ඔක්තෝබර් 19 වන දින සිට ඔස්ට්‍රේලියානුවන්ට කොවිඩ් එන්නත පිළිබඳ ජාත්‍යන්තර සහතිකයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
ඒ හරහා ඔවුන්ට ආරක්ෂිතව විදෙස් සංචාර සඳහා යොමුවීමට මගපාදනු ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
Highlights
- ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රලාභීන්ට සහ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභීන්ට තමන් කොවිඩ් එන්නත ලබා ඇති බවටවූ මෙම ජාත්‍යන්තර සහතිකය ලබාගත හැකිය.
- මෙය ඔබට ඩිජිටල් සහතිකයක් ලෙස download කරගැනීමට හෝ මුද්‍රණය කරගැනීමට හෝ හැකිය.
- අයදුම්කරුවන්ට myGov හරහා තම Medicare ගිණුම භාවිත කර හෝ Medicare Express app එක භාවිතා කර හෝ නොමිලේ මෙම ජාත්‍යන්තර සහතිකය ලබා ගත හැකිය.
කොවිඩ් එන්නත පිළිබඳ ජාත්‍යන්තර සහතිකයක්
ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රලාභීන්ට සහ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභීන්ට තමන් කොවිඩ් එන්නත ලබා ඇති බවට ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනයේ වන සාක්ෂි මෙහිදී ලබාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ලොව පුරා රටවල දේශ සීමා ආරක්ෂණ බලධාරීන්ට අදාළ පුද්ගලයා කොවිඩ් එන්නත ලබාගත් බවට සනාථ කිරීම සඳහා ජාත්‍යන්තරව හඳුනාගත හැකි සාක්ෂියක් ආරක්ෂිත QR කේතයක් හරහා මෙහිදී ඇතුළත් කෙරේ.
මෙම සාක්ෂිය මඟින් පූර්ණ කොවිඩ් එන්නත ලබා ගත් ඔස්ට්‍රේලියානුවන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවී ජාත්‍යන්තරයේ සංචාරය කිරීමට හැකි වේ.
මෙය ඔබට ඩිජිටල් සහතිකයක් ලෙස download කරගැනීමට හෝ මුද්‍රණය කරගැනීමට හෝ හැකිය.
එය International Air Transport Association (IATA) හෙවත් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංචාරක ගමන් බලපත්‍රය වැනි CCOVID-19 travel apps සමඟ අනුකූල වේ.

Source: AAP
ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කිරීම
කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචිලාභීන්ට නොවැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර සංචාර සිදුකළ හැකි බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගියදා පැවසීය.
ඔස්ට්‍රේලියානුවන්ගේ කොවිඩ් එන්නත් ලබා ගැනීම පිළිබඳ සාක්ෂි ඇතැම් රටවලට සනාථ කළ යුතු නමුත් ඇතැම් රටවල සඳහා අවශ්‍ය නොවේ.
කොවිඩ් එන්නත ලබාගත් බවට වූ ජාත්‍යන්තර සාක්ෂිය ඩිජිටල් මුද්‍රා තාක්ෂණයක් ලෙස ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක කිරීම ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය තරම් ආරක්ෂිත බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පෙන්වා දුන්නේය.
මෙම ජාත්‍යන්තර සහතිකය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් නියම කරන ලද නව ගෝලීය ප්‍රමිතියට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම් වලට අනුකූලතාව දක්වන බව ද මධ්‍යම රජය සඳහන් කළේය.
අයදුම්කරුවන්ට myGov හරහා තම Medicare ගිණුම භාවිත කර හෝ Medicare Express app එක භාවිතා කර හෝ නොමිලේ මෙම ජාත්‍යන්තර සහතිකය ලබා ගත හැකිය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.