එළඹෙන ජූලි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ First Home Guarantee වැඩසටහනේ වෙනස්කම් යටතේ අමතර ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීමට උපකාර ලැබෙනු ඇත.
මෙම වැඩසටහන යටතේ, ෆෙඩරල් රජය ඇපකරුවෙකු ලෙස ක්‍රියා කරන අතර එමඟින් අදාළ පුද්ගලයින්ට 5% ක් වැනි අඩු තැන්පතුවක් සහිතව නිවසක් මිලදී ගැනීමට සහ මිල අධික lender's mortgage රක්ෂණය ගෙවීමෙන් වැළකී සිටීමට ඉඩ සලසයි.
මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?
First Home Guarantee වැඩසටහන මීට පෙර විවාහක හෝ එකට ජීවත්වන යුවලවලට කුඩා ප්‍රමාණයේ මුදල් තැන්පතුවක් තබා නිවසක් මිලදී ගැනීමට ඉඩ ලබා දුන්නේය.
නමුත් ජූලි 01 සිට ඊට අමතරව පුද්ගලයන් දෙදෙනෙකු එම ඛාණ්ඩයට ඇතුළත් කිරීමට නිර්ණායක පුළුල් කෙරෙනු ඇත.
ඒ අනුව මිතුරන් දෙදෙනෙකුට, දෙමාපියෙකු සහ දරුවෙකුට හෝ සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට එක්ව කුඩා ප්‍රමාණයේ මුදල් තැන්පතුවක් තබා නිවසක් මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම වැඩසටහන කාලයත් සමග වෙනස් විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නිවාස අමාත්‍ය Julie Collins පැවසුවාය.
මූල්‍ය දුෂ්කරතාවයට පත් වූවන්ට උපකාර කිරීමේ අරමුණින්, කලින් නිවසක් තිබු නමුත් පසුගිය වසර 10 තුළ තමන් සතුව නිවසක් නොතිබූ පුද්ගලයින් ද මේ සඳහා සුදුසුකම් ලබයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියානු පුරවැසියන් මෙන්ම ඔස්ට්‍රලියාවේ ස්ථිර පදිංචිකරුවන්ද මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබන බව මධ්‍යම රජය නිවේදනය කරයි.
සමස්තයක් වශයෙන්, සෑම වසරකම පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා අවස්ථා 35,000 ක් ලබා ගත හැකි අතර, regional first homebuyer guarantee සඳහා 10,000 ක් සහ family home guarantee සඳහා 5,000 ක් ඇත.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ විදුලිය හෝ ගෑස් බිලත් වැඩිද? බිල් අඩු කරගන්න ලේසිම ක්‍රමයක් විනාඩි 4 කින්
SBS Sinhala
04:25
First Home Guarantee සහ Family Home Guarantee නිවාස මිල සීමාවන්
Credit: Niluka Jayasundera
Regional First Home Buyer Guarantee නිවාස මිල සීමාවන්
Credit: Niluka Jayasundera