ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව අවම වැටුප වන්නේ පැයලට ඩොලර් 18.29ක් එනම් සතියකට ඩොලර් 695ක් .
සේවකයා ඊට වඩා අඩු වැටුපකට එකග වුවත් එසේ ගෙවීමට නීතියෙන් ඉඩ නැහැ
ඔබේ වැටුප?
ඔබ රාත්‍රියේ, නිවාඩු දිනවල හා සති අන්තයේ සේවය කරයි නම් ඔබට ඊට වඩා වැඩි වැටුප් ලැබිය යුතුයි
Modern Award ක්‍රමය යටතේ සමහර ශේස්ත්‍ර වල වැටුප් තලයන් වෙනස් වේ. පහත වෙබ් අඩවි තුලින් ඒ පිලිබඳ දැනගන්න
ඔබ අනියම් සේවකයෙකු නම් ඔබට සාමාන්‍ය වැටුපට වඩා 25%ක වැඩි අගයක් ලැබේ

නිවැරදි වැටුප ගණනය කරන්න
Fair Work ආයතනයේ පහත වෙබ් අඩවිය තුලින් ඔබට හිමිවිය යුතු නිවැරදි වැටුප ගණනය කරන්න
අන්තර්ජාතික සිසුන් මෙම අවම වැටුපට වඩා අඩු වැටුප් ලැබීමේ අවධානම
සිඩ්නි තාක්ෂණික විශ්ව විද්‍යාලය විසින් කල සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ බොහෝ අන්තර්ජාතික සිසුන් හා backpacker ලෙස පැමිණෙන අය මෙසේ අවම අගයට වඩා අඩු වටිප් ලබන බවයි . හෝටල්, පලතුරු හා එලවලු කදීම වැනි රැකියා වල මෙම තත්වය දක්නට ලැබේ
යුරෝපා රටවලට වඩා ආසියානු රටවල සිසුන් මෙවන් තත්වයන්ට වැඩි පුර මුහුණ දෙන බවට හෙළිවී තිබේ

ආධාර ලබා ගන්නේ කෙසේද?
එසේත් නැත්නම් 131394 යන දුරකථන අංකය අමතන්න
එයින් ඔබේ visa එකට බලපෑමක් සිදු නොවේ
13 13 94