Key Points
- නවීන වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට සෑම වසරකම මිලියන ගණනක මුදල් අහිමි වේ.
- වංචාකරුවන් විශ්වාසදායක සන්නාම සහ ආයතන ලෙස පෙනී සිටියි.
- මේ වංචා වලට හසු නොවී සිටින ආකාරයයි මේ.
ඔස්ට්‍රේලියානුවන් අන් කවරදාටත් වඩා වැඩි වශයෙන් මුදලක් මූල්‍ය වංචාවන් වලට හසු වනු දක්නට ලැබේ.
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ (ACCC ) Scamwatch ආයතනට අනුව 2022 දී ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක් වංචාවන් නිසා අහිමි වී ඇති අතර, පුද්ගලික තොරතුරු වංචා, ව්‍යාජ බිල්පත් සහ අන්තර්ජාල සාප්පු සවාරි වංචාවන් මේ අතරෛන් බහුලව වාර්තා වේ.
ඔබ වංචාවට හසු නොවන බව සහතික වීමට නම්, ඔබ විසින් සොයා බැලිය යුතු කරුණු මෙහි ඉදිරිපත් කෙරේ.
මාර්ග ගාස්තු වංචා
වංචාකරුවන් Linkt වැනි මාර්ග ගාස්තු ක්‍රියාකරුවන් ලෙස පෙනී සිටිමින්, ප්‍රමාද වූ හෝ නොගෙවූ ගාස්තු ඇති බව කියමින් ජනතාවට කෙටි පණිවිඩ යවමින් සිටී.

Scam text messages like this warn recipients about unpaid toll fees. Source: SBS
මෙම වංචාවන් මගින් ඔබගේ පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු සොරකම් කිරීමට නිර්මාණය කර ඇති සත්‍ය යැයි ඒත්තු ගැන්වෙන නමුත් ව්‍යාජ වෙබ් අඩවියක් වෙත යොමු කරන සබැඳියක් ක්ලික් කිරීමට ඔබව යොමු කරනු ඇත.
"ඔබගේ මාර්ග ගාස්තු ගිණුම ගැන ඔබට ලැබී ඇති පණිවිඩයක් සත්‍ය දැයි ඔබට යම් සැකයක් ඇත්නම්, කිසිදු සබැඳියක් ක්ලික් නොකරන්න. පණිවිඩයේ ඇති තොරතුරු මත රඳා නොසිටින්න."
ACMA පැවසුවේ ගනුදෙනුකරුවන් ඒ වෙනුවට ඔවුන්ගේ ගිණුමට ලොග් විය යුතු බව හෝ ඔවුන්ගේ මෑත ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීමට අදාළ මාර්ග ගාස්තු සමාගමෙන් සත්‍යාපනය කළ යෙදුමක් භාවිතා කළ යුතු බවයි.
Uber වංචා
වංචාකරුවන් Uber ආයතනය ලෙස පෙනී සිටින අතර කෙටි පණිවුඩ යවා ඔබගෙන් මුදල් වංචා කිරීමට උත්සාහ කරයි.
Scamwatch ආයතනයට අනුව, ඔබගේ ගිණුමේ අසාමාන්‍ය ක්‍රියාකාරකමක් ඇති බවට හෝ ඔබගේ ගෙවීම අසාර්ථක වී ඇති බවට මෙම කෙටි පණිවිඩ මගින් දන්වනු ලැබේ.
එම කෙටි පණිවිඩ සියල්ලේම ඔබගේ විස්තර සොරකම් කරන වෙබ් අඩවියකට යොමු කරන සබැඳියක් අඩංගු වේ.
Scamwatch එවැනි පණිවිඩ ලබන්නන්ට උපදෙස් දෙන්නේ සබැඳිය ක්ලික් නොකර, ඒ වෙනුවට ඔබගේ Uber ජංගම දුරකථන යෙදුම හරහා ඔබගේ Uber ගිණුම පරීක්ෂා කරන ලෙසයි.
.
' Hi Mum' වංචා
Scamwatch ආයතනයට අනුව, පසුගිය වසරේ ප්‍රසිද්ධියට පත් වූ 'Hi Mum' පණිවිඩ වංචාව තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
ACCC හි සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ මෙම වංචාවේ සිද්ධීන් 11,000 කට වඩා වාර්තා වී ඇති අතර, එයින් ඩොලර් මිලියන 7.2 කට වැඩි පාඩුවක් සිදු වී තිබේ.
'Hi Mum' වංචාව වින්දිතයින් සාමාන්‍යයෙන් ඔවුන්ගේ දරුවන් ලෙස පෙනී සිටිමින් සයිබර් අපරාධකරුවන්ට මුදල් යැවීමට පොළඹවයි.
අපරාධකරුවන් සාමාන්‍යයෙන් තම දුරකථනය නැතිවූ හෝ නව අංකයක් ලබා ගත් මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ලෙස පෙනී සිටිමින් WhatsApp හෝ SMS හරහා පණිවිඩයක් යවයි.
එවිට වංචාකරුවන් ඔවුන්ගේ අන්තර්ජාල බැංකු පද්ධතියෙන් අගුලු දමා ඇති බව පවසන අතර, ඔවුන්ට මුදල් එවන ලෙස වින්දිතයාගෙන් ඉල්ලා සිටියි.
වංචාවේ විවිධ අනුවාද කිහිපයක් ඇත, නමුත් සියල්ල රඳා පවතින්නේ වින්දිතයින් අවශ්‍යතා ඇති ආදරණීයයෙකුට උපකාර කිරීමට කැමැත්තෙන් සිටීම මත ය.
ඔබට මෙවැනි පණිවිඩයක් ලැබෙන්නේ නම්, මුදල් යැවීමට පෙර එය ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙන් බව තහවුරු කර ගැනීමට ඔබේ ආදරණීය පුද්ගලයාට ඔවුන්ගේ සුපුරුදු දුරකථන අංකයට කතා කරන ලෙස Scamwatch ආයතනය විසින් උපදෙස් ලබා දී තිබේ.
myGov වංචා
Scamwatch ආයතනය විසින් පවසන පරිදි myGov ලෙස පෙනී සිටින පුද්ගලයින්ගේ වංචා පිළිබඳ වාර්තා ජනවාරි මාසයේදී සියයට 160 කින් ඉහළ ගොස් ඇති අතර, මෙහිදී වංචාකරුවන් ජනතාව රැවටීමට රජයේ සංවිධාන ලෙස පෙනී සිටියි.
ඕනෑම ආකාරයක මුදල් ආපසු ගෙවීමක් හෝ වට්ටමක් සඳහා සුදුසුකම් ලබා ඇති බව පවසමින් myGov වෙතින් ලැබෙන ඊමේල් සහ පණිවිඩ පිළිබඳව ජනතාව ප්‍රවේශම් විය යුතු බව Scamwatch ආයතනය පවසයි.
විද්‍යුත් තැපැල් පණිවිඩයක් හෝ කෙටි පණිවිඩයක ඇතුළත් (hyperlink) සබැඳියක් ක්ලික් කිරීමෙන් myGov වෙත ප්‍රවේශ වීමට සිදු නොකරන ලෙස Scamwatch අනතුරු අඟවා තිබේ.
ATO වංචා
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) වැනි රජයේ ආයතන ලෙස පෙනී සිටීමට වංචාකරුවන් සමාජ මාධ්‍ය භාවිතා කරයි.
ෆේස්බුක්, ට්විටර්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකා හරහා ATO සේවකයින් සහ ජ්‍යෙෂ්ඨ විධායක කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටින ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම්වල වැඩිවීමක් දක්නට ඇති බව ATO විසින් පසුගිය ජනවාරි මාසයේදී පෙන්වා දී තිබේ.
"මෙම ව්‍යාජ ගිණුම් ATO සමඟ සම්බන්ධ වන පුද්ගලයින්ගෙන් ඔවුන්ට සෘජු පණිවිඩයක් එවන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. එවිට ඔවුන්ට ඔවුන්ගේ විමසීම් සඳහා උදව් කළ හැකි බව වංචාකරුවන් පවසයි. මෙම ව්‍යාජ ගිණුම් පිටුපස සිටින පුද්ගලයින් දුරකථන අංක, ඊමේල් ලිපින සහ බැංකු ගිණුම් තොරතුරු ඇතුළු ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට මෙහිදී උත්සාහ කරයි."
කුලී වංචා
ඔස්ට්‍රේලියාව නිවාස අර්බුදයක් මැද සිටින විට, නිවසක් කුලියට ගැනීම සඳහා ඇති ඕනෑම අවස්ථාවක් ලබා ගැනීමට ජනතාව පෙළඹවිය හැකිය.
නමුත් ඔබේ අනාගත කුලී නිවස නීත්‍යානුකූල බවට කිසිදු සැකයක් නැතිවීමට නම් , මුදල් ගෙවීමට පෙර ඔබ එම දේපල පරීක්ෂා කිරීමට වග බලා ගත යුතු බවට Scamwatch ආයතනය උපදෙස් ලබා දේ.
වංචාකරුවන් සැබෑ කුලී නිවාස වෙළඳාම් කරන වෙබ් අඩවි වලින් ඡායාරූප සොරකම් කරන බැවින් එම දේපල ස්ථාන කිහිපයක ලැයිස්තුගත කර ඇත්දැයි පරීක්ෂා කිරීම සුදුසු බවද Scamwatch ආයතනය යෝජනා කරයි.
බර අඩු කිරීමේ ඖෂධ වංචා
Ozempic ඖෂධය සඳහා ඇති ඉල්ලුමෙන් ප්‍රයෝජන ගැනීමට වංචාකරුවන් උත්සාහ කරයි. එය දියවැඩියා රෝගීන් සඳහා ජීවිතාරක්ෂක ඖෂධයක් ලෙස පමණක් නොව, බර අඩු කර ගැනීම සඳහා ද ඇතැමුන් විසින් " නිර්දේශයෙන් තොරව " භාවිතා කරයි.
ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය නිෂ්පාදන නියාමක අධිකාරිය Therapeutic Goods Administration (TGA), විසින් පවසන්නේ online වෙළඳ පොලේ මෙම නිෂ්පාදනයන් ඇතැයි ව්‍යාජ ලෙස ජනතාව රවටා මිලදී ගැනීම සඳහා අන්තර්ජාලය හරහා පුද්ගලික තොරතුරු හෝ මුදල් ගෙවීම් තොරතුරු සොරා ගනී.
Ozempic වලට සමාන බව පවසා Semaglutide ඖෂධය වෙළඳාම් කරන ඇතැම් වෙබ් අඩවි ගැන විමර්ශනය කරන බව TGA ප්‍රකාශ කර තිබේ.
Ozempic ප්‍රචාරණය ඔස්ට්‍රේලියාවේ තහනම් කර ඇති අතර, TGA පවසන්නේ, වලංගු වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වට්ටෝරුවක් ඇතිව පමණක් මෙම ඖෂධ මිලදී ගැනීමට ජනතාව උත්සාහ කළ යුතු බවයි.
Semaglutide ලෙස වෙස්වලාගත් අනුමත නොකළ නිෂ්පාදන ඕස්ට්‍රේලියාවට ආනයනය කරන අතර දේශසීමා ආරක්ෂක හමුදාව විසින් ඒවා අත්අඩංගුවට ගනු ලැබේ.
අතිරේක වාර්තාකරණය Jessica Bahr, Stephanie Corsetti සහ Tom Canetti විසිනි.
වංචා වාර්තා කිරීමට සහ උපකාර ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර දැන ගැනීමට වෙත පිවිසෙන්න