2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිව්වන දිනය ක්‍රියාත්මක වන අද (18/01) දිනයේදී මීට සුළු මොහොතකට පෙර රුසියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා Maria Sharapova සිය ප්‍රතිවාදී ලැටීවියානු ක්‍රීඩිකා Anastasija Sevastova 6-1 7-6(4) ලෙස පරාජයට පත් කරමින් තෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවාය.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන මෙල්බන් පාර්ක් ක්‍රීඩා පරිශ්‍රයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 37 ඉක්මවමින් පවතින බව වාර්තා වේ.

Maria Sharapova vs Anastasija Sevastova Source: Getty Images
එම අධික උෂ්ණත්වය හමුවේ Maria Sharapova සහ Anastasija Sevastova යන ක්‍රීඩිකාවන් දෙදෙනාම මහත් අපහසුතාවට පත්ව තරග වැදුණු අතර Sharapova ගේ සිරුර දහදියෙන් තෙත්වී ඇති අයුරු ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ කැමරාවන්ට පවා හසු විය.
තහනම් උත්තේජක සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා හේතුවෙන් ඇයට ගියවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය මගහැරුණු අතර මෙවර ඇය අවසන් වටයේ තරග සඳහා සුදුසුකම් ලබනු ඇතැයි බොහෝ විචාරකයින් අපේක්ෂා කරයි.
