ඔබට ලැබෙන විදුලි බිල්පත තුලින් ඔබ ගෙවිය යුතු ගාස්තුව , ගෙවිය යුතු දිනය ආදිය පිලිබදව සදහන් විය යුතුයි.
එසේම බිල්පත සදහා වන කාලය දින සහිතවත් , ඔබේ පරිබෝජනය , අමතර ගාස්තු හා එම ආයතනය ඇමතිය හැකි දුරකථන අංක ද අඩංගු විය යුතුය
විදුලි බිල්පත් සදහා උදාහරණ පහත දැක්වේ
ඔබේ බිල්පත සෑම මසකම හෝ මාස 3කට වරක් ලැබිය යුතුයි . එය ගෙවීමට දින 13කවත් කාලයක් ලබා දිය යුතුයි .
සමහර ආයතන නියමිත වෙලාවට බිල්පත ගෙවීමට යම් වට්ටටම් ද ලබා දේ

Source: AAP Image/Brendan Esposito
බිල්පත ගෙවන්නේ කෙසේද ?
අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකතනය් ඔස්සේ
තැපැල් කාර්යාලය හරහා
ඔබේ බැංකු ගිනුමින් අය කර ගැනීමට සලසා හෝ ඔබ centrelink ආදාර ලබයි නම් centre pay ක්‍රමය තුලින්
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!! සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්) සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
ඔබට බිලපත ගෙවා ගත නොහැකි නම් ඔබට සහනයක් ලබා ගත හැකියි . ඒ සදහා වහාම බලශක්ති සපයන ආයතනය අමතන්න

Source: Getty Images/MultifacetedGirl
ඔබේ බිල්පතේ වරදක් ඇති නම් ?
ඔබේ බිල්පත ඉහල ගාස්තුවක් ඇත නම්, ඔබේ නිවසේ උපකරණ බාවිතයේ වෙනසක් ඇති වුවා දැයි බලන්න. heater බාවිතය වැනි කරුණු ඉට හේතු විය හැකියි . එසේ නොමැතිව වෙනසක් නැත්නම් ඔබට එම ආයතන ඇමතිය හැකි අතර විසදුමක් නොමැති නම් ඔබේ ප්‍රාන්තයේ බලශක්ති ඕම්බුඩ්ස්මන්වරයා ට පැමිණිලි කල හැකියි .
එම ආයතන සදහා වෙබ් අඩවි පහත දැක්වේ
, , , , , , and .
භාෂා පරිවර්තන සේවා සදහා 131450 අමතන්න

Anonymous hands using digital tablet to surf the net for better deals Source: Getty Images
Monitoring your electricity usage
බොහෝ ආයතන මගින් ඔබේ විදුලි පරිභෝජනය මැනීම සදහා විවිද app ඉදිරිපත් කොට තිබේ. එසේත් නොමැති නම් ඒ සදහා උපකරණයක් ඔබේ නිවසේ සවි කර ගැනීම ගෝ නිරතුරුව විදුලි මීටරය පරීක්ෂාවද කල හැකියි
බලශක්ති අරපිරිමැස්ම පිළිබද තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගන්න