වසර 2016 තුල වාර්තා ගත ලෙස ඔස්ට්‍රේලියාව තුල අවයව දන් දෙන පුද්ගලයන් වැඩි වී තිබෙනවා . නමුත් තවත් ඒ සදහා දායකයන් අවශ්‍යයි . දැනට 1400 පමණ දෙනෙක් වකුගඩු බද්ධ කිරීම සදහා බලා සිටිනවා බොහෝ දෙනෙක් අවයව දන් දීමට කැමැත්තෙන් සිටියත් ඒ සදහා අවශ්‍ය පියවර ගෙන නැහැ
අවයව දන් දීම සදහා ලියාපදිංචි වන්න
පහත වෙන් අඩවිය ඔස්සේ සදහා ලියාපදිංචි විය හැකි අතර ඒ සදහා ගත වන්නේ මිනිත්තු කීපයක් පමණි . ඒ පිළිබඳව ඔබේ පවුලේ සාමාජිකයන් සමග සාකච්චා කරන්න . එවිට ඔබට කතා කිරීමට නොහැකි වන අවස්තාවක ඔබ වෙනුවෙන් ඔබේ අවයව දන් දීමේ තීරණය ගැනීමට ඔවුන්ට හැකිවේ

Source: Organ and Tissue Authority
බොහෝ ආගම් වලින් මෙයට එකඟතාවය පල කරයි
ඕස්ට්‍රේලියාවේ බොහෝ ආගමික සේවා සමග Organ and Tissue Authority එක මගින් ඒ පිලිබඳ විවිද භාෂා වලින් තොරතුරු සපයා තිබේ .
Donate Life Weekජුලි 30 - අගෝස්තු 6 දක්වා Donate Life Week සතිය තුලදී මේ සදහා ලියා පදිංචි වීමට හා ඒ පිළිබඳව කතා කිරීමට හොඳ අවස්තාවක්. සමාජ වෙබ් අඩවි ඔස්සේ ඔබටත් එය ප්‍රචලිත කල හැකියි
Life Giving Stories
ව්‍යාපෘතිය තුලින් විවිද සංස්කෘති වල අවයව දැන් දීමේ තොරතුරැ සහිත කතාවන් ඔබට අසන්නට පුළුවන්. මෙය සිඩ්නි නුවර Bankstown Library & Knowledge Centre හි දී පැවැත්වේ