උපන් රට අනුව ඔස්ට්‍රේලියාවේ එතෙර උපන් ජනගහනය ගණනය කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 10 වන ස්ථානයට පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මේ බව වාර්තා කර ඇත.
Highlights
- උපන් රට අනුව ඔස්ට්‍රේලියාවේ එතෙර උපන් ජනගහනය ගණනය කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිවේ.
- ඔස්ට්‍රේලියාවේ ජීවත්වන විදේශයන්හි උපන් විශාලතම පිරිසගේ උපන් රට බවට මෙවරත් එංගලන්තය පත්වී තිබේ.
- 2011 වසරෙන් පසු වැඩිම වර්ධනයක් සහිත ඔස්රේලියාවේ වෙසෙන විදේශයන්හි උපන් විශාලතම පිරිසගේ උපන් රටවල් 10 අතරටද ශ්‍රී ලංකාව පැමිණ තිබේ.
උපන් රට අනුව ඔස්ට්‍රේලියාවේ එතෙර උපන් ජනගහන ලැයිස්තුවේ ඉහළම රටවල 20
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන විදේශයන්හි උපන් විශාලතම පිරිසගේ උපන් රට බවට මෙවරත් එංගලන්තය පත්වී තිබේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරන පරිදි එම සංඛ්‍යාව 967,000 කි.
කෙසේ වෙතත්, එය වසර 2012 සිට 2016 දක්වා කාලය තුළ වාර්තා වූ මිලියනයකට වඩා අඩු වී ඇති බව සඳහන්.
ඉන්දියාවේ උපන් අය මෙම ලැයිස්තුවේ දෙවැනි විශාලතම කණ්ඩායම වූ අතර එය සංඛ්‍යාවක් ලෙස 710,000 කි.
නමුත් පසුගිය වසරට සාපේක්ෂව එම අගය පුද්ගලයින් 13,000 කින් අඩු වී තිබේ.
චීනය මෙහි 3 වන ස්ථානයට පත්ව ඇති අතර එම පිරිස 596,000 ක් බව වාර්තා වේ.
නමුත් පසුගිය වසරට සාපේක්ෂව ඔවුන්ගේ ද එම අගය පුද්ගලයින් 52,000 කින් අඩු වී තිබේ.
ශ්‍රී ලංකාව මෙහි 10 වන තැනට පත්ව ඇත්තේ පුද්ගලයින් 145,790 ක් සමගිනි.

Australia's overseas-born population by country of birth — Top 20 Source: ABS
2011 වසරෙන් පසු වැඩිම වර්ධනයක් සහිත විදේශයන්හි උපන් විශාලතම පිරිසගේ උපන් රටවල් 10
2011 වසරෙන් පසු වැඩිම වර්ධනයක් සහිත ඔස්රේලියාවේ වෙසෙන විදේශයන්හි උපන් විශාලතම පිරිසගේ උපන් රටවල් 10 අතරටද ශ්‍රී ලංකාව පැමිණ තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාව 7 වැනි තැනට පත්ව තිබේ.
2011 වසරේදී ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයින් ප්‍රමාණය 99,740 ක් වූ අතර 2016 එය 124,500 ක් විය.
වසර 2021 දී ශ්‍රී ලංකාවේ උපන් පුද්ගලයින් 145,790 ක් ඔස්ට්‍රේලියාවේ වාසය කරන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වාර්තා කරයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මෙම ලැයිස්තුවේ පළමුවට සිටින්නේ ඉන්දියාව වන අතර දෙවැනි ස්ථානය චීනයට හිමිවී තිබේ.
පිලිපීනය 3 වන ස්ථානයටත් සිව්වන ස්ථානයට නෙපාලයත් පස්වන ස්ථානයට පාකිස්තානයත් මෙහිදී තේරී පත්වී ඇත.

Australia's overseas-born population — Top 10 countries of birth by largest increase since 2011 Source: ABS
විදෙස් රටවල උපත ලද ඔස්ට්‍රේලියාවේ ජනගහනය
වසර 2021 දී ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 29.1% ක් විදේශයන්හි උපත ලබා ඇත.
2020 වසරේදී එම ප්‍රතිශතය 29.8% ක් වූ අතර ඒ අනුව එය 0.7% කින් පහත බැස තිබේ.
2021 දී ඔස්ට්‍රේලියාවේ පදිංචි මිලියන 7.5 ක ජනතාවක් විදේශයන්හි උපත ලබා ඇති බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වාර්තා කරයි.
විදේශයන්හි උපත ලද විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන පළමු ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියාව වාර්තා වන අතර එය ප්‍රතිශතයක් ලෙස 35% කි.
එම ලයිස්තුවේ දෙවැනියා වික්ටෝරියා ප්‍රාන්තය වන අතර එම ප්‍රතිශතය 31% කි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජීවත් වන වැසියන්ගෙන් 30% ක් විදෙස් රටක උපත ලැබූ අය බව සඳහන්.
ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරිවල විදෙස් රටක උපත ලැබූ ජනගහන ප්‍රතිශත පහත පරිදි වේ.
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 35%
- වික්ටෝරියා ප්‍රාන්තය - 31%
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 30%
- Australian Capital Territory - 28%
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 24%
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 24%
- Northern Territory - 23%
- ටස්මේනියා ප්‍රාන්තය - 13%
Read and Listen More

COVID 19 update 28 April: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 44 ක්