සරණාගත භාවය පිණිස ඔස්ට්‍රේලියාවේ සිට අයදුම් කරන Onshore Protection වීසා හෙවත් 866 වීසා සඳහා ශ්‍රී ලාංකිකයින් විසින් යොමු කරන ලද අයදුම්පත් සියල්ලම ප්‍රතික්ෂේප වී තිබේ.
2022 නොවැම්බර් මාසයේදී Onshore Protection වීසා පිළිබඳ වාර්තාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ බව දන්වා සිටියේය.
LISTEN TO

සරණාගත වීසා ලබා දීමේදී ඔස්ට්‍රේලියාව සලකා බලන මානුෂීය පසුබිම් සහ නිර්ණායක මෙන්ම ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ලාභීන්ට හිමිවන අයිතිවාසිකම් මොනවාද?
SBS Sinhala
10:18
ශ්‍රී ලාංකිකයින් විසින් ඔස්ට්‍රේලියාවේ සිට යොමු කළ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප වෙයි
ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුගේ සරණාගත භාවය පිණිස ඔස්ට්‍රේලියාවේ සිට අයදුම් කළ Onshore Protection වීසා හෙවත් 866 වීසා අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු ඔස්ට්‍රේලියාවේ සිට ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පිණිස 866 වීසා සඳහා අයදුම් කර ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නොවැම්බර් මාසයේදී මෙම වීසා සඳහා යොමු කළ මුළු අයදුම්පත් සංඛ්‍යාව 1,643 ක් ලෙස වාර්තා විය.
මැලේසියානු ජාතිකයින් විසින් යොමු කරන ලද Onshore Protection වීසා අයදුම්පත් 333 ක් ප්‍රතික්ෂේප වීම නොවැම්බර් මාසයේදී ප්‍රතික්ෂේප වී වැඩිම Onshore Protection වීසා අයදුම්පත් සංඛ්‍යාව ලෙස වාර්තා වේ.
චීන ජාතිකයින් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් 223 ක්ද ඉන්දුනීසියානු ජාතිකයින් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් 155 ක්ද ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසුවෙයි.
LISTEN TO

ඉතිහාස වාර්තාවක් තබමින් ඔස්ට්‍රේලියාවේ PR එක දෙන්න දෙසැම්බර් මාසයේ ආරාධනා පත්‍ර 35,000 ක් නිකුත් කෙරේ
SBS Sinhala
02:35
Protection හෙවත් 866 වීසා
මෙය වලංගු වීසා බලපත්‍රයක් මත ඔස්ට්‍රේලියාවට පැමිණි ඔස්ට්‍රේලියාවේ රැකවරණය ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා ලබාදෙන වීසා බලපත්‍රයකි.
ඔබ ඔස්ට්‍රේලියාවේ ආරක්‍ෂක වගකීම්වලට අනුකූල වන්නේ නම් සහ මෙම වීසා ප්‍රදානය සඳහා අවශ්‍ය අනෙකුත් සියලුම අවශ්‍යතා සපුරාලන්නේ නම් මෙය පිරිනැමේ.
මෙම වීසා බලපත්‍රය මත ඔබට ස්ථිරවම ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට, රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ offshore Humanitarian වැඩසටහන හරහා මෙම වීසා ලාභීන්ට තම පවුලේ උදවියට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අනුග්‍රහය දැක්වීමට ද අවස්ථාව ලබාදේ.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා පිරිනමන ප්‍රාන්ත සහ ටෙරිටරි වීසා කෝටාවන් ඉහළ දමයි, නවතම විස්තරේ මෙන්න
SBS Sinhala
02:32
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරයකින් තොරව ඔබට ඔබ සිටි රටට ආපසු ඇතුළුවීමට අවසර නැත.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලිඛිත අනුමැතියකින් තොරව ඔබ එම රටට ගියහොත් ඔබගේ වීසා බලපත්‍රය අවලංගු කළ හැකිය.
දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඔබට වෙනත් ඕනෑම රටකට ගමන් කළ හැකිය.