බටහිර සිඩ්නි නුවර ඉදිවන නව වැඩසටහන් නිෂ්පාදන මධ්‍යස්ථානයක් සමගින් SBS ආයතනය තම මෙහෙයුම් පුළුල් කරයි

SBS මාද්‍ය ආයතනය විසින් තම වැඩසටහන් නිෂ්පාදන කටයුතු පුළුල් කරමින් බටහිර සිඩ්නි නුවර වැඩසටහන් නිෂ්පාදනය සිදුකෙරෙන මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් මධ්‍යම රජය සිදුකල අධ්‍යයනයකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

SBS Artarmon

SBS headquarters is in Artarmon in Sydney's north. Source: SBS

Key Points
  • බටහිර සිඩ්නි නුවර මෙම නවමධ්‍යස්තානය පිහිටුවීමට බලාපොරොත්තු වන අතර තවමත් නිශ්චිත ස්ථානයක් තීරණය කර නොමැත.
  • ශක්‍යතා අධ්‍යයනයකින් පසුව සිඩ්නි හි උතුරේ ආටාර්මන් ප්‍රදේශයේ පිහිටි එහි මූලස්ථානයෙන් SBS ආයතනය වෙනත් ස්ථානයකට ගෙන නොයෑමට රජය තීරණය කර ඇත.
  • මෙම නව මධ්‍යස්ථානය සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීම 2025 වසරේදී සිදුකිරීමට SBS ආයතනය බලාපොරොත්තු වේ.
ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික වැඩසටහන් විකාශකයා ලෙස සැලකෙන SBS ආයතනය විසින් නව වැඩසටහන් නිෂ්පාදන මධ්‍යස්ථානය පිහිටුවීමට යන බව මධ්‍යම රජය ඉරිදා දිනයේදී නිවේදනය කල අතර මේ සඳහා සුදුසු ස්ථානයක් නිශ්චිතව තීරණය කර නොමැත.

මෙම නව මධ්‍යස්ථානය තුල රූපවාහිනී සහ ගුවන් විදුලි මැදිරි මෙන්ම පොඩ්කාස්ට් නිෂ්පාදන පහසුකම් සහිත මැදිරි ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වනු ඇත.

මේ පිලිබඳ සිදුකෙරුණු ශක්‍යතා වාර්තා අධ්‍යයනයකින් පසුව රජය මෙම තීරණයට එළඹ ඇති අතර සිඩ්නි නුවර SBS මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන නොයාමටද මෙහිදී තීරණය වී ඇත.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙන ස්ථානය සහ ඒ පිලිබඳ අවසන් නිගමනයන් ඉදිරියේදී දැනුම් දීමට නියමිත වේ. කෙසේ උවත් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් පසුව වසරකට පැය 1440කට වඩා වැඩි ප්‍රමාණයක් රේඩියෝ සහ පොඩ්කාස්ට් වැඩසටහන් නිෂ්පාදනය කිරීමේ හැකියාව SBS ආයතනය සතු වන අතර වසරකට පය 360ක් පමණ වන නැවුම් ඕස්ට්‍රේලියානු වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කිරීමේ හැකියාවද ලැබෙනු ඇත.

ලබන වසරේදී SBS ආයතනයට වසර 50ක් සපිරෙන අතර අප ආයතනයේ වැඩසටන් නිෂ්පානන හැකියාව පුළුල් කිරීම මෙම විශේෂ අවස්තාව සැමරීමට ඇති හොඳම ක්‍රමය බව SBS ආයතනයේ සභාපති George Savvides AM පවසා සිටී.

බටහිර සිඩ්නි නුවර වෙත SBS ආයතනයේ වැඩසටහන් නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට ලැබීම ඉතා සුවිශේෂී අවස්තාවක් ලෙස SBS ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සලකනු ලබන අතර මේ හරහා බටහිර සිඩ්නි නුවර වාසීන්ටද SBS වැඩසටහන් වල කොටස් කරුවන් වීමටද අවස්තාව උදාවන බව SBS ආයතනයේ සභාපති George Savvides AM පවසා සිටී. මේ හරහා SBS මාධ්‍ය ආයතනය විසින් සිදුකරන විශ්වාසනීය වූත් අපක්ෂපාතී වූත් මාධ්‍ය මෙහෙවර වඩාත් පුළුල් ලෙස සිදුකිරීමට හැකිට්‍යාව උදාවනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


George Savvidis AM
SBS Chair George Savvides AM. Source: Supplied

බටහිර සිඩ්නි ප්‍රදේශයේ ජනගහනයෙන් සියයට 40 කට වඩා විදේශයන්හි උපන් පදිංචිකරුවන්ගෙන් සමන්විත වන අතර විශාලතම ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනගහනයක් ජීවත් වන ප්‍රදේශයක් ලෙස සැලකේ.

SBS ආයතනයේ දියුණුව සඳහා මධ්‍යම රජයේ ඇති උනන්දුව මේ හරහා පෙනීයන බව සන්නිවේදන කටයුතු පිලිබඳ අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් පවසා සිටී.

ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතීන් සඳහා සහ ආදී වාසීන් සඳහා වන ප්‍රධානතම මාධ්‍ය ආයතනය මෙන්ම විශ්වාසනීයතම ප්‍රවුර්ති සහ තොරතුරු වාර්තාකරණයේ නියැලෙන මාධ්‍ය ආයතනයක් ලෙස SBS මාධ්‍ය ආයතනය සමාජ එකමුතුව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදුකරන බව සන්නිවේදන කටයුතු පිලිබඳ අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් වැඩිදුරටත් පවසා සිටී.

විවිධ බාෂා කාතාකරන මෙන්ම විවිධ සංස්කෘතීන් නියෝජනය කරන ජනතාව සමග මෙන්ම ආදිවාසී ජනකොට්ටාස සමගද SBS ආයතනය ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යන අතර විවිද සංස්කෘතීන් නියෝජනය කරන ජනතාවගේ හඬ නියෝජනය කිරීම ඉතා වැදගත් කාර්යයක් බව මිෂෙල් රෝලන්ඩ් පවසා සිටී.

මෙම සංකල්පය යෝජනකිරීම පිළිබඳව තාමා SBS ආයතනයේ අධ්‍යක්‍ෂමණ්ඩලයට ස්තුති වන අතර මෙම වියාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මිෂෙල් රෝලන්ඩ් වැඩි දුරටත් පවසා සිටී.

මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම හරහා නිපුනතා ඇති ය සඳහා රැකියා අවස්ථා උත්පාදනය වීමක් සිදුවන අතර ඒ හරහා ආර්ථික ප්‍රතිලාභ මෙන්ම සාමාජීය ප්‍රතිලාභ ලැබෙන බව රජය ප්‍රකාශ කර සිටී.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මීළඟ වසරේ සිට සුදුසු ස්ථානයක් තෝරාගැනීමට කටයුතු කරන අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී නගර සභා, අධ්‍යාපන ආයතන මෙන්ම ප්‍රදේශයේ ව්‍යාපාරවලද සහය ලබාගනීමට බලාපොරොත්තු වේ.

Share
Published 9 December 2024 12:01pm
Updated 9 December 2024 12:15pm
Source: SBS


Share this with family and friends