාවේ මගින් අනුමත කරන ලද තාවකාලික විදිවිධාන යටතේ සේවකයකු හට සති දෙකක වැටුප් රහිත “pandemic leave” නොහොත් වසංගත නිවාඩු සහ අර්ධ වැටුප් සහිත වාර්ෂික නිවාඩු ලබාගැනීමට හැකියාව හිමිවේ.
ඕස්ට්‍රේලියානු Fair Work කොමිසමේ රැකියා සඳහා අවම නියමයන් සහිත ලේඛන පවතින රැකියා ක්ෂේස්ත්‍ර රැසක් සොයාගැනීමට පිවිසෙන්න.
මෙම සහන ලබාදීම 2021 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබුනද තවදුරටත් දීර්ඝ කරනු ඇති බවට විශ්වාසයයි.
වැටුප් සහිත වසංගත නිවාඩු සුලභ නොවන අතර ඕස්ට්‍රේලියානු Fair Work කොමිසමේ රැකියා සඳහා අවම නියමයන් සහිත ලේඛන පවතින රැකියා ක්ෂේස්ත්‍ර තුනක් සඳහා වැටුප් සහිත වසංගත නිවාඩු ලබාගැනීමට හැකියාව පවතී.

Employers have a responsibility to minimise the risk of COVID-19 transmission in the workplace. Employees are obliged to cooperate in these efforts. Source: AAP
ඒවා පහත පරිදි වේ
නමුත් මෙම සහන මේ වනවිට කල් ඉකුත් වී තිබේ.
අමතර වැටුප් සහිත නිවාඩු සම්බන්ධයෙන් වන අයිතීන් ඔබගේ සේවා ස්ථානයේ workplace enterprise agreement හෝ individual employment contract එක මත රඳා පවතී.
ඔබ නිවාඩු හිමිකම් නොලැබෙන අනියම් හෝ කොන්ත්‍රාත් සේවකයකු නම් මෙම සහන කිසිවක් ඔබට අදාළ නොවේ.
නමුත් ඔබට නිරෝධායනය වීමට, ස්වයං හුදකලා වීමට හෝ කොවිඩ් වෛරසය හේතුවෙන් හුදකලා කාලසීමාවක සිටින අයකු රැකබලාගැනීමට සිදු වුවහොත් එවැනි අවස්ථාවකදී “වසංගත නිවාඩු ආපදා ගෙවීමක්” සඳහා ඔබ සුදුසුකම් ලැබිය හැක.
මෙය සති දෙකක නිවාඩු ආවරණය කිරීම සඳහා වන $1,500 දක්වා වන ගෙවීමක් වන අතර මෙම ගෙවීම ඔබේ ප්‍රාන්තයේ තවමත් සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් තොරතුරු සඳහා .
COVID-19 හේතුවෙන් සේවකන් හට ලබාදන වන්දි
ඔබට ඔබේ රැකියා ස්ථානයේදී කෝවිඩ් වෛරසය වැළඳී ඇති බවට පෙන්විය හැකි නම් ඔබේ වෛද්‍ය වියදම් සහ අහිමි වූ අදායම සඳහා සේවක වන්දි ඉල්ලීමට හිමිකම් පවතී. ඔබට long COVID තත්වයක් ඇතිවී දිගු කාලයක් රැකියාවෙන් ඉවත්ව සිටීමට සිදු වුවහොත් මෙය ඉතා වැදගත් වේ.
කම්කරු පිරිස සඳහා වන වන්දි යෝජනා විවිධ ප්‍රාන්ත අනුව වෙනස් වේ.
නිව් සවුත් වේල්ස් සහ බටහිර ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත තම කෝවිඩ් වෛරසය හේතුවෙන් තම සේවක වන්දි නීති සංශෝධනය කිරීම සිදු කොට තිබේ.
මෙහිදී, හඳුනාගත් ඇතැම් රැකියා වල නිරතවන පිරිසට කොවිඩ් වෛරසය වැළඳුනහොත් එය රැකියාවෙහි ප්‍රතිපලයක් වශයෙන් උපකල්පනය කිරීම සිදුවන අතර, වන්දි මුදල් ගෙවීමට සේවා යෝජකයා විරුද්ධ වන්නේ නම් එහිදී තම සේවකයා හට රැකියාවෙන් පිටතදී මෙම වෛරසය වැළඳී ඇති බවට ඔවුන් ඔප්පු කල යුතු වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙලෙස හඳුනාගත් රැකියා අතර සිල්ලර වෙළඳාම්, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආගන්තුක සත්කාරක, හදිසි සේවා සහ නිවසේදී කළ නොහැකි වෙනත් රැකියා ඇතුලු රැකියා ලැයිස්තුවක් පවතී.

You are eligible for compensation if you catch COVID-19 while travelling for work, or activity your employer has encouraged you to undertake as part of your job Source: AAP
වෙනත් විවිධ ප්‍රාන්ත වල සාමාන්‍ය පරිදි මෙම නීති ක්‍රියාත්මක වන අතර එහිදී ඔබට රැකියා ස්ථානයේදී කෝවිඩ් වැළඳුනු බවට ඔප්පු කිරීමට සිදු වේ.
වැඩිදුර තොරතුරු සඳහා ආයතන සංගමය හෝ ප්‍රාදේශීය සේවක වන්දි ඒජන්සිය සමග සම්බන්ධ වන්න.
රැකියාව සඳහා ගමන් කිරීමේදී වෛරසය අසාදනය වීම
ඔබ රැකියාව සඳහා ගමන් ගන්නා අතරතුර කොවිඩ් වෛරසයට ගොදුරු වුයේ නම් හෝ ඔබ රැකියාවේ කොටසක් වශයෙන් සිදු කරන ගමනක් අතරතුර වෛරසය වැළඳුනහොත් ඔබ සේවක වන්දි ඉල්ලීම සඳහා සුදුසුකම් ලබයි.
මෙය 2021 අගෝස්තු මාසයේදී නිව් සවුත් වේල්ස් හි Personal Injury Commission මගින් තහවුරු කොට තිබේ.
කොන්ත්‍රාත් සේවකයින් සඳහා වන්දි
ඔබ සේවක වන්දියෙන් ආවරණය වීමට නම් "සේවා ගිවිසුමක්" යටතේ සිටින සේවකයෙකු විය යුතු වන අතර සාමාන්‍යයෙන් විවිධ ප්‍රාන්ත අනුව මෙම නීති වෙනස් වේ.
කෙසේ නමුත් මෙම නීතිය යටතේ කොන්ත්‍රාත්කරුවන් ලෙස සැලකිය හැකි සේවකයින් ආවරණය වන නමුත් අසනීප නිවාඩු වැනි ප්රතිලාභ හිමි සේවකයින්ට ආවරණය නොවේ.
එමෙන්ම "අහාර බෙදාහැරීමේ" හෝ "කුරියර්" කටයුතු සිදු කරන සේවකයින් හට මෙම සහන ලබාගැනීම සම්බන්ධයෙන් අවිනිශ්චිත බවක් පවතී. 2018 දී Uber රියදුරෙකු හට සහ 2020 දී Uber Eats රියදුරෙකු හට තම සේවා කොන්ත්‍රාත්තු ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත Workers Compensation Commission මෙවැනි හිමිකම් සම්බන්ධයෙන් වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කොට තිබේ.
පොදු නීති වන්දි
කම්කරුවන්ගේ වන්දි යනු කිසිදු වරදක් ඔප්පු කිරීමකින් තොරව සිදු කරන වන්දි ගෙවීමකි. මෙහිදී තම සේවායෝජකයා යම් වරදක් කොට ඇති බවට ඔප්පු කිරීමට අවශ්‍ය නොවේ. නමුත් ඔබට සිදුවන තුවාල වීමක් හෝ අසනීප තත්වයක් සඳහා සේවායෝජකයා වගකිව යුතු නම් ඔබට common law නොහොත් පොදු නීතියේ හිමිකම් ලබාගැනීමට හැකි වේ.
මෙහිදී සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට නම්, ඔබට ආරක්ෂිත සේවා ස්ථානයක් සැපයීමට ඔබේ සේවායෝජකයා හිතාමතා හෝ නොසැලකිලිමත් ලෙස අපොහොසත් වී ඇති බවට ඔප්පු කලයුතු වේ.

If you catch COVID-19 while travelling for work you are eligible to claim workers compensation Source: Pexels / cottonbro
කෙසේ නමුත් මෙම පොදු නීතියෙහි හිමිකම් ලබාගැනීම සම්බන්ධයෙන් විවිධ ප්‍රාන්ත වල විවිධ මට්ටම් පවතී. උදාහරණ වශයෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ නීති සම්පාදනය මඟින් යම් සේවකයෙකු හට පොදු නීති හිමිකම් ලබාගැනීම සඳහා අවම වශයෙන් 30% ක "පූර්ණ පුද්ගල" ආබාධයක් පෙන්වීම අවශ්‍ය වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ඔබ නීතීඥවරයකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත් වේ.
ඔස්ට්‍රේලියාව තුල සිය සේවා යෝජකයාට එරෙහිව නඩු පැවරීම සඳහා අදහස් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පවතී. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නඩු නොපවතී. මේ අතර කෝවිඩ් සම්බන්ධ සිදුවීම්ද පවතින අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් සිදුවීම් තිබේ.
සාර්ථක පොදු නීති නඩුවකදී කොපමණ වන්දියක් ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් උසාවිය තීරණය කිරීම සිදු කරන්නේ අනාගත ඉපැයීම් අහිමි වීම, දඩුවම් කිරීම සහ අධෛර්යමත් කිරීම ඇතුලු කරුණු සැලකිල්ලට ගැනීමෙනි.
මේ වනවිට තම සේවකයින් සඳහා එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමට බොහෝ සේවායෝජකයින් තීරණය කිරීම සඳහා හේතුවන්නේ කුමක්ද යන්න මෙමගින් පැහැදිලි වේ. මේ හේතුවෙන් විචක්ෂණශීලී සේවා යෝජකයින් තම සේවා ස්ථානවල සමාජ දුරස්ථභාවය සහ පිරිසිදු කිරීමේ ප්‍රොටෝකෝල අඛණ්ඩව පවත්වාගෙන යාමද සිදු කරයි.