ඕස්ට්‍රේලියාව තුල වෙසෙන සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින ජනතාව සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් සිදු වූ අසාර්ථක ප්‍රතිචාර දැක්වීම් පිළිබඳව මෙම ප්‍රකාශය තුල ඇතුලත් වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඕස්ට්‍රේලියාව තුල සිටින සංක්‍රමණික ප්‍රජාව සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් දැඩි සහායක් නොලැබෙන අතර ඔවුන් බොහෝ විට අතහැර දැමෙන බව ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය පවසයි. මෙම "බහු සංස්කෘතික ප්‍රකාශය" නිකුත් කරමින් කම්කරු පක්ෂය අවධාරණ කොට සිටින්නේ කොරෝනා වසංගත තත්වය තුල ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් සිදු කල ප්‍රතිපත්ති නිර්මාණයේදී, සංක්‍රමණික ප්‍රජාව මගහැරීම පිළිබඳව මෙහි සාකච්චා කෙරෙන බවයි.
සිය අදහස් පළකරමින් කම්කරු පක්ෂ බහු සංස්කෘතික කටයුතු ප්‍රකාශක Andrew Giles සඳහන් කරන්නේ, ඕස්ට්‍රේලියාව සාඩම්බර බහු සංස්කෘතික රටක් වන නමුත් තව බොහෝ දේ එම ප්‍රජාව සඳහා සිදු කල යුතු බව මෙමගින් පෙන්වා දෙන බවයි.
සැබෑ අභියෝග
කොරෝනා වසංගත සමය තුල රැකියා සහ අදායම් අහිමි වූ බොහෝ සංක්‍රමණික ප්‍රජාවන්ට සහාය දැක්වීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අයවැය අසමත්වීම පිළිබඳව මෙහි විවේචනය කෙරේ.
එමෙන්ම බොහෝ ඕස්ට්‍රේලියානුවන් පිරිසක් පමණක් ආරක්ෂා කරමින් ඕස්ට්‍රේලියාව තුල සිටින බහු සංස්කෘතික ප්‍රජාව අතහැර දැමීමට මධ්‍යම රජය කටයුතු කිරීම පිළිබඳවද මෙහි ඇතුලත් වේ.
මෙය සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින පුද්ගලයින් සඳහා සමාජ හා ආර්ථික ප්‍රතිඵල ආයෝජනය කිරීමට හා වැඩිදියුණු කිරීමට රජයේ අයවැය අපොහොසත් වීමකි. කොරෝනා වසංගතය හේතුවෙන් සිදු වූ ව්‍යාපාර වසා දැමීම මත සංක්‍රමණික ප්‍රජාවන්හි කම්කරුවන්ට අසමාන ලෙසද බලපෑම් සිදු විය.
මේ සම්බන්ධයෙන් පෙන්වා දෙමින් Andrew Giles අවධාරණය කොට සිටින්නේ කොරෝනා වසංගත සමය තුල බහු සංස්කෘතික ප්‍රජාවට සිදු වූ අසාධාරණකම් රැසක් මේ ඔස්සේ සාකච්චා වන බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන සෑම පුද්ගලයකුටම එක හා සමානව ඔවුන්ගේ හැකියාවන් කරා ලඟා වීමට හැකි සමාජයක් ගොඩනැගීමේ අභියෝගය දැඩි ලෙස මේ වනවිට පවතින බවද ඔහු පවසයි.
විරුද්ධවාදී කණ්ඩායම් වලට එරෙහි ප්‍රතිචාරයක් වශයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මීට පෙර ඔක්තෝබර් අයවැය සියලු ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රතිචාරයක් ලෙස නම් කළේය.

Labor's multicultural affairs spokesperson Andrew Giles. Source: AAP
පුරවැසිභාවය සහ මානුෂීය බඳවා ගැනීම්
මෙම නව බහු සංස්කෘතික ප්‍රකාශය ඔස්සේ සරණාගතයින් රට තුලට ගැනීම සහ කප්පාදු කිරීම පිළිබඳව සහ ඕස්ට්‍රේලියානු පුරවැසි අයදුම්පත් කළමනාකරණය කිරීමේ රජයේ අසාර්ථකත්වය පිළිබඳවද අවධානයක් යොමුව තිබේ.
එමෙන්ම මෙමගින් පසුගිය අයවැය ඔස්සේ සකස් කරන ලද මානුෂීය වීසා වැඩසටහනේ කප්පාදුවලට එරෙහිව ද අනතුරු අඟවා තිබේ.
Partner visas සඳහා වන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය 'කුරිරු' බව කම්කරු පක්ෂය පවසයි
ඕස්ට්‍රේලියාව තුල සමාජ සහජීවනය වැඩි කිරීම සඳහා සංක්‍රමණික ප්‍රජාව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අත්‍යවශ්‍ය වන බවට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගියදා සඳහන් කළේය.
නමුත් Partner visas සඳහා වන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය 'කුරිරු' බව මෙම ප්‍රකාශය ඔස්සේ පෙන්වා දෙන කම්කරු පක්ෂය සඳහන් කරන්නේ එම නව වෙනස්කම් ඉල්ලුම්කරුවන් සඳහා "අසාධාරණ" සහ "බාධා" ගෙනදෙන්නක් බවයි. එමෙන්ම මෙම තත්වය ඔස්සේ සංක්‍රමණික ප්‍රජාවට අවධානමක් ගෙන දෙන බවද ඔවුන් පවසයි.
වර්ගවාදී විරෝධී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට කැඳවුම්
ඕස්ට්‍රේලියාව තුල පවතින ජනවාර්ගික හා වාර්ගික විවිධත්වය පිළිබඳව මනා දත්ත සඳහා කැඳවීමක් මෙම ප්‍රකාශයේ ඇතුලත් වේ. මෙමගින් පෙන්වා දෙන්නේ රට තුල වාර්ගික විවිධත්වය පිළිබඳව දත්ත අඩු මට්ටමක පැවතීම හේතුවෙන් එම ප්‍රජාව වෙත නිසි සේවා සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව අඩපණ කරන බවයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
කොරෝනා වසංගත සමයේ යම් වැඩිවීමක් සිදු වූ වර්ගවාදය පිළිබඳව හුවා දක්වමින් වර්ගවාදී විරෝධී උපාය මාර්ගයක් අවශ්‍ය බව මෙම ප්‍රකාශය ඔස්සේ කම්කරු පක්ෂය ඉල්ලා තිබේ.
කෙසේ නමුත් 2020-21 අයවැය ඔස්සේ ඔස්ට්‍රේලියාව තුල සමාජ සහජීවනය සහ බහු සංස්කෘතික ප්‍රජාවන් සමග සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඩොලර් මිලියන 62.8 වෙන් කළේය.