දඩයක් නියම වූ විටදී කල යුත්තේ කුමක්ද ?
දඩයක් නියම වූ විට එය අමතක කර සිටින්න එපා, කල් ගත වන විට දඩයට තවත් අමතර ගාස්තු එක වේ . එසේම ඔබ එය ගෙවීමට එකග නොවන්නේ නම්, කලයුතු දේ නොදන්නේ නම් නීතිමය උපදෙස් ලබා ගන්න.
නොමිලේ නීතිමය උපදෙස් ලබා ගන්නේ කෙසේද ?
ඕනෑම ප්රාන්තයක Legal Aid නමින් ඇති සේවා මගින් නොමිලේ නීතීඥය සහය ලබා ගත හැකියි. එහිදී ඔබේ භාෂාවෙන් භාෂා පරිවර්තක සහය ද ලබා ගත හැකියි

There is free Legal Aid available when you get a fine and want to dispute it or have incurred penalties. Source: AAP
ඔබේ ආදායම් තත්වය පහත වැටී ඇත්නම්
ඔබට සැබවින්ම ආර්ථික අපහසුතා ඇත්නම් , මානසික රෝගී තත්වයකින් පෙලීම නිසා විවිද වැඩසටහන් වලට සහභාගී වීමට නොහැකි නම් , ඔබට දඩය කොටස් ලෙස හෝ ඒ වෙනුවට විවිද සමාජ කාර්ය කිරීමට හෝ හැකියි
ඔබේ දඩ නය වලින් මිදෙන්නේ කෙසේද ?
ඒ සදහා විවිද වැඩසටහන් තිබේ. උදාහරණයක් ලෙස Legal Aid NSW මගින් Work and Development Orders (WDO) ස්වෙච්චා වැඩ , උපදේශන සේවා ආදියට සහභාගී වීමෙන් එම දඩ ඉවත් කල හැකියි

If you have accumulated a debt, there are options availbale to help you pay it off. Source: AAP