කොරෝනා වයිරසයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු මියයයි

Sri Lankan in Australia dies of the coronavirus

Source: Facebook/ Getty Images

කොරෝනා වයිරසය ආසාදනය වී ඔස්ට්‍රේලියාවේ දී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (05/04) වාර්තා විය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි මෙල්බර්න් නුවර පදිංචිව සිටි සුමිත් ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු පනස් දෙකෙහි පසු විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කර කළ ඔහු පසුව ඔස්ට්‍රේලියාවේදී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී සිටි අයෙකු බවත් සඳහන්.


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends