අවසානයේ ගෝඨාභයගේ ඉල්ලා අස්වීම කතා නායක නිල වශයෙන් නිවේදනය කරයි

Sri Lanka's embattled President Gotabaya Rajapaksa landed in the neighbouring Maldives Wednesday, local officials said.

Gotabaya Rajapaksa Source: Getty / Andy Buchanan

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කතා නායක මහින්ද යාපා අබේවර්ධන නිල වශයෙන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (ජූලි 15) පෙරවරු 9.30 ට පමණ ප්‍රකාශයට පත් කෙරිණි

කථානායක නිල නිවසේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මෙම නිල නිවේදනය සිදු කර තිබේ.

ඒ අනුව 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ.
Gotabaya Rajapaksa has resigned
Source: Supplied


මේ සමග වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා මෙම ඉල්ලා අස්වීමේ ලිපිය කතා නායකවරයාට එවූ බව සඳහන්.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: Sri Lankan Media

Share this with family and friends