ඔස්ට්‍රේලියාවේ ඉදිරි වසර පහ තුළ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා 10 නම් කරයි (SBS සිංහල/ වාර්තා)

බොහෝ සේවා ස්ථානවල පවතින රැකියා පුරප්පාඩු තවදුරටත් පුරවා ගැනීම සඳහා ඉදිරි වසර දෙක තුළ සංක්‍රමණ කෝටාව 200,000 දක්වා ඉහළ නැංවීමට ව්‍යාපාරික කණ්ඩායම් සහ වෘත්තීය සමිති යන දෙඅංශයම මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.

A three-split image of a chef, a construction worker and a nurse.

As debate over how to address Australia's skills shortage continues, these are the top 10 jobs in need of workers. Source: AAP, Getty

Key Points
  • ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොළේ ඇති රැකියා පුරප්පාඩු සහ ඉල්ලුම සලකා බලමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියාවේ ඉදිරි වසර පහ තුළ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා 10 නම් කර තිබේ.
  • 2022-23 මුල්‍ය වර්ෂය උදෙසා ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණය හෙවත් ස්ථිර වීසා ලබාදීමේ කෝටාව 160,000 කි.
  • ලබන වසරේ, ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් පවතින විවිධ skilled වීසා බලපත්‍ර හතකින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔස්ට්‍රේලියාව දිගුකාලීන පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයකට මුහුණ දී සිටින අතර ඊට එරෙහිව සටන් වදිමින් සිටියි.

මේ අතර රටේ පුහුණු ශ්‍රමිකයන්ගේ අර්බුදය විසඳීම සඳහා හොඳම ප්‍රවේශය සංක්‍රමණය බව ඇතැම් පිරිස් පවසන අතර මෙයට එකම විසඳුම සංක්‍රමණිකයින් පමණක් දැයි විශේෂඥයෝ අසති.

මේ අතර දැනට ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොළේ ඇති රැකියා පුරප්පාඩු සහ ඉල්ලුම සලකා බලමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියාවේ ඉදිරි වසර පහ තුළ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා 10 නම් කර තිබේ.


මෙම ලැයිස්තුව සැප්තැම්බර් 1 සහ 2 දිනවල කැන්බරා නුවරදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා සමුළුවට පෙර නිකුත් කිරීම කැපී පෙනෙන සිදුවීමකි.

ඒ හරහා අදාළ රැකියා සඳහා පුරප්පාඩු පුරවා ගැනීමේ ඉලක්කය වෙත ගමන් ඇරඹීමට මධ්‍යම රජය අපේක්ෂා කරයි.

ඔස්ට්‍රේලියාවේ ඉදිරි වසර පහ තුළ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා 10

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Skill Priority List හෙවත් නිපුණතා ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව ඔස්ට්‍රේලියාවේ ඉදිරි වසර පහ තුළ ඉහළම ඉල්ලුමක් ඇති රැකියා 10 පහත පරිදි වේ.

  1. Construction managers
  2. Civil engineering professionals
  3. Early childhood teachers
  4. Registered nurses
  5. ICT (information and communications technology) business and systems analysts
  6. Software and applications programmers
  7. Electricians
  8. Chefs
  9. Child carers
  10. Aged and disability carers
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————


දේශීය වශයෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයින් ඒ ඒ රැකියා සඳහා පුහුණු කිරීම සහ විවිධ කර්මාන්තවල පුරප්පාඩු පිරවීම සඳහා පුහුණු ශ්‍රමිකයින්ගේ සංක්‍රමණය භාවිතා කිරීම යන දෙකෙහිම දිගු ඉතිහාසයක් ඔස්ට්‍රේලියාවට ඇති බවත් එය බොහෝ දුරට සැපයුම සහ ඉල්ලුම මත රඳා පවතින බවත් බටහිර ඔස්ට්‍රේලියාවේ Edith Cowan විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්වය සහ නවෝත්පාදන පිළිබඳ මහාචාර්ය Pi-Shen Seet පවසයි.
Chef in Kitchen near stove
Chefs are among the top 10 jobs in need of filling in Australia. Source: Getty / James Braund

පුහුණු ශ්‍රමිකයින්ගේ සංක්‍රමණ කෝටාව

2022-23 මුල්‍ය වර්ෂය උදෙසා ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණය හෙවත් ස්ථිර වීසා ලබාදීමේ කෝටාව 160,000 කි.

2021-22 මුල්‍ය වර්ෂයේදී ද මේ සඳහා එම ප්‍රමාණයම වෙන් කර තිබුණු නමුත් මෙවර පුහුණු ශ්‍රමිකයින් හට වැඩි ස්ථිර වීසා ප්‍රමාණයක් ලබා දීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ, ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් පවතින විවිධ skilled වීසා බලපත්‍ර හතකින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නමුත් බොහෝ සේවා ස්ථානවල පවතින රැකියා පුරප්පාඩු තවදුරටත් පුරවා ගැනීම සඳහා ඉදිරි වසර දෙක තුළ සංක්‍රමණ කෝටාව 200,000 දක්වා ඉහළ නැංවීමට ව්‍යාපාරික කණ්ඩායම් සහ වෘත්තීය සමිති යන දෙඅංශයම මධ්‍යම රජයෙන් ඉල්ලා තිබේ.

LISTEN TO
sinhala_180822_State_Allocations.mp3 image

ඔස්ට්‍රේලියාවේ නවතම සංක්‍රමණික කෝටාවත් සමග PR ගන්න පහසුම ප්‍රාන්ත හා ටෙරිටරි මෙන්න

SBS Sinhala

04:02

නියෝජ්‍ය අගමැති Richard Marles සංක්‍රමණ මට්ටම් යථා තත්ත්වයට පත් කිරීමට සහාය දෙන නමුත් එය රැකියා පුරප්පාඩු අර්බුද ඇති කර්මාන්තවල ඇති සියලුම ගැටලු විසඳනු ඇතැයි තමා විශ්වාස නොකරන බව පැවසීය.

ඔස්ට්‍රේලියානුවැසියන් හට ඒ ඒ රැකියා ක්ෂේත්‍ර සඳහා සැලකිය යුතු පුහුණුවක් ලබා නොදීම ද මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව ඔහු පැවසීය.

විදුලි කාර්මික ආධුනිකයින්ගෙන් 52% ක් පමණක් තම සුදුසුකම් සම්පූර්ණ කර ඇති බව විදුලි වෘත්තීය සමිතිය විසින් සිදු කරන ලද නව සමීක්ෂණයකින් හෙළි වීමෙන් පසුව නියෝජ්‍ය අගමැතිවරයා මෙම අදහස පළ කළේය.

විදුලි කාර්මික ආධුනිකයින්ගෙන් තුනෙන් එකකට වඩා එහිදී ඉවත් වී ඇති බවද සඳහන්.

දේශීය ජනතාවට ලබාදෙන රැකියා පුහුණුව ප්‍රයෝජනවත් වන නමුත් පුරප්පාඩු පිරවීමට අවශ්‍ය රැකියා භාර ගැනීමට කැමති අය සෑම විටම ඔස්ට්‍රේලියාවේ නොසිටින අතර එමඟින් රටේ ශ්‍රම හිඟ ගැටලුව සංකීර්ණ වී ඇති බව මහාචාර්ය Pi-Shen Seet පවසයි.

Share
Published 25 August 2022 7:28am
By Rayane Tamer, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends