SBS මාධ්‍ය ජාලය යනු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අයත් මාධ්‍ය ජාලයක්.
SBS සිංහල සේවය SBS මාධ්‍ය ජාලය යටතේ ක්‍රියාත්මක වන භාෂා 68 කින් යුත් සේවා අතර එක් ප්‍රධාන සේවාවක්.
SBS සිංහල සේවය විකාශය වන දින - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා
විකාශය වන වේලාව - පෙරවරු 11 සිට 12 තෙක්

Source: SBS / Joe Axiaq (SBS)
SBS සිංහල සේවයේ දෛනික වැඩසටහන්
SBS සිංහල පුවත්
ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා පුවත් ඇතුළත් දෛනික පුවත් ප්‍රකාශය පෙරවරු 11 ට.

Prime Minister Anthony Albanese (centre) with interim ministers (to left) Jim Chalmers and Penny Wong and (to right) Richard Marles and Katy Gallagher, speaks to the media during a press conference at Parliament House in Canberra. Source: AAP / LUKAS COCH/AAPIMAGE
දවසේ කාලීන තොරතුරු විශේෂාංගය
ඔස්ට්‍රේලියාවේ වඩාත් කතා බහට ලක්වන දේශපාලනික, සාමාජීය සහ සංක්‍රමණික ප්‍රජාව දැනගත යුතු ප්‍රමුඛතම තොරතුරු ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ අදහස් රැගත් හඬ කොටස්ද සමග මෙමගින් ගෙන එයි.

Police remove a protester during a transgender rights rally, involving opposing neo-Nazi protesters, outside Parliament House in Melbourne. Source: AAP / James Ross
සම්මුඛ සාකච්ඡා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට වැදගත් වන වීසා තොරතුරු, රැකියා, සෞඛ්‍ය, ආර්ථික, සාමාජීය සිදුවීම් පිළිබඳව කතා බහ කරන කෙටි සම්මුඛ සාකච්ඡා දෛනිකව.

Source: SBS / SBS Persian
සතිපතා වැඩසටහන්
සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම - සඳුදා වැඩසටහන
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන නවතම දේශපාලනික පුවත්වල ඇතුලාන්ත තොරතුරු ගෙන එන විශේෂාංගය.
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග.

People queue up to visit President Gotabaya Rajapaksa's office for the second day after it was stormed. Source: AP / Rafiq Maqbool/AP
“ලොව වටා”: සතියේ විදෙස් විත්ති සමාලෝචනය - සිකුරාදා වැඩසටහන
සතියේ ලොව පුරා වාර්තා වන නවතම විදෙස් තොරතුරු එකතුව මිනිත්තු 12 කින්.
AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා සමග.

From the left: Italian Prime Minister Mario Draghi, US President Joe Biden, President of France, Emmanuel Macron and European Commission Ursula von der Leyen. Source: AAP
සතියේ ක්‍රීඩා විග්‍රහය - සිකුරාදා වැඩසටහන
සතිය පුරාම සිදුවන ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රවල නවතම තොරතුරු ගෙන එන විශේෂාංගය.
ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

India's Hardik Pandya greets Sri Lanka's Dasun Shanaka during the second Twenty20 cricket match between India and Sri Lanka in Pune, India, Thursday, Jan. 5, 2023. Source: AP / Rajanish Kakade/AP/AAP Image
මාසික වැඩසටහන්
SBS සිංහල සේවය සෑම මාසයකම අවසාන සතියේදී අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින තුන තුළ මාසික විශේෂාංග ඔබ වෙත ගෙන එයි.
'විනිවිද' ජනතා මත විමසුම - සෑම මසකම අවසාන අඟහරුවාදා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවට බලාපාන ගැටළු සහ සිදුවීම් පිළිබඳ ශ්‍රී ලාංකිකයින්ට අදහස් පළ කිරීමට ලැබෙන ජනතා වේදිකාව.

Nash Samarakoon - VIC / Dimalsha Mendis - ACT / Deshan Bandara - SA / Upeksha Ekanayake - WA / Deshani Dinugalage - SA Credit: AAP Image/Dan Peled
කැන්ගරු දේසේ සිංහල පොත් - සෑම මසකම අවසාන අඟහරුවාදා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලියූ කෘති සාකච්ඡාවට ලක් කෙරෙන විශේෂාංගය.

"The emptiness" - A debut novel by Achala Sirithunga from Melbourne
විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් - සෑම මසකම අවසාන අඟහරුවාදා
විශ්ව සාහිත්‍යයේ කෘති සහ එහි සිංහල පරිවර්තන පිළිබඳ වන රසවින්දනාත්මක විචාරයක්.

Dilini Eriyawala_ Swarnakanthi Rajapaksha with SBS Sinhala radio World Literary discussion_ Milkman book review
මගේ ගීතය - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ පිළිබඳ පිළිසඳර.

Hanthana meedume song from Upeka Peris and Keerthi Pasquale_ My song program_ SBS Sinhala
The Next Generation - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ මීළඟ තරුණ පරපුරෙහි දක්ෂතා ඔබ හමුවට ගෙන එන විශේෂාංගය.

Amiru Nikina Chandrasena_ national title at long jump event in the Australian National Athletic Games 2021 Source: SBS / SBS Sinhala
නොදුටු සිනමාව - සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා
ලෝක සිනමාවේ සුවිශේෂීතා හෝ සිනමා කෘතීන්ගේ හෝ සම්මානිත සිනමාවේදීන්ගේ ඔබ නුදුටු පැතිකඩ පිළිබඳ විවරණයක්.
ශ්‍රී ලංකාවේ සිනමා විචාරක විදර්ශන කන්නංගර සමග.

Credit: Facebook
Australian Rural Beauty (මාසික ගුවන් විදුලි චාරිකාව) - සෑම මසකම අවසාන සිකුරාදා
ඔස්ට්‍රේලියාවේ අප්‍රකට ප්‍රාදේශීය පෙදෙස්වලට ඔබව රැගෙන යන අපූර්වතම ගුවන් විදුලි චාරිකාව.
SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ සමග.

SBS Sinhala monthly Radio journey: The Australian Rural Beauty' is taking you to the Jewel Cave, which is the biggest show cave in Western Australia.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————