ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට City of Melbourne හෙවත් මෙල්බර්න් නගර සභාව අවධානය යොමුකර තිබේ.
එහිදී කොවිඩ් වසංගතය ආරම්භවීමට පෙර තිබූ ආකාරයට ජාත්‍යන්තර සිසුන්ව මෙල්බර්න් නුවරට ගෙන්වා ගැනීමට මෙල්බර්න් නගර සභාවට අවශ්‍යවී ඇත.
Highlights
- "Future Melbourne" කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තර සිසුන් යළි මෙල්බර්න් නුවරට ගෙන්වා ගැනීම සම්බන්ධව ක්‍රියාකාරකම් කිහිපයක් අනුමත කර තිබේ.
- 2019 වසරේදී මෙල්බර්න් නුවර රටවල් 170 කින් පමණ පැමිණි ජාත්‍යන්තර සිසුහු 150,000 කට වඩා ජීවත් වූහ.
- නමුත් පසුගිය අගෝස්තු මාසය වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් 88,203 ක් පමණක් සිටින බව වාර්තා වේ.
ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීමට අනුමත කළ ක්‍රියාකාරකම්
මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගිය අඟහරුවාදා "Future Melbourne" කමිටුව රැස්විය.
එහිදී එම කමිටුවේ සාමාජිකයින් පහත සඳහන් ඒවාද ඇතුළුව ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීම සම්බන්ධව ක්‍රියාකාරකම් කිහිපයක් අනුමත කර තිබේ.
- ජාත්‍යන්තර අධ්‍යාපනය සපයන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීම සම්බන්ධව වහාම ක්‍රියාත්මක වන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට උපදෙස් දීම.
- 2022 අධ්‍යයන වර්ෂය ආරම්භයේදී ජාත්‍යන්තර සිසුන් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමට සහයෝගය ලබා දීම.
- ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීම සඳහා ජාතික සැලැස්මක් ඉල්ලා Council of Capital City Lord Mayors හෙවත් අග නගරවල නගරාධිපතිවරුන්ගේ සභාව හරහා හවුල් උපදේශන ඉල්ලීම.
- මෙල්බර්න් නුවර ජාත්‍යන්තර සිසුන් පිළිගන්නා සහ ඔවුන්ට සහයෝගය දෙන නගරයක් ලෙස නගරයේ වෙළඳ නාමය ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
මෙල්බර්න් නුවර අධ්‍යාපනික නගරයක් ලෙස ලෝක මට්ටමේ කීර්ති නාමය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර සිසුන් නැවත පැමිණීම ඉතා වැදගත් බව අධ්‍යාපන හා නවෝත්පාදන කටයුතුවල ප්‍රධානියා වන නාගරික මන්ත්‍රී Davydd Griffiths පැවසීය.
2019 වසරේදී මෙල්බර්න් නුවර රටවල් 170 කින් පමණ පැමිණි ජාත්‍යන්තර සිසුහු 150,000 කට වඩා ජීවත් වූහ.
එනිසාම මෙල්බර්න් නුවර ලොව හොඳම ශිෂ්‍ය නගර වලින් එකක් බවට පත්වූ බවද නාගරික මන්ත්‍රී Davydd Griffiths පැවසීය.
"ගෝලීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙල්බර්න්හි කීර්ති නාමය අපි ආරක්‍ෂා කළ යුතු අතර එසේ කිරීමට නම් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂිත වූ වහාම ජාත්‍යන්තර සිසුන්ට ආපසු ඒමට මඟ සලසා දිය යුතුයි." යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Trams are seen along Bourke Street in Melbourne, Friday, July 23, 2021. Source: AAP Image/James Ross
වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්
පසුගිය අගෝස්තු මාසය වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් 88,203 ක් සිටින බව වාර්තා වේ.
2020 වසරේ මාර්තු අග වන විට සිටි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවට සාපේක්ෂව එය 42% ක පමණ අඩුවීමක් බව මෙල්බර්න් නගර සභාව පැවසීය.
කොවිඩ් වසංගතයෙන් පසුව මෙල්බර්න් නුවර යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර සිසුන් නැවත පැමිණීම ඉතා වැදගත් බව මෙල්බර්න් නගර සභාවේ නගරාධිපතිනී Sally Capp පැවසුවාය.
"මෙල්බර්න්හි ආකර්ෂණීය, විචිත්‍රවත් හා බහු සංස්කෘතියකට ජාත්‍යන්තර සිසුන් දායක වෙනවා. ජාත්‍යන්තර සිසුන් යනු රැකියා කරන සේවකයින්, ව්‍යාපාර හිමියන්, ස්වේච්ඡා සේවකයන්, අසල්වාසීන් සහ මිතුරන්." යනුවෙන් ඇය මෙල්බර්න් ජාත්‍යන්තර සිසුන්ගේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කළාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
කොවිඩ් වසංගතයට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය සඳහා ජාත්‍යන්තර සිසුන් වසරකට ඩොලර් බිලියන 13.7 ක දායකත්වයක් ලබා දී ඇත.
එමෙන්ම ඔවුන් 80,000 ක පමණ ශ්‍රම හිඟය පිරවීමට ද දායක වී තිබේ.
එනිසා ඔවුන් ආපසු පැමිණීමෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වන බව අප මනාව දන්නා බව මෙල්බර්න් නගර සභාවේ නගරාධිපතිනී Sally Capp පැවසුවාය.
ජාත්‍යන්තර අධ්‍යාපනය නැවත ආරම්භ කිරීම සහ 2022 ආරම්භය වන විට හෝ ඔස්ට්‍රේලියාව සිය දේශ සීමාව නැවත විවෘත කිරීමත් සමඟ සැලකිය යුතු ලෙස ජාත්‍යන්තර සිසුන්ගේ නැවත පැමිණීම සඳහා රජයේ සියලුම අංශ එකට එක්ව කටයුතු කළ යුතු බවද ඇය අවධාරණය කළාය.