තමන් හට එක්සත් රාජධානියේ පුරවැසිභාවය තිබෙනවා යනුවෙන් Fairfax මාධ්‍ය ජාලය පළ කළ පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ඔස්ට්‍රේලියාවේ නීතිය පිළිබඳ අමාත්‍ය Michael Keenan පවසයි.
අද (17/08) පෙරවරු 6 ට පමණ තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.
2004 වසරේදී තමන් පාර්ලිමේන්තුවට ඇතුල් වන විට තමන් හට ඔස්ට්‍රේලියාවේ හැර වෙනත් කිසිඳු රටක පුරවැසිභාවයක් නොමැති බව තමන් පැවසු බවත් ඒ බව හොඳාකාරවම Fairfax මාධ්‍ය ජාලය දන්නා බවත් ඔහු එම සටහනේ ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින් හට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාවක් නොමැත.

Source: Twitter
මෙම අර්බුදයට මුහුණ දුන් නවතම ගොදුර බවට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබී ජොයිස් වන අතර ඔහු නවසීලන්ත පුරවැසියෙකු බවට නවසීලන්ත අගමැතිවරයා පසුගිය සති අන්තයේදී තහවුරු කර සිටියේය.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නවසීලන්ත පුරවැසිභාවය පිළිබඳ අවසාන තීන්දුව ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබන සතියේදී තීරණය කරනු ඇත.