Highlights
- ව්‍යාපාරවලට සාමාන්‍යයෙන් ඔවුන්ගේ සේවාවන් සැපයීම සඳහා අදාළ වන නියමයන් සහ කොන්දේසි පාරිභෝගිකයින්ට නියම කළ හැකිය.
- සෞඛ්‍ය සේවකයින්, aged care හා childcare වැනි ස්ථාන වල සේවය කරන පුද්ගලයින්ට නීතියට අනුව කොරෝනා එන්නත ලබා ගැනීම අනිවාර්ය වේ.
- වෙනත් පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා අවශ්‍ය නොවන රැකියා වලදී, නව නීති සම්මත නොකළහොත් සේවකයින් ට එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට හාම්පුතුන්ට හැකියාව නොලැබේ.
ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත ලබා දීම එළඹෙන සඳුදා (22/02) සිට ආරම්භ කෙරේ.
ඒ උදෙසා ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනයේ COVID-19 එන්නත ලබා දීම පිළිබඳ තොරතුරු සටහන් කිරීම අනිවාර්ය කරමින් නව නීති සම්මත කර ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියාව තුළත් ඉන් පිටතත් ඔස්ට්‍රේලියානුවාසීන්ට COVID-19 එන්නත ලබා දීම පිළිබඳ තොරතුරු රජයට වාර්තා කළ යුතුය.
තොරතුරු සඳහා වන ඉල්ලීම්වලට අනුකූල නොවන සැපයුම්කරුවන්ට 2015 ඔස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛන පනත මගින් දඬුවම් පැනවිය හැකිය.
ඒ අනුව දැන් එන්නත් සපයන්නන්ට පුද්ගලයින් ගේ එන්නත් කිරීමේ තත්ත්වය පිළිබඳ ලේඛනයට පුද්ගලික තොරතුරු එකතු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත.
සෞඛ්‍ය හා වෙනත් අරමුණු සඳහා බලයලත් රජයේ නිලධාරීන්ට පමණක් මෙම තොරතුරු ලබා ගත හැකිය.
මේ අතර ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ දුරකථනයේ app එකක් හරහා කොරෝනා එන්නත ලබා ගත් බවට සාක්ෂි ලබා ගත හැකි බවට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගියදා නිවේදනය කළේය.

Source: AAP Image/Vito Corleone / SOPA Images/Sipa USA
ඔබට සංචාරය කිරීම සඳහා කොරෝනා එන්නත ලබාගත් බව ඔප්පු කිරීමට අවශ්‍යමද?
ව්‍යාපාරවලට සාමාන්‍යයෙන් ඔවුන්ගේ සේවාවන් සැපයීම සඳහා අදාළ වන නියමයන් සහ කොන්දේසි පාරිභෝගිකයින්ට නියම කළ හැකිය.
නමුත් ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය හෝ ආබාධිතභාවය වැනි පුද්ගලික ගුණාංගයක් පදනම් කරගෙන පුද්ගලයෙකුට ඔවුන්ගේ නියමයන් හෝ කොන්දේසි හරහා වෙනස් කොට සැලකුවහොත් ඔවුන් නීතියේ සීමාව ඉක්මවා යයි.
ආබාධිතභාවයට එන්නත ලබා ගැනීමට ගත් තීරණයට බලපාන ශාරීරික, වෛද්‍ය සහ මානසික ලක්ෂණ රාශියක් ඇතුළත් විය හැකිය.
නිදසුනක් වශයෙන්, බරපතල සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් COVID-19 වයිරසයට එරෙහිව එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට වෙනස් කොට සැලකීම ඔස්ට්‍රේලියානු නීතිය යටතේ ආබාධිතයින්ට වෙනස්කම් කිරීමක් විය හැකිය.
ඒ අනුව යම් ගුවන් සේවාවකට කොරෝනා එන්නත ලබා නොගත් පුද්ගලයින් තම ගුවන් සේවය හරහා රැගෙන යාම ප්‍රතික්ෂේප කිරීමට නම් එන්නත ලබා නොගත් ආබාධිත පුද්ගලයින් හට වෙනත් උපාය මාර්ගයක් නිර්මාණය කළ යුතු වේ.
මේ අතර කොරෝනා එන්නත ලබා නොගෙන පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියාවට පියාසර කළ නොහැකි බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නීති සම්පාදනය කළ හැකි බව ද මතක තබා ගත යුතුය.
මෙවැනි නව නීතියක් මගින් දැනට ඔස්ට්‍රේලියාවේ පවත්නා anti-discrimination laws හෙවත් වෙනස් කොට සැලකීම් විරෝධී නීති ඉක්මවා යා හැකි අතර, අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි නොමැතිව ඕනෑම කෙනෙකුට සේවය ප්‍රතික්ෂේප කිරීමට ගුවන් සමාගම්වලට කොළ එළියක් ද ලබා දේ.
රැකියා ස්ථානයේදී
කාර්ය මණ්ඩලය යම් යම් කොන්දේසි වලට අනුකූල වන ලෙස සාධාරණ ඉල්ලීම් කිරීමට සහ සේවා ස්ථාන ආරක්ෂිත බව සහතික කිරීම සඳහා බැඳීම් පැනවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත රජයන් වල නීති කළමනාකරුවන්ට ඉඩ ලබා දෙයි.
සෞඛ්‍ය සේවකයින්, aged care හා childcare වැනි ස්ථාන වල සේවය කරන පුද්ගලයින්ට නීතියට අනුව කොරෝනා එන්නත ලබා ගැනීම අනිවාර්ය වේ.
ඒ හරහා සේවකයාට සහ පැමිණෙන අමුත්තන්ට ආරක්ෂිත සේවා ස්ථානයක් සඳහා සාධාරණ අවශ්‍යතාවක් ඉටු කිරීම එයට හේතුව වේ.
වෙනත් පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා අවශ්‍ය නොවන රැකියා වලදී, නව නීති සම්මත නොකළහොත් සේවකයින් ට එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට හාම්පුතුන්ට හැකියාව නොලැබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
SBS Radio APP එකෙන් (Free download)
එවැනි නව නීති නොමැතිව වුවද, එන්නත ලබා නොගත් කම්කරුවන්ට නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් සැලසීම හෝ සගයන්ගෙන් වෙන්ව වෙනම රාජකාරී කිරීමට ඉඩ සැලසීම වැනි පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.