ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සැලැස්මට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව කොරෝනා වසංගතයෙන් අනතුරුව ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට අනුමැතිය හිමිවූ පළමු ප්‍රාන්තය ලෙස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වාර්තා වේ.
Highlights
- ජාත්‍යන්තර සිසුන්ව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වෙත ගෙන ඒම සඳහා වන සැලසුමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අනුමැතිය හිමිවී තිබේ.
- එසේ පැමිණෙන ජාත්‍යන්තර සිසුන් තම ගුවන් ගමන් සඳහා මෙන්ම නිරෝධායන කටයුතු සඳහා ද යන වියදම් තමන් විසින්ම දැරිය යුතුවේ.
- මෙලෙස පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ව නිරෝධායනය කිරීම සඳහා Parafield හි පිහිටි Flight Training Adelaide කලාපය යොදාගැනීමට තීරණය කර ඇත.
ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සැලසුම
කොවිඩ් ආරක්ෂිතව ජාත්‍යන්තර සිසුන්ව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වෙත ගෙන ඒමට ප්‍රාන්ත රජය දියත් කළ සැලසුමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අනුමැතිය හිමිවී තිබේ.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ ආයතන සහ ජාත්‍යන්තර අධ්‍යාපනය හා සම්බන්ධ ආයතන එක්ව මෙම සැලසුම සකස් කර තිබේ.
ජාත්‍යන්තර සිසුන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආර්ථිකයට වැදගත් සාධකයක් බවත් 2019 වසරේදී ඔවුන් ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් බිලියන 2කට අධික මුදලක් දායක කළ බවත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එම මුදල් වලින් කොටසක් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල සහ පාසල් වැනි අධ්‍යාපන සැපයුම්කරුවන් වෙත යොමු කෙරුණු බවත් ප්‍රාන්තයේ සිල්ලර වෙළෙඳ අංශය, hospitality සහ සංචාරක කාර්මාන්තය නගා සිටුවීමටද එය ඉවහල් වූ බවත් ඔහු පැවසීය.
"අපගේ ඇඩිලේඩ් CBD වෙත සහ සමස්ත ප්‍රාන්තය සඳහා පැහැදිලි ආර්ථික ප්රතිලාභ සමඟ ජාත්‍යන්තර සිසුන් දකුණු ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික පරිසරයට බොහෝ දේ එක් කරනවා. සෑම ජාත්‍යන්තර සිසුන් තිදෙනෙකු නිසා එක් රැකියා අවස්ථාවක් බිහිවූ බව දත්ත මගින් පෙනී ගොස් තිබෙනවා. ඒ අනුව වසර 2019 දී ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්රයේ රැකියා 20,000 ක් පමණ බිහිවූ බව සඳහන්." යනුවෙන්ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall ප්‍රකාශ කළේය.

The death was announced by South Australian Premier Steven Marshall. Source: AAP
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අපගේ අංක එකේ ප්‍රමුඛතාව බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ අධ්‍යාපන සැපයුම්කරුවන් සමග මෙම සැලසුම පිළිබඳ තවත් බොහෝ දේ කිරීමට ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
එම වැඩපිළිවෙල සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත පොලීසිය ද ඉතා වැදගත් තැනක් ගන්නා බවද ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කළේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
විදෙස්ගතව සිට දකුණු ඔස්ට්‍රේලියාවට නැවත පැමිණෙන ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට මෙම සැලැස්මෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බවද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall අවධාරණය කළේය.
දැනට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය විසින් සතිපතා අවසරදී ඇති දකුණු ඔස්ට්‍රේලියාවට නැවත පැමිණෙන ඔස්ට්‍රේලියානු ජාතිකයින්ගේ සංඛ්‍යාවට අමතරව මෙම ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සිදුවන බවද ඔහු පැවසුවේය.

Source: Getty Images
නිරෝධායන වියදම් ගෙවිය යුත්තේ කවුරුන්ද?
ඔස්ට්‍රේලියානු දේශ සීමා තවමත් වසා දමා ඇති බැවින් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් තම ගුවන් ගමන් සඳහා මෙන්ම නිරෝධායන කටයුතු සඳහා ද යන වියදම් තමන් විසින්ම දැරිය යුතු බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පවසයි.
දැනට විදෙස්ගතව සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන්ට අනුගමනය කරන පොදු නිරෝධායන නීති හා රෙගුලාසි මෙම ජාත්‍යන්තර සිසුන්ටද අදාළ වන බව සඳහන්.
මෙලෙස කොවිඩ් ආරක්ෂිතව ජාත්‍යන්තර සිසුන්ව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාන්තයේ විවිධ කර්මාන්ත කණ්ඩායම් විශාල සහයෝගයක් ලබා දුන් බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ වෙළඳ හා ආයෝජන අමාත්‍ය Stephen Patterson පැවසීය.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස්ද මෙම සැලැස්ම නිර්මාණය කිරීමේදී දායක කරගත් බව ඔහු ප්‍රකාශ කළේය.
මෙලෙස පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ව නිරෝධායනය කිරීම සඳහා Parafield හි පිහිටි Flight Training Adelaide කලාපය යොදාගැනීමට දකුණු ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදුන් බවද ප්‍රාන්ත රජයේ වෙළඳ හා ආයෝජන අමාත්‍ය Stephen Patterson පැවසීය.
ඒ අනුව එම මධ්‍යස්ථානයේ එකවර සිසුන් 160 කට නිරෝධායන පහසුකම් සැලසිය හැකි බව සඳහන්.