ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පොරොන්දුවන වංචාකරුවන් ගැන 2023 ආරම්භයේදීම විමසිල්ලෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීම්

පසුගිය වසර තුළ Scamwatch වෙත සිදු කරන ලද පැමිණිලිවලට අනුව රැකියා වංචාවන් 3,194 කට වඩා වාර්තා වී ඇති අතර, වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් ඉක්මනින් මුදල් ඉපයීමේ පොරොන්දුව මත ඒවාට රැවටී ඇත.

SCAM CONCEPT

Scam Source: Getty / Getty Images

රැකියා ලබාදෙන බවට පොරොන්දුවී මුදල් සහ පුද්ගලික දත්ත සොරාගන්නා වංචාකරුවන්ගෙන් 2023 නව වසරේදී ප්‍රවේශම් වන ලෙස බලධාරීහු ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටිති.

2022 වසරේදී රැකියාවලට බඳවා ගැනීමේ වංචාවන් නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 8.7 කට වඩා අහිමි වූ බව නව Scamwatch සංඛ්‍යාලේඛන හෙළි කරයි.

තරුණ ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ Scamwatch විශේෂයෙන් තරුණයින්ට මේ පිළිබඳ අනතුරු අඟවයි.

රැකියා සඳහා අයදුම් කිරීමේදී ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්නා ලෙස සහ සමාජ මාධ්‍ය ජාල හෝ Whatsapp වැනි පණිවිඩ සේවා හරහා ලබා දෙන රැකියා දීමනා වලින් ප්‍රවේශම් වන ලෙස Scamwatch ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාවට දන්වා සිටී.
LISTEN TO
Sinhala Mindfulness Web - Jan 02 image

අලුත් අවුරුද්දෙ අලුත් වෙන හැමදේම සමගින් අපේ හිත් අලුත් කර ගනිමුද?

SBS Sinhala

14:47
“දහස් ගණනක් ඔස්ට්‍රේලියානු තරුණ තරුණියන් පාසල් අධ්‍යාපනය අවසන් කර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගෙන ඇති අතර, ඔවුන්ගේ අනාගත වෘත්තීන් පිළිබඳව සහ නව වසරේ රැකියාවක් සෙවීමේ අපේක්ෂාව සහිතව සිටිනා විට අවාසනාවකට ඔවුන් වංචනිකයින් විසින් ඉලක්ක කරනු ලබනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Delia Rickard පැවසුවාය.

තරුණ පුද්ගලයින් රැකියා වංචා සඳහා විශේෂයෙන් අවදානමට ලක්වන බවත් වයස අවුරුදු 25 ත් 44 ත් අතර පසුවන උදවිය ඒ අතරින් ප්‍රධාන බවත් ඇය සඳහන් කළාය.

“ඔබ රැකියාවක් සොයන්නේ නම් සහ ඔබට විශාල මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදෙන රැකියාවක් සඳහා සුළු උත්සාහයක් පමණක් දැරීමට සිදුවේ නම් එය බොහෝ විට වංචාවක් විය හැකියි. නිෂ්පාදන මිලදී ගැනීමට හෝ සමාලෝචන ඉදිරිපත් කිරීමට වෙබ් අඩවියක හෝ යෙදුමක බොත්තමක් නැවත නැවත ක්ලික් කිරීමත් මෙයට ඇතුළත් විය හැකියි." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ නියෝජ්‍ය සභාපති Delia Rickard පැවසුවාය.
පසුගිය වසර තුළ Scamwatch වෙත සිදු කරන ලද පැමිණිලිවලට අනුව රැකියා වංචාවන් 3,194 කට වඩා වාර්තා වී ඇති අතර, වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් ඉක්මනින් මුදල් ඉපයීමේ පොරොන්දුව මත ඒවාට රැවටී ඇත.

වංචාකරුවන් බොහෝ විට guaranteed income හෙවත් සහතික කළ ආදායමක් සඳහා ගෙවීමක් ඉල්ලා සිටියි.

ඔවුන් ඉහළ පෙළේ සමාගම් සහ online shopping platforms වෙනුවෙන් රැකියාවලට නියුක්ත කරන්නන් බව මවාපාමින් සුප්‍රසිද්ධ බඳවා ගැනීමේ ආයතන ලෙස පෙනී සිටින බවද ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

රැකියාවලට බඳවා ගැනීමේ වංචාවලින් ආරක්ෂා වීමට නම්:

  • අනෙක් පාර්ශවයට කිසිවිටෙක මුදල් නොයවන්න, එමෙන්ම ඔබේ පුද්ගලික තොරතුරු, ක්‍රෙඩිට් කාඩ්, online බැංකු ගිණුම් විස්තර හෝ cryptocurrency මුදල් ගිණුම් විස්තර ඔබ නොදන්නා කිසිවෙකුට ලබා නොදෙන්න, ඔබ ඔවුන්ව අන්තර්ජාලයෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ දුරකථනයෙන් පමණක් හමු වී ඇත්නම් එය විශේෂයෙන් සිහිපත් කරගන්න.
  • Bitcoin වැනි cryptocurrency වලින් හෝ PayID හරහා හෝ සෘජුව බැංකු ගිණුමකින් මුදල් හුවමාරු කිරීමකින් හෝ පෙර ගෙවීමක් ඉල්ලා සිටින ඕනෑම විධිවිධානයකින් වළකින්න. මෙසේ ගෙවන ලද මුදල් යලි අයකර ගැනීමට හැකිවන්නේ ඉතා කලාතුරකිනි.
  • සම්මුඛ පරීක්ෂණයකින් තොරව හෝ ඔබේ අත්දැකීම්, යෝග්‍යතාවය සහ නිර්දේශ කිරීම් පිළිබඳ සාකච්ඡාවකින් තොරව රැකියාවක් ඔබට පිරිනමන්නේ නම් ඒ පිළිබඳ සැක කරන්න.
  • WhatsApp, Signal හෝ Telegram වැනි රහස්‍යභාවය සුරකින පණිවිඩ ජාල හරහා ඔබව සම්බන්ධ කර ගන්නා රැකියා නියෝජිතයින්ගෙන් ප්‍රවේශම් වන්න. මෙම පණිවිඩ ජාල සාමාන්යයෙන් වංචාකරුවන් විසින් භාවිතා කරනු ලැබේ.
  • ඔබ ගනුදෙනු කරන්නේ කා සමඟද යන්න දැන ගන්න. බඳවා ගන්නා සහ තනතුර පිරිනමන ව්‍යාපාරය හෝ පුද්ගලයා ගැන සොයා බලන්න. තමන් ස්වාධීනව අන්තර්ජාල සෙවීමකින් ලබාගත් දුරකථන අංක හරහා බඳවා ගැනීමේ නියෝජිතායතනය අමතන්න.
  • ඉක්මනින් ක්‍රියා කර ප්‍රතිචාර නොදක්වන්න. නීත්‍යානුකූල රැකියා බඳවා ගැනීමක් කිරීමේදී ඔබට ක්ෂණික තීරණයක් ගැනීමට අවශ්‍ය නොවේ.
  • රැකියා දැන්වීමක් විශ්වාසදායක platform එකක හෝ වෙබ් අඩවියක දිස් වූ පමණින් එහි නීත්‍යානුකූලභාවය විශ්වාස නොකරන්න. වංචාකරුවෝ ව්‍යාජ දැන්වීම් ද පළ කරති. ඔබට වංචාකරුවෙකු හමු වුවහොත්, එය අදාළ platform එකට හෝ නියෝජිතායතනයට වාර්තා කරන්න.
  • වෙනත් පුද්ගලයින් යම් වැඩසටහනකට බඳවා ගැනීම සඳහා ගෙවීම් හෝ ත්‍යාග ලබා නොගන්න.
  • වෙනත් කෙනෙකු වෙනුවෙන් මුදල් මාරු කිරීම, මිලදී ගැනීම් හෝ පැකේජ ලබා නොගන්න, ඔබ එහිදී මුදල් විශුද්ධිකරණය වැනි සාපරාධී වරදක් කළ හැකිය.
  • ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්න. නීත්‍යානුකූල බඳවා ගැනීමේ ආයතනවලට පමණක් ඔබේ තොරතුරු ලබා දී ඔවුන්ගේ රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ තේරුම් ගෙන ඇති බවට සහතික වන්න. ඔබේ ලිපිනය හෝ උපන් දිනය වැනි ඔබේ ජීව දත්ත පත්‍රයේ ඔබ කොපමණ පුද්ගලික තොරතුරු ඇතුළත් කර ඇත්ද යන්න ගැන සැලකිලිමත් වන්න.
  • ඔබගේ online ගිණුම්වල passwords නිතිපතා යාවත්කාලීන කිරීමට සහ ශක්තිමත් passwords හෝ passphrases භාවිතා කිරීමට මතක තබා ගන්න.



Share
Published 3 January 2023 4:48pm
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends