ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වූ සංක්‍රමණිකයන් බොහෝ විට ඔස්ට්‍රේලියාවට සිය දෙමාපියන් ගෙන්වා ගන්නවා. ඒ සඳහා විවිද වීසා කාණ්ඩ තිබෙනවා. මේ ඒ පිළිබඳව ඔබට වැදගත් වන කරුණු
Non-contributory වීසා
මෙය තමයි මුදලින් අඩුම ක්‍රමය . එය ප්‍රදාන අයදුම්කරුට ඩොලර් 6000ක් සහ ඔහුගේ හෝ ඇයගේ සහකරුට ඩොලර් 2000ක් වෙනවා . නමුත් මෙම වීසා ලබා දීම වසරකට ඉතා සීමිත පිරිසකට වන නිසා එයට වසර 30ක් පමණ බලා සිටීමට වේ
මේ සදහා සුදුසුකම් ලැබීමට දෙමාපියන් වෙඉද්‍ය පරීක්ෂණයක්, චරිත සහතික හා දරුවන්ගෙන් අඩක් වත් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිය යුතුයි.
Contributory වීසා
මෙම වීසා වසර 2ක් ඇතුලත ලැබේ .නමුත් එයට ඩොලර් 50000ක පමණ ගාස්තුවක් ගෙවිය යුතුයි
මේ සදහා සුදුසුකම් ලැබීමට දෙමාපියන් වෙඉද්‍ය පරීක්ෂණයක්, චරිත සහතික හා දරුවන්ගෙන් අඩක් වත් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිය යුතුයි. එසේම අනුග්‍රහ දක්වන දරුවා නීතිමය වශයෙන් දෙමාපියන් සඳහා වියදම් දරන බවට එකඟ විය යුතුයි
Read more here. 

Trazer os pais, e avós, para a Austrália é o sonho de milhares de famílias. Source: AAP
රැකියා කරන දෙමාපියන් සඳහා වීසා
දෙමාපියන් තවමත් රැකියා කරයි නම් ඔවුන් 174 හා 884 නම් තාවකාලික වීසා ලබා ගත හැකියි Tඒ සදහා ඩොලර් 20000-32000ක අතර මුදලක් ගෙවිය යුතු අතර වසර 2ක් රැකියා කිරීමටත් Medicare ප්රතිලාභ ලබා ගනීම්ටත් අවස්තාව හිමිවේ. ඉන් පසු ඔවුන්ට ස්ථිර පදිංචියට එකට තවත් ඩොලර් 20000ක් ගෙවා අයදුම් කල හැකියි
සංචාරක වීසා
තම දරුවන්ගෙන් 50%ක් ඕස්ට්‍රේලියාවේ නොමැති දෙමාපියන්ට වීසා කාණ්ඩ 600 යටතේ පැමිණිය හැකියි .ඩොලර් 1000ක පමණ මිලකට වසරක් ඕස්ට්‍රේලියාවේ ගත කර මාස 6ක් පමණ ගත කර නැවත අයදුම් කල යුතූයි .

Source: AAP
නව තාවකාලික වීසා එකක් බලාපොරොත්තු විය හැකියි
ළඟදීම බලපවත්වීමට යෝජනා වී ඇති new temporary parent visa වීසා යටතේ ඩොලර් 20000කට වසර 10කට තාවකාලික දෙමාපිය වීසා එකක් ලබා ගැනීමට ඔබට හැකි වේවි. මෙහිදී දරුවන් විසින් දෙමාපිය සෞඛ්‍ය සේවා හා අනෙකුත් වියදම් දැරිය යුතු වේ. මෙමගින් ඔවුන්ට ස්ථිර පදිංචිය ලබා ගත නොහැකියි. වසර 10 අවසාන ඔවුන් රටින් පිට විය යුතුයි. මෙය පාර්ලිමේන්තුවේ සම්මත වුව හොත් මේ වසර අග සිට ක්‍රියාත්මක වේවි.
වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න