ඔස්ට්‍රේලියාවේ gig ආර්ථිකයට සම්බන්ධ හෙවත් නිදහස් හෝ ස්වාධීනව සේවය කරන පුද්ගලයින්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ සෙනට් විමර්ශන කමිටුව මේ සතියේදී විමර්ශනයක් ආරම්භ කළේය.
එහිදී සංක්‍රමණික කම්කරුවන් සඳහා පනවා ඇති කොන්දේසි වලට සංක්‍රමණික කම්කරු මධ්‍යස්ථානයේ නියෝජිතයෝ දැඩි ලෙස විරෝධය පෑහ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ gig ආර්ථිකයට සම්බන්ධ සේවකයින්ට නිතිපතා රාජකාරී කරන වේලාවන් සඳහන් නොවන ස්වාධීන කොන්ත්‍රාත්තු ලබා දෙන බව සංක්‍රමණික කම්කරු මධ්‍යස්ථානය පැවසීය.
- නියමිත award rates සහ අවම වැටුපද සේවකයින්ට නොලැබෙන බව ඔවුහු පැවසූහ.
- වාර්ෂික නිවාඩු, පුද්ගලික නිවාඩු සහ අතිරික්ත වැටුප් ද අදාළ සේවකයින්ට ලබා නොදෙන බව සංක්‍රමණික කම්කරු මධ්‍යස්ථානය හෙළි කළේය.
සංක්‍රමණික කම්කරුවන් සූරා කෑම
නිතිපතා රාජකාරී කරන වේලාවන් සඳහන් නොවන ස්වාධීන කොන්ත්‍රාත්තු සේවකයන්ට ලබා දෙන බව සංක්‍රමණික කම්කරු මධ්‍යස්ථානය අදාළ විමර්ශනයේදී පැවසීය.
එමෙන්ම නියමිත award rates සහ අවම වැටුපද ඔවුන්ට නොලැබෙන බව ඔවුහු පැවසූහ.
ඊට අමතරව වාර්ෂික නිවාඩු, පුද්ගලික නිවාඩු සහ අතිරික්ත වැටුප් ද අදාළ සේවකයින්ට ලබා නොදෙන බව සංක්‍රමණික කම්කරු මධ්‍යස්ථානය සෙනට් විමර්ශන කමිටුව වෙත යොමු කරන ලද ලේඛන වල සඳහන්.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ස්වාධීන කොන්ත්‍රාත්තු ලබාදීමට හැකියාව ලැබෙන නිසා ABN අංකයක් ඇති අයදුම්කරුවන්ව අනෙක් පුද්ගලයින් පරයා එම රැකියා සඳහා තෝරාගන්නා බවද එහිදී සඳහන් විය.
"මෙය කොන්ත්‍රාත් කර්මාන්තවල තරඟයක් වන අතර සමාගම්වල සේවකයින් විසින් නිවැරදි දේ කිරීම සොයා ගැනීම මෙහිදී වඩාත් දුෂ්කර වී ඇත." යනුවෙන් සංක්‍රමණික කම්කරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ Matt Kunkel පැවසීය.
"මේ ආකාරයේ වංචනික පුරුදු වසර ගණනාවක් පුරාවට සිදුවෙමින් පවතින අතර සැබෑ මිනිස් පිරිවැය නොදැන මිනිසුන් භාවිතා කිරීමට බොහෝ සමාගම් සැබවින්ම උනන්දු වෙමින් පවතියි." යනුවෙන්ද ඔහු පැවසීය.
Uber, Uber Eats, Ola සහ Deliveroo යන සමාගම් නියෝජිතයින් ගේ අදහස් ඊයේ (12/04) දිනයේදී සෙනට් විමර්ශන කමිටුව විසින් අසනු ලැබූ බව වාර්තා විය.

The Uber Eats rider seen in central London. (Photo by Petra Figueroa / SOPA Images/Sipa USA) Source: AAP Image/Petra Figueroa
ගැටලු වලට පිළියම්
රැකියා කොන්ත්‍රාත්තු ලබා ගැනීමට මිනිසුන්ට බල කළහොත් නම්‍යශීලීභාවය ප්‍රශ්නයක් වනු ඇතැයි සිල්ලර අංශයේ සේවායෝජකයින් වෙනුවෙන් පෙනී සිටි ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙන්දන්ගේ සංගමය පැවසීය.
මෙම gig ආර්ථිකය මඟින් වැඩිපුර රැකියා කිරීමෙන් තම ආදායමට අතිරේක මුදලක් එකතු කරගැනීමට මිනිසුන්ට ඉඩ ලැබෙන බව අදාළ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි Paul Zahr විමර්ශන කමිටුව හමුවේ පැවසුවේය.
"ස්ථාවර රැකියාවක් හෝ අවම පැය ගණනක් සමඟ ගිවිසුමක් හා බැඳී සිටීමට වඩා, ඉල්ලුමට අනුව සේවා ස්ථාන වලට ඇතුළුවීමට සහ පිටවීමට මිනිසුන්ට හැකි බව සහතික කිරීමට අපට අවශ්‍ය වෙනවා." යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.
සංක්‍රමණික සේවකයින්ට ඔවුන්ගේ භාෂාවෙන් සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කළේය.
වෘත්තීය සමිති හා ප්‍රජා නීති මධ්‍යස්ථානවලට අරමුදල් සැපයීමෙන් පසුව පසු විපරම් අධ්‍යාපනයට පහසුකම් සැපයිය යුතු බව එහි සඳහන්ය.
එවැනි කොන්ත්‍රාත්තු වලින් සේවා යෝජකයින්ව ඉවත් කිරීමට පියවර ගත යුතු බව ද සංක්‍රමණික කම්කරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ Matt Kunkel පැවසීය.
සේවායෝජකයාට මෙම විධිවිධාන සැලකිය යුතු ප්‍රමාණයක් තිබිය හැකි නමුත් කිසිදු අනුබල දීමක් හෝ දඬුවම් පැමිණවීමක් නොමැත.