සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක නොවැම්බර් 6 වැනිදා සිඩ්නිහිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ දක්වා රැඳවුම් භාරයේ පසුවිය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සිඩ්නි නුවර කාන්තාවක් විසින් කරන ලද ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ලිංගික අපරාධ මර්දන ඒකකයේ රහස් පරීක්ෂකයින් විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනුණු අතර ඒ සම්බන්ධ චෝදනා 4 ක් ඔහුට එරෙහිව ගොනු කර තිබේ.
දින 11ක් පොලිස් රැඳවුම් භාරයේ සිටි ඔහුට අද Downing Centre ප්‍රාදේශීය අධිකරණයේ පැවති නඩු විභාගයකින් පසු ඇප නියම විය.
ඔහුට නියම කරන ලද ඇප මුදල ඩොලර් 200,000 ක් බවත් එයින් ඩොලර් 50,000ක් ඔහු විසින් සහ සෙසු ඩොලර් 150,000 මෙල්බර්න් කාන්තාවක් විසින් ලබාදී ඇති බවද වාර්තා වේ.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ ගොඩගැසුණු වීසා අයදුම්පත් ගැන ආගමන ඇමති ලබාදුන් නවතම පණිවිඩය මෙන්න
SBS Sinhala
02:46
ඇප ලබාදුන් කොන්දේසි
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදී ඇත්තේ පහත සඳහන් කොන්දේසිවලට යටත් බව වාර්තා වේ.
- දිනපතා Eastwood පොලිස් ස්ථානයට වාර්තා කළ යුතුය.
- දිනපතා රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා සංචරණ තහනමකට යටත් විය යුතුය.
- ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතුය.
- Tinder හෝ කුමන වර්ගයේ හෝ dating app එකක් භාවිත කළ නොහැකිය.
- සමාජ මාධ්‍ය ජාලා වෙත ප්‍රවේශ විය හැක්කේ නීතිමය නියෝජිතයෙකු ඉදිරියේ පමණි.
මහේස්ත්‍රාත්වරියගේ ප්‍රකාශය
ධනුෂ්කට ඔහුගේ කොන්දේසිවලට අනුකූල වීමට සැලකිය යුතු දිරිගැන්වීමක් ඇති බව ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත් Janet Wahlquist පැවසුවාය.
"ඔහුට ඇප ලබාදුනහොත් ඔහු විසින් වින්දිතයාගේ ආරක්ෂාව තවදුරටත් අනතුරේ හෙළන බවට මට ඇඟවෙන කිසිවක් නැහැ" යනුවෙන් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.
"ඔහු ඔස්ට්‍රේලියාවෙන් පිටවී යාමේ අවදානම ඉතා පැහැදිලිවම සැබෑ කරුණක්, ඇප ලබා දෙන්නේ නම් එය රටින් පැන පිටව යාමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමක්" ලෙසද ඇය ප්‍රකාශ කළාය.
ධනුෂ්කට ඇප දීමට පොලිසිය විරුද්ධ වෙයි
ධනුෂ්ක ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමේ බරපතල අවදානමක් ඇති බවට තර්ක කරමින් පොලිසියේ Kerry-An McKinnon අද අධිකරණයේදී ධනුෂ්කට ඇප දීමට විරුද්ධ වුවාය.
වින්දිතයාට සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලය හරහා හිරිහැර කර ඇති බව ද ඇය අධිකරණයට පැවසුවාය
දිගින් දිගටම සිදුවන හිරිහැර හේතුවෙන් ඇයට ඇයගේ සියලුම සමාජ මාධ්‍ය ජාලා වසා දැමීමට සිදුවී ඇති බවද Kerry-An McKinnon පැවසුවාය.
ඇගේ අනන්‍යතාවය යටපත් කර ඇතත් එය බාහිර සමාජය මේ වන විටත් දැනගෙන ඇති බවද McKinnon සඳහන් කළාය.
ධනුෂ්කගේ නීතීඥයින් ඔහුගේ ක්‍රීඩා කීර්තිය සහ මෙම නඩුවට ඇති මාධ්‍ය ප්‍රසිද්ධත්වය පෙන්වා දෙමින් තම සේවාදායකයාට ඔස්ට්‍රේලියාවෙන් පලා යා හැකි බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ධනුෂ්කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් සහය ලැබෙන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ විය.
අධිකරණය එහිදී ධනුෂ්ක ගුණතිලකගෙන් කරුණු විමසා ඇති අතර අදාළ කාන්තාව නොවැම්බර් 2 වැනිදා හමුවීම සඳහා එකඟ වීමට පෙර ඔක්තෝබර් 29 වැනිදා dating app එකක් හරහා ඔවුන් හඳුනාගෙන ඇති බවට තහවුරු විය.
දෙදෙනා අදාළ කාන්තාවගේ නිවසට යාමට පෙර සිඩ්නි නගරයේ අවන්හලකදී ආහාර පාන ගත් බවට පොලිසිය පවසයි.
අදාළ කාන්තාවට කිහිප වතාවක්ම ලිංගික අතවර කළ බවට අධිකරණයේදී ඇයගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
සිද්ධිය අතරතුර ඔහු බලහත්කාරයෙන් කාන්තාවගේ හුස්ම හිර කර ඇති බවත්, එබැවින් ඇය එක් අවස්ථාවක “තම ජීවිතය ගැන බිය වූ” බවත් අධිකරණයට පවසා ඇති බව අධිකරණ ලේඛන පවසයී.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි දෙවැනි ඇප ඉල්ලීමද නොවැම්බර් 07 වනදා ප්‍රතික්ෂේප වීමෙන් පසුව මෙලෙස අද (නොවැම්බර් 17) ඔහුට ඇප නියම කර ඇත.