ජනවාරි 26 දින යෙදෙන ඔස්ට්‍රේලියා දිනයේදී (Australia Day) ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සිහිපත් කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට කළ යෝජනාව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ප්‍රතික්ෂේප කර තිබේ.
ස්වාධීන මන්ත්‍රිනී Zali Steggall විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබේ.
බ්‍රිතාන්‍යයන් විසින් ඔස්ට්‍රේලියාවේ ජනපද පිහිටුවලීමේ පටන් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් මුහුණ දී ඇති “වෙනස් කොට සැලකීම හා දුෂ්කරතා” පිළිගැනීම සඳහා නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ඉල්ලා Zali Steggall සිය සිඩ්නි මැතිවරණ කොට්ටාසයේ නගරාධිපතිවරුන්ට ලිපියක් යවා තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
වසර 1788 දී Port Jackson වෙත ප්‍රථම බ්‍රිතාන්‍ය නැව් පන්තිය සේන්දු වීම සැමරීම වස් සෑම වසරකම ජනවාරි 26 වන දින "ඔස්ට්‍රේලියා දිනය" සමරනු ලබයි.
නමුත් එදින සිට ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවට සිදුවූ වෙනස්කම් සහ පීඩන නිසා ජනවාරි 26 දින "Invasion Day" හෙවත් "ආක්රමණික දිනය" ලෙස සැමරීමටද තවත් පිරිස් පියවර ගෙන තිබේ.

Immigration Minister Alex Hawke. Source: AAP
Zali Steggall ගේ යෝජනාවට ආගමන ඇමතිගෙන් සැර පිළිතුරක්
ඔස්ට්‍රේලියා දිනයේදී ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සිහිපත් කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට Zali Steggall කළ යෝජනාව වැරදි එකක් බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය සමග වැරදි දේශපාලනයක් ඒ හරහා පිළිඹිබු වන බව ඔහු ඊට හේතු වශයෙන් දැක්වීය.
"මෙවැනි ආකාරයේ වැරදි යෝජනාවක් Warringah ආසනයේ මන්ත්‍රීවරියගෙන් ලැබීම කණගාටුවට කරුණක්. එය ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය සමග වැරදි දේශපාලනයක් හුවා දක්වනවා. එයින් ස්වදේශික හා ස්වදේශික නොවන ඔස්ට්‍රේලියානුවන් අතර බෙදීම් ඇති කළ හැකියි." යනුවෙන් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
අපගේ ඉතිහාසයේ හොඳ සහ නරක මැදින් ඔස්ට්‍රේලියා දිනයේදී අප සැවොම එක්සත් කිරීමක් සිදු කිරීම මේ දිනයේ සත්‍ය බව ද ඔහු පැහදිලි කළේය.
"අපේ ඉතිහාසයේ ඇති වූ අඩුපාඩුකම් නොසලකා බැලූවිට ඔස්ට්‍රේලියාව අද වඩාත්ම නිදහස්, සමානාත්මතාව රකින, ආරක්ෂිත හා විවිධත්වයෙන් යුක්ත සමාජයක් බවට පත්ව තිබෙනවා. මේ ගමන තවදුරටත් එක්ව ඉදිරියට හැමට නම් සැවොම හවුල් විය යුතුයි." යනුවෙන් ද අමාත්‍ය Alex Hawke පැවසීය.

زالی استیگل، نماینده حوزه وارینگه در مجلس نمایندگان Source: AAP
ජනවාරි 26 ඔස්ට්‍රේලියානු භූමිය යුරෝපීයන්ගේ කොලනියක් බවට පත්වූවා
ජනවාරි 26 දිනය පිළිබඳ විවිධ පුද්ගලයින් ගේ සිත් තුළ බොහෝ අදහස් මතු කරන දිනයක් ලෙස ස්වාධීන මන්ත්‍රිනී Zali Steggall පැවසුවාය.
"ජනවාරි 26 දින මෙම භූමිය යුරෝපීය යටත් විජිතකරණයේ ආරම්භය සනිටුහන් කරන අතර එය ප්රචණ්ඩත්වයේ ආරම්භය ද නියෝජනය කරයි. අපේ ආදිවාසී ප්‍රජාවන් බලයෙන් පහ කිරීම සහ අවතැන්වීම ද සිදුවුයේ එතැන් පටන්. පරම්පරා ගණනාවක පටන් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන වෙනස්කොට සැලකීම් සහ දුෂ්කරතා මතුවන්නට පටන් ගත්තේද ජනවාරි 26 සිටය." යනුවෙන් ඇය පැහැදිලි කළාය.
එනිසා "ඔස්ට්‍රේලියා දිනයේදී" පළමු ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පුදකළ ජීවිත සහ ඔවුන්ගේ කැපකිරීම් සිහිපත් කිරීම කළ යුතු නිවරදි දෙයක් බව ඇය අවධාරණය කළාය.
ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සහ ඔවුන්ගේ උරුමය පිළිගැනීම උදෙසා 2021 වසරේ ජනවාරි 01 වන දින සිට ඔස්ට්‍රේලියානු ජාතික ගීයේ දෙවැනි පේළිය වූ “for we are young and free” යන්න “for we are one and free” යනුවෙන් වෙනස් කිරීමට අගමැති Scott Morrison පියවර ගත්තේය.