නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 ප්‍රාදේශීය වීසා වැඩසටහන 2021 පෙබරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට සූදානම් වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම ප්‍රාදේශීය සංවර්ධන ඕස්ට්‍රේලියා (RDA) කාර්යාල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ අමාත්‍යංශයට 491 වීසා වැඩසටහන මෙහෙයවීම සඳහා එළඹෙන පෙබරවාරි මාසයේ සිට සහය දක්වනු ඇත.

Empregadores ameaçaram estudantes de deportação depois que eles pediram por salários devidos Source: Getty Images
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පාහේ 491 ප්‍රාදේශීය වීසා වැඩසටහන ක්‍රියාත්මක වේ.
2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිතව තිබුණේ මේ වසරේ ජූලි මාසයේ වූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය ඔක්තෝබර් මාසයට කල් යාමත් සමග මෙයද ප්‍රමාද විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
ඒ අනුව 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා වැඩසටහන 2021 වසරේ පෙබරවාරි මස මුල සිට ඇරඹෙන බව මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
අයදුම්කරුවන්ට ඛාණ්ඩ තුනක් යටතේ මෙම වීසා සඳහා අයදුම් කිරීමට හැකියාව ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

Source: AAP
ප්‍රධාන ඛාණ්ඩ 3
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 ප්‍රාදේශීය වීසා සඳහා අයදුම් කිරීමට නම් ඔබ පහත ඛාණ්ඩ ත්‍රිත්වයෙන් එකකට අනිවාර්යෙන් අයිති විය යුතුය.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් රැකියා කිරීම
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක නුදුරේදී උසස් හෝ වෘත්තීය අධ්‍යාපනය හදාරා අවසන් කිරීම
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලින් පිටත වාසය කරමින් රැකියා කිරීම

Source: Getty Images
01. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් රැකියා කිරීම
මෙම ඛාණ්ඩයෙන් අයදුම් කිරීමට නම් ඔබ පහත දෑ සැපිරිය යුතුය:
- ඔබගේ නිර්දේශිත ප්‍රාදේශීය කලාපයේ රැකියා ලැයිස්තුවේ ඇති වෘත්තියක් සඳහා වලංගු skills assessment එකක් තිබීම;
- අවම වශයෙන් පසුගිය මාස 12 ක කාලය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක ජීවත් වීම; සහ
- අවම වශයෙන් පසුගිය මාස 12 ක කාලය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක ඔබගේ නිර්දේශිත රැකියාවෙහි (nominated occupation) රැකියාවක් කිරීම හෝ එම නිර්දේශිත රැකියාවට ආසන්න වූ වෘත්තියක රැකියාවක් කිරීම.
02. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක නුදුරේදී උසස් හෝ වෘත්තීය අධ්‍යාපනය හදාරා අවසන් කිරීම
මෙම ඛාණ්ඩයෙන් අයදුම් කිරීමට නම් ඔබ පහත දෑ සැපිරිය යුතුය:
- ඔබගේ නිර්දේශිත ප්‍රාදේශීය කලාපයේ රැකියා ලැයිස්තුවේ ඇති වෘත්තියක් සඳහා වලංගු skills assessment එකක් තිබීම;
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක පහත සඳහන් කොන්දේසි සපුරමින් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම;
- පසුගිය මාස 24 තුළ එම අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර තිබිය යුතුය;
- අදාළ අධ්‍යාපන සැපයුම්කරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක ස්ථාපනය වී තිබිය යුතුය;
- ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුව සඳහන් කර ඇති අන්දමට එම අධ්‍යාපන කටයුතු ඔස්ට්‍රේලියානු අධ්‍යන අවශ්‍යතාව සපුරාලිය යුතුය; සහ
- එම අධ්‍යපාන කටයුතු වලින් ලබාගත් සුදුසුකම් අදාළ තක්සේරු කිරීමේ අධිකාරිය (assessing authority) විසින් ඔබ විසින් නම් කරන ලද රැකියාවට සමීපව තක්සේරු කර තිබිය යුතුය; සහ
- අදාළ අධ්‍යපාන නිම කරන අතරේ ඔබ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක වාසය කළ යුතුය.
03. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලින් පිටත වාසය කරමින් රැකියා කිරීම
මෙම කොටස යටතේ නිව් සවුත් වේල්ස් nomination සඳහා සුදුසුකම් ලැබීමට ඔබ අවම වශයෙන් පහත සඳහන් ඛාණ්ඩ වලින් එකක් සඳහා වන සියලු නිර්ණායක සපුරාලිය යුතුය:
A. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක Job offer එකක් තිබීම
මෙම ඛාණ්ඩයෙන් අයදුම් කිරීමට නම් ඔබ පහත දෑ සැපිරිය යුතුය:
- ඔබගේ නිර්දේශිත ප්‍රාදේශීය කලාපයේ රැකියා ලැයිස්තුවේ ඇති වෘත්තියක් සඳහා වලංගු skills assessment එකක් තිබීම;
- අඛණ්ඩ රැකියාවක් සඳහා පහත සඳහන් කොන්දේසි සපුරන ආකාරයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක Job offer එකක් තිබීම:
- Job offer එකට අදාළ රැකියාව ඔබගේ නිර්දේශිත රැකියාවක් හෝ (nominated occupation) එම නිර්දේශිත රැකියාවට ආසන්න වූ වෘත්තියක රැකියාවක් වීම; සහ
- සතියකට අවම පැය 35 බැගින් මාස 12 ක කොන්ත්‍රාත්තුවක් තිබීම;
- අදාළ සේවායෝජකයා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක ස්ථාපනය වී තිබීම සහ ඔස්ට්‍රේලියාවේ ලියා පදිංචි වී සිටීම.
B. අවම වශයෙන් වසර පහක රැකියා පළපුරුද්දක් තිබීම (ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට)
ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවෙකු නම් ඔබ පහත දෑ සැපිරිය යුතුය:
- ඔබගේ නිර්දේශිත ප්‍රාදේශීය කලාපයේ රැකියා ලැයිස්තුවේ ඇති වෘත්තියක් සඳහා වලංගු skills assessment එකක් තිබීම; සහ
- එම නිර්දේශිත රැකියාවට අදාළව හෝ ඊට ආසන්න රැකියාවකට අදාළව අවම වශයෙන් වසර පහක රැකියා පළපුරුද්දක් තිබීම.
C. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක ඔබේ පවුලේ අයෙකු සිටීම
මෙම ඛාණ්ඩයෙන් අයදුම් කිරීමට නම් ඔබ පහත දෑ සැපිරිය යුතුය:
ඔබගේ නිර්දේශිත ප්‍රාදේශීය කලාපයේ රැකියා ලැයිස්තුවේ ඇති වෘත්තියක් සඳහා වලංගු skills assessment එකක් තිබීම; සහ
පහත සඳහන් අවශ්‍යතා සපුරාලන ඔබේ පවුලේ ළඟම සාමාජිකයෙකු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කළ ප්‍රාදේශීය කලාපයක සිටිය යුතුය:
- අදාළ පවුලේ සාමාජිකයා ඔබේ සීයා, මිත්තණිය, පියා, මව, සහෝදරයා හෝ සහෝදරිය විය යුතුය;
- අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතුය;
- අදාළ පවුලේ සාමාජිකයා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු හෝ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 489 වීසා ලාභියෙකු හෝ විය යුතුය;
- මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කළ ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් සිටිය යුතුය; සහ
- පසුගිය මාස 24 ක කාලය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නම් කළ ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් සිටිය යුතුය;
ඉහත සඳහන් අවශ්‍යතා සපුරා ඇති බවට ඔබේ එම පවුලේ සාමාජිකයා දිවිරුම් ප්‍රකාශයක් මගින් සහතික කළ යුතු වේ.

Source: Pixabay
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප 13 ක ලැයිස්තුවක් ඇති අතර ඒවා පහත පරිදි වේ.
- (including Murray region)