ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison තම කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබේ.
එම සංශෝධන පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමක් අද (29/03) පස්වරුවේ අගමැති මොරිසන් විසින් සිදු කරන ලදී.
Highlights
- නව කැබිනට් සංශෝධනයේදී Christian Porter සහ Linda Reynolds යන මන්ත්‍රීවරුන්ට ඔවුන් දරමින් සිටි සිය කැබිනට් අමාත්‍ය ධුර අහිමි විය.
- නව නීතිපති ලෙස Michaelia Cash පත්කොට ඇති අතර ආරක්ෂක ඇමති ධුරය Peter Dutton හට ලබා දී තිබේ.
- Peter Dutton දරමින් සිටි ස්වදේශ කටයුතු ඇමති ධුරය Karen Andrews හට බාරදී ඇත.
කැබිනට් සංශෝධනය
අද (29/03) ප්‍රකාශයට පත් කෙරුණු කැබිනට් සංශෝධනයේදී Christian Porter සහ Linda Reynolds යන මන්ත්‍රීවරුන්ට ඔවුන් දරමින් සිටි සිය කැබිනට් අමාත්‍ය ධුර අහිමිවී තිබේ.
Christian Porter ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නීතිපති සහ කාර්මික සම්බන්ධතා අමාත්‍ය ධුරය දරමින් සිටි අතර Linda Reynolds ආරක්ෂක ඇමති ධුරය දරමින් සිටියාය.
අතීතයේ සිදු කළ බවට නැගුනු ලිංගික අතවරයක් පිළිබඳ චෝදනා හේතුවෙන් Christian Porter හට පසුගිය සති කිහිපය පුරාවට විවිධ පීඩන එල්ලවුණු අතර ඔහුට සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටද ඉල්ලීම් රාශියක් ලැබුණේය.
ඔහු පසුගිය සති කිහිපයේදී මානසික නිවාඩු ද ලබාගෙන තිබුණි.
තම කාර්යාලයේ සේවිකාවක් ව සිටි Brittany Higgins හට සිදුවූ ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් සාධාරණ නොවන අන්දමට කටයුතු කිරීම පිළිබඳ දැඩි විවේචනයට ලක්වීමෙන් පසුව Linda Reynolds ව ආරක්ෂක ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ලවී තිබුණි.
නව කැබිනට් මණ්ඩලය
Christian Porter ගෙන් පුරප්පාඩු වූ නීතිපති සහ කාර්මික සම්බන්ධතා අමාත්‍ය ධුරය Michaelia Cash හට ලබා දී තිබේ.
මේ අතර Linda Reynolds ගේ ආරක්ෂක ඇමති ධුරය ස්වදේශ කටයුතු ඇමති ලෙස කටයුතු කරමින් සිටි Peter Dutton හට ලබා දී ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස Christian Porter දරමින් සිටි ධුරයද අමාත්‍ය Peter Dutton හට ලබා දී ඇතැයි සඳහන්.
Peter Dutton දරමින් සිටි ස්වදේශ කටයුතු ඇමති ධුරය Karen Andrews හට බාරදී ඇත.
Karen Andrews දරමින් සිටි කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ ඇමති ධුරයට Christian Porter පත් කර තිබේ.
Stuart Robert දරමින් සිටි රාජ්‍ය සේවා සහ ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමය (NDIS) පිළිබඳ අමාත්‍ය ධුරය Linda Reynolds හට ලබා දී ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර ශ්‍රම බලකාය, නිපුණතා, රැකියා සහ කුඩා ව්‍යාපාර පිළිබඳ ඇමතිධුරය Stuart Robert හට පිරිනමා තිබේ.
අගමැති මොරිසන්, භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg, මුල්‍ය අමාත්‍ය Simon Birmingham සමග කාන්තා ඇමතිවරුන්ගේ කණ්ඩායමට වත්මන් කාන්තා හා විදේශ කටයුතු ඇමතිනී Marise Payne නායකත්වය දෙනු ඇත.
Marise Payne මූලික වශයෙන් “කාන්තා අගමැති” බවට පත්වන බව අගාම්ති මොරිසන් පැවසීය.
Superannuation ඇමති ධුරය දරන Jane Hume හට කාන්තාවන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය යන විෂයය පථයද ලබා දී ඇත.
කාර්මික සම්බන්ධතා සහ කාන්තා සහකාර අමාත්‍ය ධුරයට Amanda Stoker පත්වනු ඇත.
සමාජ සේවා ඇමතිනී Anne Ruston ගේ විෂයය පථයට කාන්තාවන්ගේ ආරක්ෂාව ද එක් කරනු ඇත.

Key ministers Christian Porter and Linda Reynolds have been stripped of their portfolios. Source: AAP
කැබිනට් සංශෝධනයේ නිමිත්ත
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඇතුළු කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාන්තාවන්ට සිදුවූ අපයෝජන හා අක්‍රමිකතා හේතුවෙන් පසුගිය සති කිහිපය මුළුල්ලේම වත්මන් ලිබරල් සන්ධාන රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.
අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු හට ස්ත්‍රී දූෂණ චෝදනා මෙන්ම කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ අපහරණය කළ බවට චෝදනා කිහිපයක් නැගෙන්නට විය.
මේ අතර කැන්බරා පාර්ලිමේන්තු කාර්යාලයේ සේවිකාවක වූ Brittany Higgins හට සිදුකළා යයි එල්ල වන ස්ත්‍රී දූෂණ චෝදනා නිසා ද මොරිසන් රජය දැඩි පීඩනයකට මුහුණදෙමින් සිටී.
මෙම සියලු පීඩන හමුවේ ලිබරල් සන්ධාන රජය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට මෙම කැබිනට් සංශෝධනය සිදුකළ බව අගමැති මොරිසන් පැවසීය.