ඔස්ට්‍රේලියාව තුළ නව මුල්‍ය වර්ෂය පසුගිය ජූලි 01 වන දින සිට ආරම්භ වූ අතර ජුනි 30 වන දිනෙන් අවසාන වූ පසුගිය මුල්‍ය වර්ෂය සඳහා අදාළ වාර්ෂික බදු සැකැස්ම ඔබ විසින් සකස් කර ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට දැන් යොමු කළ යුතු වේ.
වාර්ෂික බදු සැකැස්මක් මා විසින් සිදු කළ යුතුද?
ඔබ පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියාව තුළ සේවය කර ඩොලර් 18,200 කට වඩා ආදායමක් ලබා ඇතිනම් ඔබ විසින් වාර්ෂික බදු සැකැස්මක් සිදු කළ යුතු වේ.
ඔබේ සේවායෝජකයා හෝ සේවායෝජකයින් විසින් ඔබට පෙර මුල්‍ය වර්ෂයට අදාළ ඔබගේ ගෙවීම් සාරාංශය හෙවත් 'group certificate' ඔබ වෙත ලබා දිය යුතු වෙයි.
පසුගිය මුල්‍ය වර්ෂය තුළ ඔබගේ ආදායම සහ ඔබ ගෙවා ඇති බදු මුදල් කොපමණද යන්න එහි සඳහන් වෙයි.
ඔබට තවමත් ඔබගේ ගෙවීම් සාරාංශය නොලැබී ඇත්නම් අදම ඔබේ සේවායෝජකයාගෙන් එය ඉල්ලා ගන්න.
වාර්ෂික බදු සැකැස්ම කවදා සිදු කළ යුතුද?
ඔබ ඔබේ වාර්ෂික බදු සැකැස්ම ඔබ විසින්ම සිදු කරනවානම් ඔබට ඔක්තෝබර් අවසානය දක්වා ඒ සඳහා කාලය ඇත.
ඔබ මේ සඳහා ගණකාධිකාරී වරයෙකුගේ සහය පතනවානම් ඔබට ලබන වසරේ මැයි 15 දක්වා කාලය හිමිවනු ඇත.

Source: SBS
ඔබ විසින්ම සිදු කිරීම.
ඔස්ට්‍රේලියානු රජයේ අන්තර්ජාල මෙවලමක් වන හරහා ඔබගේ වාර්ෂික බදු සැකැස්ම ඔබටම යොමු කිරීමට ඔබට හැකියාවක් ඇත.
බදු නියෝජිතයෙකුගෙන් සහය පැතීම
හරහා වාර්ෂික බදු සැකැස්ම යොමු කිරීම ඉතා පහසු නමුත් පළමු වතාවට එම කටයුත්ත සිදු කිරීමේදී හෝ අලුත් රටක් වීම හේතුවෙන් ඇතැම් විට එය තරමක් ගැටළු සහගත විය හැකි වෙයි.
එනිසාම බොහෝ දෙනෙකු තම ප්‍රථම වාර්ෂික බදු සැකැස්ම යොමු කිරීම උදෙසා බදු විශේෂඥයෙකු සොයා යයි.
විදෙස් ආදායම් සමග මම ඔස්ට්‍රේලියාව තුළ බදු සකසන්නේ කෙසේද?
ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයින් හට විදෙස් ආදායම් තිබේ.
ඔබ ඒවා ඔබේ බදු සැකැස්මේදී සඳහන් කළ යුතු වේ.
ඔබ ඔබේ විදෙස් ආදායම් සඳහා බදු ගෙවා ඇත්නම් ඔබට ඒ සඳහා අදාළ බදු ප්රතිලාභ නැවත මෙහිදී ලබා ගත හැකිවෙයි.
ඔබේ විදෙස් ආදායම් සම්බන්ධව බදු ඔබ නොගෙවන්නේ නම් ඔබට විශාල දඩයකට යටත් වන්නට සිදුවන අතර ඒ සඳහා මුළු මුදල මත පොලියක් ගෙවීමටද සිදුවනු ඇත.

Source: SBS
කුමන අන්දමේ වියදම් මට පෙන්විය හැකිද?
නිල ඇඳුම්, රැකියාව සම්බන්ධ පාඨ මාලා ගාස්තු වැනි දේවල් ඇතුළත්ව රැකියාව සම්බන්ධ ඇතැම් වියදම් ඔබට ඔබේ වාර්ෂික බදු සැකසීමේදී නැවත ලබා ගත හැකි වේ.
ඔබට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නිල වෙබ් අඩවිය හරහා මෙම වියදම් මොනවාදැයි නිශ්චිතවම දැනගත හැකිවෙයි.
ඔබේ වාර්තා සහ රිසිට් පත් අවම වශයෙන් සිව් වසරක් හෝ තමන් සතුව තබා ගත යුතුව ඇති අතර යම් හෙයකින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඒවා පිළිබඳ විමසුවහොත් ඔබ ඒවා ඔවුන්ට ඉදිරිපත් කළ යුතු වේ.
ඔබේ වාර්ෂික වියදම් සටහන් කරගැනීමට , වැනි නොමිලයේ බාගත කරගත හැකි මෘදුකාංග තිබේ.

Source: SBS
මුදල් නැවත ලබාගැනීම.
සෑම වැටුපකදීම ඔබේ පඩියට අදාළ ඔබගේ බදු ප්‍රමාණය ඔබේ සමාගම විසින් අඩු කරනු ලබයි.
එමෙන්ම බදු ප්රතිලාභ හෙවත් tax deductions වලින් ඔබට යම් මුදලක් නැවත ලබා ගත හැකි වේ.
මම ස්වයං - සේවා යෝජකයෙකු නම්?
ඔබ නිදහස් සේවකයෙක් හෝ Uber, Deliveroo හෝ Airtasker වැනි සමාගමක සේවය කරන නිදහස් පුද්ගලයෙකු නම් ස්වයංක්‍රීයව ඔබේ ආදායම් බදු කපා නොහැරෙන අතර ඔබ විසින් ඒවා ඔබේ වාර්ෂික බදු සැකැස්ම යොමු කරන විට සඳහන් කර ගෙවිය යුතු වෙයි.
මේ තත්ත්වයේදී සෑම වැටුපක් අවසානයේදීම සුළු මුදල් ප්‍රමාණයක් බදු ගෙවීම සඳහා සුරැකිව තබා ගන්න.