ඔස්ට්‍රේලියාව තුළ වැඩිමහල් මව්වරුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මාතෘ මරණ සඳහා මුහුණ දෙන බව The Lancet නම් වෛද්‍ය සඟරාව සිදු කළ නවතම අධ්‍යනයකින් හෙළිවී තිබේ.
ඔස්ට්‍රේලියාව තුළ ළදරු මරණ අනුපාතිකය 23%ක්ව පැවතියදී වයස අවුරදු 35ට වඩා වැඩි මව්වරුන්ගේ මාතෘ මරණ අනුපාතිකය 40%ක් බව එයින් අනවරණය වී ඇත.
මෙම සංඛ්‍යාව අනෙක් ගැබ් දැරීමේ වයස් සමග සසඳන විට ඉහළ අගයක් ගන්නා බවත් වයස අවුරදු 40 පිරුණු කල මසකට ගැබ් ගැනීම සම්බන්ධයෙන් 5%ක පමණ ප්‍රතිශතයක් තිබෙන බවත් මෙයින් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාව තුළ වයස අවුරුදු 35ට වැඩි මව්වරුන්ගේ සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහළ යන බවද අදාළ වාර්තාව පෙන්වා දෙන අතර වැඩිමහලු ගැබ් දැරීම් සම්බන්ධයෙන් ලොව දෙවන ඉහළම අගයද එය බව සඳහන්. එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත්තේ ස්පාඤ්ඤයයි.
ගැබ් ගැනීමේ අවධියේ සිට දරු උපත සිදු වන අතර කාලයේදි වැඩිමහලු මව්වරුන්ගේ සෞඛ්‍යය සංකුලතා නිසා අවදානම වැඩි බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ ප්‍රසව හා නාරි වේදය පිළිබඳ වෛද්‍ය Gino Pecoraro SBS වැඩසටහනට පැවසුවේය.

Percentage of births in women over 35. Source: The Lancet Source: The Lancet
“වැඩිමහලු කාන්තාවන් ගැබ් ගත් විට ඒ අයගේ වැඩිමහලු හදවතට, පෙනහළු වලට, වකුගඩු වලට වඩා ගැබ්ගැනීමට විශේෂ අවධානයක් යොමු වෙනවා. නමුත් ගැබ්ගැනීම හේතුවෙන් ශරීරයේ අනෙක් ඉන්ද්‍රියයන් වෙත අධික පීඩනයක් එල්ල කරනවා.” වෛද්‍ය Gino Pecoraro වැඩිදුර පැවසුවේය.
මීට අමතරව වැදැමහ ගැබ්ගෙලෙහි වර්ධනය වී අධික රුධිර පීඩනයක් ඇති කරනවා සේම, පූර්ව එක්ලම්ප්සියාව (ගැබ් වලිප්පුව), ගර්භනී සමයේ හටගන්නා දියවැඩියාව සහ දරුවාට වර්ණදේහ පිළිබඳ ගැටළු මේ මගින් මතුවන බවද ඔහු පැවසීය.
කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ සාමන්‍ය වයස් වල සිටිනා කාන්තාවන් ගැබ් ගන්නා ප්‍රමාණය වර්ධනය වෙමින් පවතින බවද වෛද්‍ය Pecoraro පැවසුවේය.
“මීළඟ පරම්පරාව මේවායේ සීමාවන් දැනගත යුතු බව මම විශ්වාස කරනවා. මොකද මේ සම්බන්ධයෙන් තිබෙන සර්වරෝගනාශකය IVF තාක්ෂනය නෙමෙයි.” වෛද්‍ය Gino Pecoraro වැඩිදුර පැවසුවේය.
වෛද්‍ය Pecoraroට අනුව සැම අවස්ථාවක්ම එකිනෙකට වෙනස්ය. ඒ අනුව වැඩිමහලු මව්වරුන් පිළිබඳ සැලකීමේදී ඔවුන්ගේ ඇතුළාන්තය වඩා වැදගත්ය.
“අවුරුදු 40ට වඩා වැඩි මව්වරුන්ගේ දරු උපත් අනුපාතිකය ඉහළ අගයක් ගන්නේ ඇයි ?” යන ප්‍රශ්නයට වෛද්‍ය Pecoraro පැවසුවේ “ඔබ ආදරයෙන් බැඳෙන කාලය ඔබට තෝරාගන්න බැහැ” යනුවෙනි.
මීට අමතරව දරු උපත් සඳහා වියදම් අධික රටවලින්ද ඔස්ට්‍රේලියාව දෙවන ඉහලම තැන ගන්නා බවත් පළමු තැන ඇමරිකාවට හිමිව ඇති බවත් වාර්තා වේ.