සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් එක් දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබේ.
LISTEN TO

කෙනෙකු තම ජිවන ඉලක්ක සාර්ථක කර ගනිද්දී තව කෙනෙකු අසාර්ථක වන්නේ ඇයි? නව වසරේ හිතන්නට යමක් SBS සිංහල වෙතින්
SBS Sinhala
01/01/202418:25
ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙන් ද සමුගන්නා බවට එලෙස නිවේදනය කළේ සිය අවසන් ටෙස්ට් තරගයට දින තුනකට පෙරවීම විශේෂත්වයක්. මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියා - පකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟයෙන් අනතුරුව තමා ටෙස්ට් තරඟ පිටියෙන් ද සමුගන්නා බවට වෝනර් මිට පෙර නිවේදනය කොට තිබිණ.
ඒ අනුව ඩේවිඩ් වෝනර් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය ජනවාරි 3 වනදා පකිස්තානයට එරෙහිව සිඩ්නිහි ආරම්භවීමට නියමිතයි.
වොනර්ගේ මේ සමුගැනීමේ තීරණයෙන් අනතුරුව ඉදිරියේදී ඔහු ඕස්ට්‍රේලියානු T 20 තරඟ වලට පමණක් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇත.
එක්දින පිටියෙන් ඉවත්වී ලීග් ක්‍රිකට් තරගවලට වැඩි අවස්ථාවක් ලබාදීමට තමන් අපේක්‍ෂා කරන බවද ඩේවිඩ් වෝනර් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
LISTEN TO

මේ උත්සව සමයේදී ඔබත් භාණ්ඩ මිලදී ගත්තාද? ඕස්ට්‍රේලියාවේදී පාරිභෝගිකයකු ලෙස ඔබට තිබෙන අයිතිවාසිකම් මෙන්න
SBS Sinhala
29/12/202305:12