ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ටස්මේනියා ප්‍රාන්තය කැමැත්ත පල කරයි (SBS සිංහල/ වාර්තා)

ටස්මේනියා ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙළද කටයුතු පුළුල් කිරීමේදී බලශක්ති, අධ්‍යාපනය, සංචාරක කර්මන්තය සහ අහාර නිෂ්පාදන යන කේෂ්ත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සදහන්.

Premier of Tasmania, Will Hodgman and Matthew Groom, Tasmanian Minister for State Growth with Prime Minister Ranil Wickremesinghe

Source: DailynewsLk

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින වෙළද සබදතා පුළුල් කිරීමට ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්ත රජයේ අවධානය යොමුව ඇති අතර, මේ පිලිබදව සාකච්චා කිරීමේ අරමුණෙන්   ටස්මේනියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Will Hodgman ඇතුළු ඕස්ට්‍රේලියානු දුත පිරිසක් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දින 10ක සංචාරයක නිරත වන බව වාර්තා වෙයි. මේ යටතේ පසුගියදා ටස්මේනියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Will Hodgman මහතා ඇතුළු ටස්මේනියා ප්‍රාන්තයේ අමාත්‍ය වරු පිරිසක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්චා පැවැත්වූ බව සදහන්.
ටස්මේනියා  ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙළද කටයුතු පුළුල් කිරීමේදී බලශක්ති, අධ්‍යාපනය, සංචාරක කර්මන්තය සහ අහාර නිෂ්පාදන යන කේෂ්ත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සදහන්. දැනට ටස්මේනියා  ප්‍රාන්තයේ නිෂ්පාදන මිලදී ගන්නා  රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණේ සිටින අතර ශ්‍රී ලංකාව 2014-2015 වසර තුල ඩොලර් මිලියන 33 කට අධික වටිනාකමකින් යුත් නිෂ්පාදන එම ප්‍රාන්තයෙන් ආනයනය කර ඇති බව වාර්තා සදහන් කරයි. මේ අතරින් වැඩි ප්‍රමාණයක් කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන බව සදහන්.

ටස්මේනියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය වරයා සමග මෙම සංචාරයට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රිකී  පොන්ටිං ද එක්ව සිටින අතර ශ්‍රී ලංකාව සහ ටස්මේනියා  ප්‍රාන්තය අතර ක්‍රිකට් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබදවද මෙහිදී සාකච්චා පවත්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ සහ ටස්මේනියා ප්‍රාන්තයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගී කරවා ගනිමින් පුහුණු තරග පැවැත්වීම පිලිබදව මෙහිදී අවධානය යොමු වී ඇති බව සදහන්.

මීට  අමතරව ප්‍රාන්තය තුල දුරකථන මධ්‍යස්ථාන (Call  Centers ) ආරම්භ කිරීම සදහා විවිධ සමාගම් වලට අවස්ථාව ලබාදීමට ටස්මේනියා  ප්‍රාන්ත රජයේ අවධානය යොමුව ඇති අතර, ඒ යටතේ ඉන්දියානු Sutherland  නම් සමාගම සමාගම සමග Will  Hondgman  මහතා සාකච්චා පැවැත්වීමට නියමිතයි. Vodafone, M 2 සහ Vocus  යන සමාගම් මේ වන විටත් ටස්මේනියා  ප්‍රාන්තයේ තම දුරකථන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති අතර, ප්‍රාන්ත රජය මගින් ඒ සදහා එම සමාගම් වල මුල්‍ය සහන රැසක් ලබා දෙන බව සදහන්. රැකියා අවස්ථා 1500ක් ලබාදීමට Vodafone  සමග මෙහිදී එකග වී තිබුනත්, මේ වනතෙක් ඔවුන් රැකියා අවස්ථා ලබාදී ඇත්තේ 850කට බව සදහන්. කෙසේ නමුත් ප්‍රාන්තය තුල තවත් රැකියා අවස්ථා වර්ධනයට මෙවැනි ව්‍යාපාර සදහා අවස්ථාව ලබාදීමට ටස්මේනියා  ප්‍රාන්ත රජයේ අවධානය යොමුව තිබේ.

80 දශකයේ ටස්මේනියා  ප්‍රාන්තය චීනය සමග වෙළද සබදතා ආරම්භ කල විට එම ප්‍රාන්තයේ වෙළද කටයුතු සීග්‍රයෙන් වර්ධනය වූ බවත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග වෙළද කටයුතු පුළුල් කිරීමෙන්ද ප්‍රාන්තයේ වෙළද කටයුතු සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇතැයි  තමන් විශ්වාෂ කරන බවත්  ටස්මේනියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Will Hodgman මහතා මෙහිදී ප්‍රකාශ කළේය.


Share
Published 13 September 2016 7:30am
Updated 13 September 2016 8:06am
By Sanjaya Dissanayake


Share this with family and friends