ඔස්ට්‍රේලියානු සේවා ස්ථාන වල අවශ්‍යතා පිළිබඳ නවක සංක්‍රමණිකයන් හට අවබෝධ කරගැනීමට යම් යම් ගැටළු පවතී.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයින් අතැතිව තමන්ගේ අයදුම් පතක් ඇති නමුත් ඒවා ඔස්ට්‍රේලියානු ප්‍රමිතියට බොහෝ විට අනුකූල නොවෙයි.
ඔබගේ කුසලතාවන්, හැකියාවන් සහ කෞශල්‍යයන් පිළිබඳ නිවැරදි සාරංශ ඉදිරිපත් කිරීම රැකියාවක් සොයා යාමේදී අතවශ්‍ය කරුණකි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රමිතියට අයදුම් පතක් සකසා ගන්නේ කෙසේද යන්න මෙවර SBS Settlement Guide තුළින් විමසා බලමු.
හැකිතාක් කෙටියෙන් තොරතුරු ගොනු කරන්න.
ඔබ අයදුම්පතක් සකස් කිරීමේදී වඩාත් සුදුසු තොරතුරු පළමුව සටහන් කරන්න.
සෑම විටම ඔබ අයදුම් කරන රැකියාවට සරිලන පරිදි ඔබගේ අයදුම් පත්‍රය සකස් කරන්න.
ඔබට අදාළ රැකියාව හිමි වුවත්, ඔබගේ අයදුම් පත්‍රය සෑම විටම යාවත් කාලීන කිරීමට වග බලාගන්න.

Source: SBS
ඔබගේ ජයග්‍රහණ ලැයිස්තුගත කරන්න.
ඔබගේ පෙර තනතුරු වල ලබාගත් ජයග්‍රහණ විස්තර කිරීම සහ ඉස්මතු කිරීම ඉතා වැදගත්ය.
ඔබගේ පෙර රැකියා පිළිබඳ පොදුවේ විස්තර කරනවා වෙනුවට ඒවා තුළින් ඔබගේ පුද්ගලික ගුණාංග විදහා දැක්වීම එමගින් සිදුවේ.
ධනාත්මක භාෂාවක් යොදාගන්න.
ඔබ පිළිබඳ ඍනාත්මකව සිතන කිසිවෙකු ඔබගේ නිර්දේශකයින් (references) ලෙස අයදුම්පතෙහි සටහන් නොකරන්න.
ඊට අමතරව ඍනාත්මක දෑ එහි සඳහන් නොකරන්න. උදාහරණයක් ලෙස "My manager was the most unfair person, so I had to leave." යනාදිය සටහන් නොකරන්න.

Source: SBS
අදාළ තනතුර සඳහා ඔබගේ අයදුම් පත සකසන්න.
අයදුම් කරනු ලබන එක් එක් තනතුර සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම්පත් සැකසිය යුතු වේ.
රැකියාව පිළිබඳ සඳහන් දැන්වීමේ ඇති ප්‍රධාන වචන සහ යෙදුම් සැම විටම අයදුම් පතෙහි සඳහන් කරන්න. එවිට සේවා යෝජකයාගේ අවධානය යොමු කරවා ගැනීමට පහසු වේ.
සුදුසු cover letter එකක් සකසා ගන්න.
ඔබගේ අයදුම්පත කෙරෙහි අවධානය යොමු කරවාගැනීමට ශක්තිමත් cover letter එකකට හැකිය.
ඔබට හැකිනම් ඔබේ අයදුම් පත යොමු කරන පුද්ගලයාගේ නම සහ තනතුර සොයාගන්න.
ඔබගේ අයදුම් පත සහ cover letter ය අවසන් කළ පසු එහි ඇති ව්‍යාකරණ සහ අනෙකුත් වැරදි පිළිබඳ විමසා බලන්න.
තවත් පුද්ගලයෙකු විසින් එය පරීක්ෂා කිරීම ඉතා හොඳය. එනිසා ඔබගේ අයදුම් පත යොමු කිරීමට ප්‍රථමව එය ඔබගේ හිතවතෙකු ලවා පරීක්ෂා කරවා ගන්න.

Source: SBS
ඔබට සහය වීමට නොමිලයේ ඇති සම්පත්.
රජයේ සම්පත්.
නිවැරදි අයදුම් පතක් සකස් කරගන්නේ කෙසේද හා රැකියාවක් සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ඔස්ට්‍රේලියානු රජයේ 'Jobactive' වෙබ් අඩවියේ සඳහන්ය.
ප්‍රජාවෙන්

Source: SBS
ඔබගේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ ඇති ප්‍රජා සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානයට ඔබට යා හැකිය.
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි සංක්‍රමණිකයින්ට මෙරට සේවා ස්ථාන සහ ඒවායේ අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීම් එම මධ්‍යස්ථාන වලින් සිදු කරන වැඩමුළු වලින් සිදු කරයි.
අන්තර් ජාලය ඔස්සේ
වෘත්තිමය වශයෙන් අයදුම් පතක් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ නොමිලයේ විස්තර අන්තර් ජාලය ඔස්සේ සොයා ගත හැකිය.
මීට අමතරව අන්තර්ජාලය පුරාවට ඔබගේ අයදුම් පත සහ cover letter සඳහා නොමිලයේ ලබා ගත හැකි ආකෘති ගණනාවක්ම අන්තර්ජාලය ඔස්සේ ඔබට සොයා ගත හැකිය.
පහත දැක්වෙන්නේ එවැනි වෙබ් අඩවි කිහිපයකි.

Source: SBS
- Education websites such as
- Recruitment Agencies such as and
- Life tips sites such as
- Business and Finance titles such as
- Career sites such as and