පෙර සුදානම
- ඔබේ ලන්සුව ඉදිරිපත් කිරීමට පෙර වෙන්දේසි කිහිපයකට සහබාගී වී අවබෝධයක් ලබා ගන්න
- ඔබ ලන්සුව ඉදිරිපත් කරන නිවෙස පරීක්ෂා කිරීමට ගොස් එම ප්‍රදේශය කරුණු සොයා බලන්න
- නිවාස ගොඩනැගිලි පරීක්ෂාව හා පලිබෝධ පරික්ෂාව නියමිත සේවා දායකයන් ලවා සිදු කරන්න . එසේම නීතීග්යකු ලවා එම නිවසේ ඔප්පු නිරවුල් දැයි සොයා බලන්න ඔබට නය ලබා ගත හැකි මිල තීරණය කර ලන්සුව ගණනය කරන්න
First-home buyers will get a break now Source: AAP
වෙන්දේසි දිනයේදී කල යුතු දේ
- විනාඩි 30ක් පමණ කලින් ගොස් අවශ්‍ය ලියකියවිලි නිලධාරීන්ගෙන් ඉල්ලා කියවා දැනුවත් වන්න .
- බොහෝ ප්‍රාන්ත වල ඔබ වෙන්දේසිය සඳහා ලියාපදිංචි විය යුතු අතර ඔබේ හැඳුනුම් පතක් ද පෙන්විය යුතු වේ
- ඔබ වෙනුවට වෙනත් අයෙකුටද වෙන්දේසිය සදහා සහභාගී විය හැක
වෙන්දේසිය අතරතුර
- අදාළ නීති පිළිබඳව දැනුම් දේ
- ආරම්භක ලන්සුව සඳහා ඉල්ලුම් කරන අතර වැඩිවීම් ඩොලර් 5000ක් නම් ඔබට ඊට වඩා අඩු ලන්සු ඉදිරිපත් කල හැකි වුවත් වෙන්දෙසිකරුට එවිට එය ප්‍රතික්ෂේප කල හැකියි
- ව්‍යාජ ලන්සු ඉදිරිපත් කිරීම නීත්‍යානුකුල නොවේ
- නිවස විකිණීමට අවශ්‍ය මුදලට පැමිණීමෙන් පසු වැඩිම ලන්සුව තැබූ පුද්ගලයාට නිවාස හිමි වේ

Sydney’s narrowest house auction at 29 Terry Street, Surry Hills, earlier this year. The property sold for $965,000 to a Chinese phone bidder. Source: Getty Image
වෙන්දේසියෙන් පසු
- ඔබේ ලන්සුව ජයග්‍රහණය කලේ නම් ඔබ සැනෙකින් කොන්ත්‍රාත්තුව අත්සන් කොට තැන්පතුවක් (මිලෙන් 10%ක් ) ගෙවිය යුතු වේ . ඉන් පසුව කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීමේ කාල සීමාවක් නොලැබේ. ඉතිරි මුදල පසු දිනයක (මාස 1-3 අතර ) ගෙවිය යුතු වේ .
- අපේක්ෂිත මිල ලන්සු වලින් නොලැබේ නම් වැඩිම ලන්සුව තැබූ ගැනුම්කරුට නිවෙස් හිමියා සමග මිල පිලිබ්න්දව සාකච්චා කිරීමේ වැඩිම අවස්තාව හිමිවේ .

Source: AAP